Monday, October 05, 2015

ජිනීවා ඔක්කොම බොරු....

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් යුධ අපරාධ පිළිබඳව විමර්ශණය කළ යුතු බව කීවේ අන්තර්ජාතික ප්‍රජාව එසේ කළ යුතු බවට එල්ල කළ බලපෑමත් එක්ක.

විශේෂයෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මාවිල්ආරු සිදුවීමෙන් පසුව වියරුවෙන් මෙන් උතුරේ කැලිකරුවන් මර්ධනය කිරීමේදී මානව වර්ගයාට එරෙහි අපරාධ සිද්ධ වෙලා තියෙන බවට පැහැදිළි සාක්ෂි තියෙන නිසා. යුද්ධයේදී මානව හිමිකම්  කඩනොවුණු බවට කෙරෙන තර්ක හුදු විශ්වාසයන් පමණයි. මැදිහත්ව තර්ක කරන ඕනෑම කෙනෙක්ට පැහැදිළි කරගන්න පුළුවන් යුද්ධයේදී අපරාධ සිදුවී ඇති බව.


උතුරේ කැරලිකරුවන් අවි ආයුධ අතට ගත්තේ ඔවුන්ට තිබුණු මානසික් රෝගයක් සුවපත් කරගන්න නෙවෙයි. ඔවුන් වෙනම රටක් ඉල්ලුවේ නිකන් ඉන්න බැරි අමාරුවකට නෙවෙයි. සිංහල බහුතරය විසින් දෙමළ ජනතාව පාලනය කිරීම දරන්න බැරි සීමාවකට ආපු නිසා.

එ් කියන්නේ ලංකාව සිංහල සහ දෙමළ මිනිසුන් එකට ශ්‍රී ලාංකික ජාතියක් වදයට ජීවත් වෙන රටක් කියන අදහස වෙනුවට සිංහල ආණ්ඩුවක්, සිංහල ජාතියක් ඉන්න රටක දෙමළ මිනිසුන් කුලීකාරයන් විදියට ඉන්නවා කියන අදහස සීමාව ඉක්මවමින් මතුවුණ නිසා. 

කවුද කැමති කුලීකාරයන් විදියට ජීවත්වෙන්න? ගුටිකන්න? දෙමළ වීම නිසා සමූලඝාතනයට ලක්වෙන්න? වැඩකාරයෝ වගේ, අඩුකුලේ වගේ ජීවත්වෙන්න?

ඒ නිසා ඇති වෙච්ච කැරැල්ලක් මේක, ඒ කැරැල්ල නිසා ඇතිවෙච්ච යුද්ධයක් ඒක. සාමාන්‍ය දෙමළ මිනිස්සු තොග ගණන් මරා දැමුණු බව පෙනෙන්න තියෙන්නේ ඒ යුද්ධයේදී, බිස්කට් එකක් අතේ තියන් හිටපු පුංචි ළමයා අතුරුදන්වෙන්නේ (මරා දැමෙන්නේ), සියුමැලි රූපවාහිනී නිවේදිකාව නිරුවත් කොට මරා දැමෙන්නේ ඒ යුද්ධයේදී.

දැන් පරීක්ෂණ කරන්න කියන්නේ ඒ  යුද්ධය පිළිබඳව. යුද්ධයේදී අපරාධ කළායැයි පෙනෙන්නේ ආණ්ඩුව පැත්තෙන්. එහෙම නැත්නම් සිංහල බහුතරය පැත්තෙන්. 

ඉතින් සිංහල බහුතරය නියෝජනය කරන ආණ්ඩුවක් ඇත්තටම සිදුවෙච්ච දේවල් ගැන මධ්‍යස්ථව සොයා බලාවිද?  යුද්ධයේදී අපරාධ විශාල වශයෙන් කළායැයි කියැවෙන වාර්තාවක් ආවොත් සිංහල බහුතරය ආණ්ඩුවට මොනවා නොකරයිද? ආණ්ඩුව ඒකට මුහුණ දෙන්න සූදානම්ද? නැත්නම් එහෙම ප්‍රශ්ණයක් නොඑන තැනට පරීක්ෂණ වාර්තාවක් සැකසේවිද?

