ඔහු නිකන්ම රතුපස්වල වීරයෙකි



අප සිටින්නේ වීරයන් අවැසි සමාජයක. මේ මොහොතේ වීරයන්  ඕනෑ තරම් ඉන්නවා. වීරයෙක් වෙන එක ලේසියි. වීරයෙක් නැතිව අපටත් බැහැ. මොකක් හෝ ක්ෂේත‍්‍රයක වීරයෙක්් අනුයන්න අපි බලාගෙන ඉන්නවා.
 
දේශපාලනයේ, කලාවේ, සිනමාවේ වගේම ක‍්‍රීඩාවෙන් වීරයෝ බිහිවෙනවා. මාධ්‍ය හරහා ඒ වීරයන්ගේ ප‍්‍රතිරූප මවනවා. වීරයෝ ඉන්න තැන දුෂ්ටයොත්  ඕනෑමයි. දුෂ්ටයන්ගේ ප‍්‍රතිරූපය මවන්නෙත් මාධ්‍ය හරහාම තමයි.

දෙමළ මිනිසුන්ගේ වේදිකාව මතින් පැනනැඟුණු යුද්ධයක් විසින් අපේ සමාජයට වීරයන් සහ දුෂ්ඨයන් නිර්මාණය කරලා දුන්නා. රටම අප්පච්චි කෙනෙකුගේ ප‍්‍රතිරූපයකුත් අප්පච්චිගේ වීර මල්ලියෙකුත් රාජකීය පවුලකුත් මාධ්‍ය හරහා එළියට ආවා. මේ වීරයන්ගේ ප‍්‍රතිරූපය රකින්න රණවිරුවෝ කියලා අතුරු වීරයෝ ටිකක් සමාජගත වුණා. දුෂ්ටයොත් නිර්මාණය වුණා. ඒ අර රජ පවුලේ ආතල් කඩන අය.

මාතෘකාවට ආ යුතුයි. සටහන ලියැවෙන්නේ රජ පවුලේ අවසානය ගැනත් අලූතින් බිහිවුණු වීරයන් ගැනත් කියන්නට නෙවෙයි. මේ මාධ්‍ය වීරයන් හැරුණුකොට ඇත්ත සමජයේත් වීරයන් ඉන්න බව මතක් කරලා දෙන්නයි. ඒ වීරයන් විනාඩියෙන් විනාඩිය වෙළඳ දැන්වීම්වල පෙනී හිටින්නේ නැහැ. ඔහු ඔබ ගමනක් යන ති‍්‍රරෝද රියේ රියදුරා විය හැකියි. වැලිවේරිය දේවස්ථානය ඉදිරිපිටදී ත‍්‍රිරෝද රථයක් තුළ අපට වීරයෙක් මුණගැහුණා. මේ සටහන ඔහු වෙනුවෙන්.

සංගා ක්‍රීඩකයෙක් මහේල නායකයෙක්....

කුමාර් සංගක්කාර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම පහුගිය කාලයේ කතාබහේ ප්‍රධාන මාතෘකාව විය. ආණ්ඩුවේ ඇමති ධූර පොරයටත් වඩා මාධ්‍ය වල අවධානය දිනාගන්නට මේ අතිදක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයා සමත් විය. ඉතින් ජාතික ආණ්ඩු බයිලාවන් ගැන කතා කිරීම කාලයට බාර දී ලැබුණු විවේකයේදී මේ සංගා සිද්ධිය  ගැන යමක් ලියන්නට සිත්විය.

මම ක්‍රීඩාවට ප්‍රිය කරමි. ක්‍රිකට්, පාපන්දු සිට රෙස්ලින් දක්වා ක්‍රීඩාශීලීත්වය රසවිඳින්නට කැමැත්තෙමි. හැබැයි මතකතබාගත යුත්තකි. ක්‍රීඩා කිරීම සහ ක්‍රීඩාව රසවිඳීම පැහැදිලිවම දෙකකි. මම ක්‍රීඩා කරන්නට වැඩියෙන් ප්‍රිය කරන්නෙමි. (ඒ ගැන වෙනම ලියන්න ඕන. මම ලෝකෙ වඩාත්ම ප්‍රිය කරන්නේ තැන අංක අට ජර්සි එක ඇඳගෙන පාපන්දු ක්‍රීඩාංගනයක් මැද ඉන්න එක.) ක්‍රීඩාව රසවිඳීමත් මරු ය. දැන් කාලයේ ක්‍රීඩාව යනු වීරයන් සහ දුෂ්ඨයන් අවැසි ටීවී ෂෝ එකකි. ලංකාවත් සෙල්ලම් කරන නිසා ක්‍රිකට් මා වැඩියෙන්ම නරඹන ක්‍රීඩාවයි. (ඒත් මං කැමතිම පාකිස්ථාන් ක්‍රිකට් ටීම් එකට. පකිස්ථාන්ක්‍රීඩකයන්ගේ ඇසිවල පවා මාර විදියට ක්‍රීඩාශීලීත්වය තියෙනවා. රට ඇතුලෙත් පිටත් අභියෝග ගොඩක් මැද්දේ ඕනෑම ටීම් එකක් දණගස්සන්න පකිස්ථාන් කොල්ලන්ට පුලුවන්. ගොඩක් අය පකිස්ථානයට අකමැති වීමත් මං කැමති වෙන්න හේතුවක්.)


