Tuesday, August 04, 2015

පාඨලී 'බනිස් බෙදනවා! ස්මාට් ෆෝන් බෙදනවා!'

ජාතික හෙළ උරුමයේ නායක ජාතික චින්තනයේ පෙරමුණු ගැසූ බයිසිකල් වලින් මැතිවරණ කැම්පේන් කළ පාඨලී චම්පික රණවක මහතාගේ උපන්දිනය (ආරංචි වුණ විදියට) ඊයේට යෙදී තිබුණි.
මැතිවරණයකුත් ළඟ නිසාදෝ චම්පික මෙවර උපන්දිනය ජනමාධ්‍ය සමාජය සමඟ පවත්වන්නට තීරණය කොට තිබුණි. ඒ චොකලට් ගෑ බනිස් (ඩෝනට්මත් නෙවෙයි ඩෝනට් හැඩේ එකක්) මාධ්‍ය ආයතන වලට බෙදමිණි. 

හැබැයි චම්පිකයා එවූ බනිස් වල අමුතු එකකුත් තිබුණි. ඒ අයිසින් වලින් බනිස් උඩ අංක එක ගසා තිබීමයි. එක චම්පිකගේ මැතිවරණ අංකයයි. චම්පිකගේ පළවෙනි උපන්දිනයද නොවන නිසාය. (උපන්දිනෙත් අපි එක්ක සමරන නිසා චම්පිකයා කියල මිත්‍ර ලීලාවෙන් කතා කොරන්නං) 
රාවයට බනිස් ආවේ අමුතු විදියකටය. 

රාවයට ආ බනිස් වල එක ගසා නොතිබුණි. එව්වේ කා විසින්ද කියා නොතිබුණි. කර්තෘ මණ්ඩලයටද  නොව පිළිගැනීම් අංශයට ‍බනිස් ලබාදී තිබුණි. (කොහොමහරි පාඨලී රාවයටත් බනිස් කැව්වා)


අනෙක් කර්තෘ මණ්ඩල වල අපේ කට්ටියද පාඨලීගේ චූන්පාාන් ගෙන ආ එකේ බනිස් රසවිඳ තිබුණි. ඕන බනිසක් කා නිහඬව ඉඳීමට අපේ මාධ්‍ය සමාජය හුරුපුරුදු වී ඇත. චම්පික මාධ්‍ය ආයතන වලටම ගොස් අල්ලස් ලෙස අංකය ගැසූ බනිස් දී මැතිවරණ නීති කඩා තිබුණි. 

එහෙත් චම්පිකගේ නීති කැඩීම මාධ්‍ය සමාජය විසින් කා දමා ඇත. දැන් එය ඇත්තේ ජනමාධ්‍ය වල බඩේය.

උපන්දිනය වෙනුවෙන් යමක් බෙදීම සාධාරණ වුවත් පොත්පත් ලියා කණ්නාඩි දමා හෙණම බුද්ධිමත්කමක් පෙන්නන චම්පික මහත්තයා මැතිවරණ කාලයක මීඩියා වලට එක ගැසූ බනිස් බෙදීම නං ඉතා පීචං ක්‍රියාවක් බව මගේ වැටහීමය.

චම්පික තව වැඩක් කර තිබුණි. සැම්සුන්ග් ස්මාට් ෆෝන් මාධ්‍යවේදීන් කිහිපදෙනෙක්ට ලබා දීමයි.  චම්පික සාර්ථකය. ඡන්දයක් ළඟ තබාගෙන අපේක්ෂකයෙක් ස්මාට් ෆෝන් බෙදුවාම ලැජ්ජා නැතිව එය බාරගන්නට පමණක් නොව අහවලා තමා දුන්නේ යැයි ආඩම්බරයෙන් කීමටද අපේ මාධ්‍ය ඔළුගෙඩි සකස් වී ඇත.

අනෙක් පැත්තෙන් චම්පික අල්ලන්නේද මාධ්‍ය වල හරි නිලය යි. හොඳ ස්මාට් ෆෝන් එක ගන්නට අපට ලැබෙන හිඟන පඩිය ප්‍රමාණවත් නොවන බව චම්පිකලා දනියි. ඔවුන් ආමන්ත්‍රණය කරන්නේ ඒ අඩුවයි. ඇත්තටම ස්මාට් ෆෝන් ගත්  මාධ්‍යවේදීන් මගේ හොඳ හිතමිතුරන් ය. ඔවුන් ස්වාධීන අය වුණත් චම්පිකගේ මීඩියා අල්ලස් ගැනීම සාධාරණ බවට තර්ක කරන්නට තරම් කාලය විසින් ඔවුන්ගේ ඔළුගෙඩි සකසා ඇත.

8 comments:

  1. අඩෝ..ස්මාට් ෆෝන් ගත්ත උඹේ හොඳ හිත මිතුරන් කවුද කියලා අඩුගානේ කියපිය...

    ReplyDelete
  2. මම මේ ගැන පාඨලීගේ මාධ්‍ය අංශයෙන් විමසුවා. ඔවුන් තහවුරු කළා රාවයට යැව්ව බනිස්වලත් එක ගහලා තිබුණු බව..

    ReplyDelete
  3. අපි මළමුත්‍රා පරීක්ෂණයකින් ඔප්පු කරනව අප කෑ බනිස්වල අංකයක් තිබුණෙ නැති බව

    ReplyDelete
    Replies
    1. ඔව්... දැන් ඉතින් ඒ වගේ මොංගල් වැඩකින් හැර රාවයට ගොඩයන්න වෙන විදියක් නෑ යකූ.. ගවේෂණාත්මක මාධ්‍ය කලාවට නව අරුතක්.. මළමුත්‍රා පරීක්ෂණ....

      Delete
  4. හොඳ අදහසක් තියෙනවා ඊට වඩා.. කියන්නද? එපා ද?

    ReplyDelete
  5. හා හා!!! මේ පෝස්ට් එක වන කරන්න එපා...

    ReplyDelete
  6. උඹ දැන් දැක්කද එකම ජාතියේ ස්මාර්ට් ෆෝන් තියෙනවා...

    ReplyDelete
  7. ගිලින්න ලේසි වමාරන්න අමාරු බනිස්!

    ReplyDelete