මට හිතෙන්න ඒකේ නිකන් මිනීමැරුමක ප්‍රධාන සැකකාරයාට මිනීමැරුම කළේ කවුද කියලා හොයලා වාර්තාවක් දෙන්න කියනවා වගේ. ආණ්ඩුවේ නියෝජිතයන් දෙන මාධ්‍ය සාකච්ඡා බලන්න. හමුදා සෙබළුන් තාමත් රණවිරුවන්. ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සමුළුවට ගිහින් කියන්නේත් සිංහල බහුතරයේ කතාව.









තත්වෙ එහෙමනම් ඇමරිකාව මොකද සද්දෙ නැත්තේ? බටහිර රටවල්  මොකද සද්දෙ නැත්තේ? එයාලා ඇයි ලංකාවට එන්න කියන්නේ තමන්ගේ යෝජනාවට අනුග්‍රාහකයෙක් විදියට?

ඇත්තටම ලෝකයේ බලවත් රටවල් (ඇමරිකාව, චීනය, රුසියාව, ඉන්දියාව) තවත් පුංචි රටක ප්‍රශ්ණ වලට මැදිහත් වෙන්නේ ඒ රටේ මිනිස්සු වෙනුවෙන් පුදුමාකාර ආදරයක් එක්කද? ලංකාවට කෙළවන්න පැය විසිහතරෙම බලන් ඉන්න බටහිර රටවල් ගැන අමරසේකරගේ ඉඳන් කුමාරචාපා වෙනකන් සිංහල ජාතිවාදීන් ගේන කෙස් පැලෙන තර්ක ගැන නෙවෙයි මං කියන්නේ.

අනික ඒ වගේ ප්‍රශ්ණයක් නම් ඇයි දෙමළ ජාතික සන්ධානය සද්ද නැතිව ඉන්නේ? දෙමළ මිනිස්සු වෙනුවෙන් කතා නොකර?

දෙමළ ජාතික සන්ධානය උතුරේ ධීවරයන්ගේ ප්‍රශ්ණය ගැන කතා නොකර, අවතැන් කඳවුරු වල ඉන්න මිනිසුන්ගේ ජීවන තත්වය ගැන කතා නොකර, හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ගේ ජීවන ප්‍රශ්ණය ගැන කතා නොකර, යාපනයේ වතුර ප්‍රශ්ණය ගැන කතා නොකර කරන ජාතිකවාදී දේශපාලනය තමයි ඒක. (දකුණේ දේශපාලනය වගේමයි) ඒකට විකල්ප මතයක් හදන්න උතුරේ විකල්ප දේශපාලනය ශක්තිමත් නෑ. වාලම්පුරී, උදයන් වලින් සංවිධානය වෙන උතුරේ දේශපාලන මතයට විකල්ප අදහසක් ඇති කරන්න දකුණේ වගේ විකල්ප පුවත්පත් වත් එහේ නැහැ.

මේවා විකාර

මම මේක ලිව්වේ ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන්න කියලා ඉල්ලන්න නෙවෙයි. හිතන්නේ කොහොමද ජාත්‍යන්තර පරීක්ෂණෙත් මේකට විසඳුමක් වේවි කියලා.

විකාර...

මේ දේශපාලනය නෙවෙයි... මේක බොරුවක්.... දැන් දේශපාලනයේ සිද්ධවෙන නොයෙකුත් සංවාද අනිවාර්යයෙන් අවශ්‍යයයි තමයි. (ව්‍යවස්ථා වෙනස්කම්, සංහිඳියාව, සත්‍ය සෙවීම වගේ ඒවා) ඒත් ලංකාවේ ඒ අත්‍යාවශ්‍ය සංවාද වෙනුවට ඇත්තටම සිද්ධ වෙන්නේ බොරුවක් කියලයි  පෙනෙන්නේ...

මිනිසුනි!! මේ බොරුව ඇතුළේ අප කළ යුත්තේ කුමක්ද?

12 comments:

  1. http://nelumyaya.com/?p=4395
    මේ ගැන මමත් ලිපියක් ලියන්න ඉන්නේ. යුද අපරාධ වලට සම්බන්ධ අය ඉවත් කිරීමෙන් හමුදාව හොන්ඩ අනමක් අත් කර ගන්නවා වගේම සන්හින්දියාවට ඒක රුකුලක් වේවි.