සංගා වෙතට ආ යුතුය.

බදුල්ලේ සමන්ත පරාදයි බං

ඡන්දය ඉවර වෙලා ටික දවසක් ගමටම වෙලා හිටියා. මිනිස්සු එක්ක කතාබහ කරමින්, ප්‍රථිඵලේ ගැන එකේක විග්‍රහ අසමින් හිටිය. මම බණ්ඩාරවෙල. බදුල්ල දිස්ත්‍රික්කේ.... අපේ පැත්තෙ නම් ඉතින් කතාබහ සමන්ත වද්‍යාරත්න පාර්ලිමේන්තු නොගිය එක ගැන තමයි.

යූඇන්පී ශ්‍රී ලංකා හැමෝම සමන්ත පරාද වීම ගැන දුක් වෙනවා. සමන්ත පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කෙනෙක් කියලා... මට ඉතින් ඕව අහද්දී මතක් වෙනවා හොඳට. සමන්ත ඇතුලේ ඉන්න ඕන නං ඡන්දෙ දුන්නෙ නැත්තෙ ඇයිබං?

මතක තියාගන්න මහින්ද එළවන්න පුළුවන් වුණේ බදුල්ලේ මිනිස්සු නිසා. ඌව ඡන්දෙදී බදුල්ලෙන් තමා මහින්ද පරද්දන්න පුළුවන් කියන සංඥාව එන්නත් කළේ. ඒ සංඥාව නිසා තමයි තමන්ට වෙච්ච පෞද්ගලික කෙනෙහෙළිකම් නිසා අවුලෙන් හිටපු මෛත්‍රී එළියට බහින්න ඩීල් එක දැම්මේ.බදුල්ලේ ප්‍රථිපලේ ගැන පොඩ්ඩක් කතා කරන්න ඕන.

අපි විකුණුවා, රතුපස්වල රාජපක්ෂලාගේ දඩබිම....

රතුපස්වල ගැන අපි ආයෙමත් කතා කරන්න පටන් ගත්තා. සමහර අයට රතුපස්වල ප්‍රශ්ණය අතීතයක් වෙන්න පුළුවන්. රතුපස්වල ලොකු ඛේදවාචකයක් වුණා, දැන් ඒක කාලයත් එක්ක ගෙවිලා ගිහින් කියලා හිතන්න පුළුවන්.

ඒත් ඇත්තටම රතුපස්වල ප්‍රශ්ණ තාමත් තියෙනවා.

පුරවැසි බලයත්, වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විදියට අපිත් රතුපස්වලට ගියේ තවමත් නොවිසඳුණු රතුපස්වල ගැටලු වලට විසඳුම් ලබාගන්නට සූදානම් වෙන රතුපස්වල සහෝදර මිනිසුන්ව දිරිගැන්වීම සඳහා.

මට වැරදුණා මං යනව.....

දේශපාලනය.. දේශපාලනය ගැන කොතරම් ලිව්වත් හිතට සහනයක් දැනෙන්න නම් විදියක් නෑ. මොන විදියකට දේශපාලනයට සම්බන්ධ වුණත් දැනෙන්නේ අවුලක්ම විතරයි. බලාපොරොත්තු නෑ. 

දැන් මහ වරදකාර හැඟීමක් එක්ක කොහේහරි යන්න හිතෙනවා. මූණ දෙන්න බැරිව කාටවත්. මගේ අතින් වුණ බරපතළ වැරැද්දක් නිසා. මේ ඉන්න තැන එක්ක පුංචි වැරැද්දක් අපි අතින් වුණත් බරපතළ විදියට ගෙවන්න සිද්ධ වෙනවා. වැරදි වලින් අපි ඉගෙනගත්තත් එකක් ඉගෙනගනිද්දී බරපතළ විදියට අපට ගෙවන්න සිද්ධ වෙනවා. ගෙවීම කරන්නේ අපි නෙවෙයි වෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. ( මා කරපු වැරැද්දත් එක්ක මම ලියනවා. මේක කාටවත් නොතේරෙන අණ්ඩර සිංහලයක් වෙන්න පුළුවන්. ඉන්න තේරෙන තැනකට ගේන්න.)

