Monday, August 03, 2015

රියල් වැඩකාරයා රාවයේ නන්දෙ අයියා..


නන්දසිරි ධර්මරත්න

'බ්ලැක් ඇන්ඩ් වයිට් පත්තරේක ලේයවුට් එකට සම්මාන දෙන්නෙ කොහොමද?'


පහුගිය දවසක් ගල්කිස්සේ තිබුණු කර්තෘ සංසදයත් පුවත්පත් ආයතනයත් සංවිධානය කළ ජනමාධ්‍ය විශිෂ්ඨතා සම්මාන උළෙලේදි හොඳම පිටු සැකසුමට (ලේයවුට් එකට) ලැබෙන සම්මානය රාවයේ නන්දසිරි ධර්මරත්නට හිමි වුණා. ඒ වෙලාවේ මාධ්‍ය මිත්‍රයෙක් මගෙන් විහිළුවට වගේ ඔහොම ප්‍රශ්ණයක් ඇහුවා. ඒක කම්ප්ලීට්ලි බයිට් එකට කරපු ජෝක් එකක් වුණත් ඒ ප්‍රශ්ණයම ඊට පස්සේ දවසේ වෙනත් පත්තර වල එඩිටෝරියල් වල සීරියස්ලි අහලා තිබුණා. ලේයවුට් කියන එකේ රියල් අර්ථය දන්නේ නැති, ඒකෙ තේරුම අතට අහුවෙන හැම පාටක්ම කලතලා ෆොටෝ ගොඩක් දාලා දිස්නෙ ගහන බයිල පත්තරයක් පාඨකයන්ට පුදන එක කියල හිතන අයගේ ගොන් ප්‍රශ්ණයක් ඒක.


පත්තර කියන්නේ අකුරු එක්ක තියෙන කර්මාන්තයක්. ලේයවුට් කරනවා කියන්නේ ඇස්වලට රිදෙන විදියට වර්ණ පිරුණ පිටුවක් හදන එක නෙවෙයි. වැඩි වැඩියෙන් ග්‍රැෆික් දාන එක නෙවෙයි. අර අකුරු කියවන්න වඩාත් පහසු විදියට පිටුවේ පසුබිම සකස් කරන එක. නන්දසිරි, එහෙම නැත්නම් නන්දෙ අයියාට සම්මානේ ලැබුණේ ඒක වඩාත් හොඳින්ම කරපු කෙනා නිසා. එයාට කාලයක් තිස්සේ හිමිවිය යුතුව තිබුණු දෙයක් ඒක.


නන්දසිරි ධර්මරත්න කියන්නේ රාවයේ ආරම්භක පිටු සැලසුම් ශිල්පී අශෝක පද්මසිරිගේ ලාබාළ සහෝදරයා. අශෝක අයියා සහ නන්දෙ අයියා රාවයේ වැඩ කළා. එක්වරක් ආර්ථික ගැටලු නිසා රාවය සේවක මණ්ඩලයෙන් අශෝක ඉවත් වුණා. ඒ වෙලාවේ දෙන්නගෙන් එක්කෙනෙක් ඉවත් විය යුතුව තිබුණු නිසා. ඉන්පස්සේ මෙතෙක් කාලයක් රාවයේ ප්‍රධාන ලේයවුට් ශිල්පියා තමයි නන්දෙ අයියා.


ඡායාරූපයක් ගන්න කලින් ලේයර්ස් හතරකට කඩලා මට්ටම් කරගන්න නන්දේ අයියා කටයුතු කරනවා. ලේයවුට් ගැන මම දන්නැති වුණත් පත්තර කලාවේ ගොබ්බයෝ නොවන සිරා පොරවල් කියන්නේ රාවයේ ලේයවුට් විශ්මයජනකයි කියලා. ඇස්දෙකට නිවුණු කියවීමක් ලබා දෙනවා. ෆුල් ක්‍රෙඩිට් නන්දෙ අයියට. බ්ලැක් ඇන්ඩ් වයිට් වලින් මෙච්චර වැඩ දාන එකම තමයි එයාට සම්මානේ ලැබෙන්න හේතුව කියල ලියල තියන්නම්.


අනෙක් පත්තරවලත් කළුසුදු පිටු හදනවානෙ..... රාවය එක්ක සසඳලා බලන්න ඒ පිටු. තේරෙයි වෙනස. වැඩකාරයා නන්දෙ අයියා.

ලේයවුට් ශිල්පීන් හැමෝටම මේ ඉඩෙන් රෙස්පෙක්ට් එකක් දෙන්න ඕන. පත්තරේ බයිනේම් යන්නෙ නැති එළියට බහින්නේ නැති වැඩකාරයෝ ඔවුන්.