    ReplyDelete
    Replies
    1. මොන රිපෝට් ආවත් උතුරේ මිනිස්සු දැක්ක ඇත්ත වෙනස් වෙන්නේ නෑ....
      බොරු වාර්තාවකින් වෙන්නේ සන්හිඳියාව තවත් ඈතට යන එක.....
      සත්‍යෙයන් මිස සත්‍ය හැංගීමෙන් සෙතක් වෙන්නෙ නැහැ

      Delete
    2. Tharindu Uduwaragedara සහ අජිත්,

      මුලින්ම තෙරුම්ගමු අපිට ඇති ප්‍රශ්නය කුමක්ද? කියල. මෙහි ඇත්ත ප්‍රශ්නය සිංහල මිනිසුන් දෙමල මිනිසුන් ව පහත් කර සැලකීම නෙමෙයි (එහෙම කියනවානම් උසස් කුලවල සිටින දෙමල ජනතාව පහත් කුලවල සිටින අයව දැඩි ලෙස මේ අදත් පිඩාවට ලක්කරනවා ) දැනට වසර 5 ට පෙර කැනඩාවේ
      දෙමල කුල දෙකක් අතර දැඩි පහරදීමක් අතිඋනා මතක ඇති.

      //සිංහල බහුතරය විසින් දෙමළ ජනතාව පාලනය කිරීම දරන්න බැරි සීමාවකට ආපු නිසා.//

      මෙහි සියුම් අත්තක් පවතිනවා මා ඉට හොද උදාහරණයක් දෙන්නම් මෙය මං මාතලන් අඩවියෙත් සදහන් කළා. මෙය දිගුවීම පිලිබදව සමාව අයදිනවා නමුත් මෙය තේරුම් ගැනීමට මෙය වැදගත්.

      " මිට සති 3 ට විතර ඉස්සර මගේ මිතුරකුගේ උපාධි සහතිකය විදේශ කටයුතු අමත්යන්සය මහින් සහතික කරවා ගැනීමට මා ගිය සිද්දිය.
      දැනට දින 2ට පෙර එහි දෙවැනි ජවනිකාව අවසාන කිරීමට මට හැකි උනා.

      මුලින් සති 3 ට පෙර මොරටුව සරසවියෙන් සහතික කරවා ගත් එම සහතිකය විදේශ කටයුතු අමාත්‍යංශයේ Consular Affairs Division වෙත ඉදිරි පත් කළා
      එහිදී ඔවුන් සදහන් කලේ 0094 (0) 11 2385571 අංකය අමතන ලෙසයි මෙය කිසිවකු පිළිතුරු නොදෙන බව තේරුම් ගත් මම ඔවුන්ගේ ප්‍රදාන නොම්මරය මගින් අදාල අංශය ඇමතුවා ඔවුන් සදහන් කලේ අදාළ සහතිකය නැවත විශ්ව විද්‍යාලයට fax කරන ලද බවයි නමුත් විශ්වවිද්‍යාලය ඔවුන්ට නැවත fax නොකරනලද බව සදහන් කළා. මෙවිට විශ්වදිද්යාලය ඇමතු මට දැනගන්න උනේ ඔවුන්ට එවැනි fax පතක් නොලැබුණු බවයි.

      නැවත Consular Affairs Division ඇමතු මට ඔවුන් සදහන් කලේ මෙය විශ්ව විද්‍යාලයේ වරදක් බවයි.

      මෙලෙස දෙපසට බෝලය යැවීමෙන් දුරකථන ඇමතුම් 15 පමණ පසු විශ්වවිද්‍යාලයට අදාළ සහතිකය ලැබුණු බවත් එය සහතිකර නැවත නැවත Consular Affairs Division යැවූ බවත් සදහන් කළා.

      දෙවැනි දිනයේ දී Consular Affairs Division ඇමතු මට සදහන් කලේ අදාළ සහතිකය සුදානම් බවයි, දැන් මම අදාළ අංශයට ගිය විට Consular Affairs Division හි මෙය ලබාදීමට පැයක් පමණ ගතවන බව සදහන් කළා, අවසානය එය ලැබුනේ පැය 2 ට පසුවයි.