ඊයේ පෙරේදා දවසක ලක්ෂාන් මධුරංගගේ කවි පොත එළිදක්වන උත්සවේදී විමල් කැටිපෙආරච්චි අයියා කළ කතාව මතක් වෙනවා.එතැනට එන්න පුළුවන්. (මම මෙතැනින් එහාට තැනින් තැන උපුටාගෙන හයිලයට් කරන්නේ කැටපෙ අයියාගේ කතාවේ කොටස්. සම්පූර්ණ කතාව මෙතැනින්)

අඩෝ රනිල, පොලිසිය එක්ක පිස්සු කෙළින්න එපා....


ප්රජාතන්ත්රවාදය හා යහපාලනය මාස හයකින් උදා වී ඇතැයි අගමැති රනිල් සහ ඇමතිවරුන් තැන් තැන් වල කියමින් යයි. පොලිසියත් ස්වාධීන වී ඇතැයි ජෝන් වැල් ජෝන්ලා කියමින් යයි. මෑත දිනයක හමුවූ කොළඹ පැත්තේ පොලිස් නිලධාරියෙක්ද කීවේ පෙර තිබුණාට වඩා දැන් නිදහසක් තිබෙන බවයි. මෙය සාපේක්ෂව අල්ලා ගත්තේ නැතිනම් තව ටික කළෙකින් යූඇන්පී ආණ්ඩුව ස්ථාවර වූ පසු අපට සිදු වන්නේ නැවතත් අර නිදහස නැතැයි කියමින් දුක් වන්නටය.
ප්රධාන පක්ෂ දෙක අනෙකාගේ වැරදි මාරුවෙන් මාරුවට පෙන්වමින් වසර හැටහතක් ලංකාව පාලනය කොට තිබේ. ඔවුන් උදා කළ ප්රජාතන්ත්රවාදයක් නැත. අප ලබා ගත යුත්තක් මිස ඔවුන් උදා කර දෙන්නක් නොවේ ප්රජාතන්ත්රවාදය.
 අප මහින්ද විරෝධී නිසා රනිල්වාදී වුවහොත් වන්නේ ඉඟුරු දී ඉඟුරුම හෝ මිරිස් ගත්තා වීමය. (දැන් වෙලාවේ හැටියට නම් රනිල් මහින්දට වඩා සිය ගුණයක් හොඳයි. වැඩේ කියන්නේ සාමන්ය පාලකයෙක්ට වඩා මහින්ද දහස් ගුණයක් නරක වීම. එතකොට රනිල් සිය ගුණයක් අවුල් කියල ගණන් හදාගන්න වෙනවා.)

පාඨලී 'බනිස් බෙදනවා! ස්මාට් ෆෝන් බෙදනවා!'

ජාතික හෙළ උරුමයේ නායක ජාතික චින්තනයේ පෙරමුණු ගැසූ බයිසිකල් වලින් මැතිවරණ කැම්පේන් කළ පාඨලී චම්පික රණවක මහතාගේ උපන්දිනය (ආරංචි වුණ විදියට) ඊයේට යෙදී තිබුණි.
මැතිවරණයකුත් ළඟ නිසාදෝ චම්පික මෙවර උපන්දිනය ජනමාධ්‍ය සමාජය සමඟ පවත්වන්නට තීරණය කොට තිබුණි. ඒ චොකලට් ගෑ බනිස් (ඩෝනට්මත් නෙවෙයි ඩෝනට් හැඩේ එකක්) මාධ්‍ය ආයතන වලට බෙදමිණි. 

හැබැයි චම්පිකයා එවූ බනිස් වල අමුතු එකකුත් තිබුණි. ඒ අයිසින් වලින් බනිස් උඩ අංක එක ගසා තිබීමයි. එක චම්පිකගේ මැතිවරණ අංකයයි. චම්පිකගේ පළවෙනි උපන්දිනයද නොවන නිසාය. (උපන්දිනෙත් අපි එක්ක සමරන නිසා චම්පිකයා කියල මිත්‍ර ලීලාවෙන් කතා කොරන්නං) 
රාවයට බනිස් ආවේ අමුතු විදියකටය. 

රාවයට ආ බනිස් වල එක ගසා නොතිබුණි. එව්වේ කා විසින්ද කියා නොතිබුණි. කර්තෘ මණ්ඩලයටද  නොව පිළිගැනීම් අංශයට ‍බනිස් ලබාදී තිබුණි. (කොහොමහරි පාඨලී රාවයටත් බනිස් කැව්වා)

රියල් වැඩකාරයා රාවයේ නන්දෙ අයියා..


නන්දසිරි ධර්මරත්න

'බ්ලැක් ඇන්ඩ් වයිට් පත්තරේක ලේයවුට් එකට සම්මාන දෙන්නෙ කොහොමද?'

Search This Blog