මම මේ සටහන ලිව්වේ ඔය කාරණා අස්සේ තවත් දෙයක් මතක් කරන්න....


මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතීන් ගැන කාලයක් තිස්සේ තම තම නැණ පමණින් කතා කරන කෙනෙක් විදියට කාලයක් තිස්සේ මට තියෙන ප්‍රශ්ණයක් තමයි මාධ්‍ය කලාවටම අයිති අය වුණත් පිටු සැකසුම් ශිල්පීන් මාධ්‍ය වෘත්තියේ ගොඩට වැටෙන්නෙ නැති එක. රාවය ගත්තහම පිටු සැකසුම වලදී ගොඩක් වෙලාවට නන්දෙ අයියා තනියම හිතලා තීරණ ගන්නවා. ඔහු දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. පිටු සැකසුම් ශිල්පියෙකුට එහා ගිය පිටු සැකසුම් කලාකරුවෙක්. තවත් මගේ පිටු සැකසුම් ශිල්පීන් ලෙස කටයුතු කරන මිත්‍රෙයා් ඉන්නවා හොඳ කලාකරුවන්. 

මම හිතන්නේ මේ ලේයවුට් ශිල්පීනුත් ජනමාධ්‍ය සමාජයේ මාධ්‍යවේදීන් වගේම වෘත්තියක් ලෙස ඉදිරියට ගේන්න ඕන. 

නිවාස, බයික් වගේ මාධ්‍ය වෘත්තියයන්ට ලැබෙන පහසුකම් ලබාගන්න ඒ අයටත් අවස්ථාවක් ලබාදෙන්න ඕන. මේ සටහනින් මම වැඩියෙන්ම කියන්න උත්සාහ කරන්නේ ඒක. නන්දෙ අයියා මට නිතරම මතක් කරන්නේ 'මල්ලී ලේයවුට් ශිල්පියොන්ට මාධ්‍යවේදියෝ වගේ එළියෙදී එකතු වෙලා කතා කරලා සංවිධානය වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මාධ්‍යෙව්දීන්ගේ වෘත්තීය සමිති ව්‍යුහයන් වලට ලේයවුට් ශිල්පීන්වත් එකතු කරගන්න කියලා.'
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සීතා රංජනී මහත්මිය අතින් සම්මානය ලබමින්




නන්දේ අයියාට සුභ පතන ගමන් කියන්නේ අප ඉස්සරහට ලේයවුට් ශිල්පීනුත් වැඩවලට එකතු කරගනිමු නන්දේ අයියේ!!! කියලා.

6 comments:

  1. Great idea uduwaa.. congratulations to nande aiya...

    ReplyDelete
  2. ජයවේවා, සන්තෝසයි ඇත්තටම, අපි වැඩ කරමු. අගැයීම වටිනවා. තරිදු මල්ලිගේ සටහන ඊටත් වඩා වටිනවා ඉතින් මහන්සියේ ජය.... අශෝක පද්මසිරි මගේ අයියත් හිටියනම් කියලා මට හිතෙනවා. අපෙන් සමුගෙන ගියත්, එළිපෙහෙලිකර යන්නට සැලැස්සුවේ ඔහුයි මේ මාවත.....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්... අශෝක අයියා ගැන ලියන්නට මට අත්දැකීම් නැහැ... මගේ අවකාශයක ඔහුත් ගෞරවය ලැබිය යුත්තෙක්මයි...

      Delete
  3. පත්තර කන්තෝරුවක අවුරුදු 9ක් වැඩ කරපු එකෙක් විදිහට මේ පෝස්ට් එකත් එක්ක 100% එකඟයි ...
    හැබැයි ඔය සම්මාන උළෙලවල් ගැන නං මගේ විස්වාසයක් නෑ ...
    ඔය සම්මාන තමන්ගෙ පත්තරේට ගන්න කට්ටිය කොරන වැඩ මම දන්න නිසා ...
    රාවයට ඔය සම්මානය මීට කලින් හම්බ උනා එක සැරයක් .....
    මගෙනං අදහස ගිය අවුරුදු වලත් රාවයට තමා හම්බ වෙන්න තිබ්බෙ ..
    මෙදා පාර මොකක් හරි කචල් එකක් යන්න ඇති ... හැක හැක හැක ...

    ReplyDelete
    Replies
    1. මාත් පෞද්ගගලකව සම්මාන උළෙලවල් ගැන විශ්වාසයක් නැහැ.... ඒත් නන්දෙ අයියා නම් සුදුස්සා බවට සැකයක් නැහැ.

      Delete
  4. උඩුවා නන්දයට අපත් සුබ පතනවා

    ReplyDelete