      විනාඩි 20ක වැඩක් සදහා දින 12කුත් පැය 2 ගතවුනා. මෙහිදී මා තේරුම් ගත්තේ නිලදාරීන් බොහෝදෙනා කිසිදු වැඩක් නොකරමින් කාලය කාදමන අයුරුයි. ඔවුන්ගේ වැඩ අවසන් වීමට විනාඩි 10 පමණ කාලයේදී එකයකු අත්සන් කල අතර තවයකු මුද්දර ඇලවීමත්, තවෙකකු stiker ඇලවීමත් තවකකු
      සිල් ගැසීමත් බලාසිටිම පිළිකුල් සහගතයි."

      මෙවැනි දෙයක් උතුරේ දෙමල වැසියකුට සිදු උනා නම් ඔහුගේ හිතේ ඇතිවන්නේ රාජ්‍ය නිලදාරීන් පිළිබද තරකක් නෙමෙයි ඔවුන්ට සිතෙන්නේ අපි දෙමල නිසා අපට මෙවැනි අසාදාරනයක් සිදුවන බවයි, මෙය දෙමල දෙසපලනයන් හොදින් යොදාගන්නවා බලය ලබාගැනීමට ඔවුන් කියන්නේ අපට අපේ දේවල් කිරීමට බලය දෙන ලෙසයි නමුත් ඔවුන්ට බලය ලැබුනත් ඔවුන් එම ප්‍රශ්නය විසදීමට පියවර නොගනී හොදම උදාහරණය මහා ඇමති විග්නේශ්වරම් උතුරේ කරන දෙය.

      මෙවැනි රජයේ බාදවීම් නිසා රටේ විදේශ වෙළදාම දියුණු කල නොහැකි වීමෙන් රට දිලිදු වන අතර ඇතිකල යුතු රැකියා රටේ ඇතිකළ නොහැකි වෙනවා.
      මෙහිදී අසහනකාරී පිරිස කැරලි ගැසීමයි සිදුවන්නේ එහිදී ඔබට ලැබෙන ප්‍රතිලයයයි යුද්දය.

      මා අදහස් කරන්නේ දෙමල මිනිසුන් බහුතරය සිටින ප්‍රදේශවල දෙමල ජාතිකයන් බදවා ගන්න අතර සියලුම රජයේ ආයතන පරිගණක ගතකර වේගයෙන් සේවා ලබාදිය හැකි මට්ටමට ගැනීමෙන් මේ බොහෝ ප්‍රශ්න නිරාකරණය වන බවයි.

      Delete
    3. Tharindu Uduwaragedara,

      මෙන්න ඔබට සජීවී ජාතිවාදයට උදාහරණයක්
      http://officialracism-srilanka.info/page1.php

      Delete
    4. ඔය තරම් සරල ලෙස දකින්න එපා.... රාජ්‍ය සේවයේ වෙච්ච අසාධාරණකම් නිසා නෙවෙයි දෙමළ කැරැල්ල ඇති වුණේ... ඊට වඩා එහා ගිය ජාතික පීඩනයක් ඔවුන් මත එල්ල වුණා...

      Delete
    5. මෙය සරල නෑ මෙවැනි සිදුවීම් දහස් ගණන් සිදුවනවිට සංකීර්ණයි. උදාහරණයක් ගනිමු ද්‍රවිඩ ජාතිකයන් ට වූ දැඩි අසාදාරනයක් ලෙස ප්‍රමිතිකරණය ගෙනහැර දක්වනවා. ප්‍රමිතිකරණයට පෙර ද්‍රවිඩ ජාතිකයන් විශාල ලෙස විශ්වවිදයාල වලට යාමට හැකිවූ බවත් ප්‍රමිතිකරණයට පසු එම හැකියාව නැතිවූ බවත් ඔවුන් සදහන් කළා. නමුත් සිදුවුයේ කුමක්ද ? කොලබ යාපනය ගාල්ල නුවර වැනි ප්‍රදේශවල සිංහල දෙමල මුස්ලිම් සහ අනෙක් ජාතිවලට වැඩි ලකුණු ප්‍රමාණයක් උවමනා උනා විශ්වවිද්‍යාල වලට ඇතුළුවීමට නමුත් හම්බන්තොට වැනි දුෂ්කර ප්‍රදේශයකට අඩු ලකුණු වලින් ඇතුලත් විය හැකි උනා.

      මෙහිදී අසාදාරනය කොලබ සිංහල ජනතාවටත් උනත් එය නෙමෙයි ලෝකයට ගියේ.

      ඔබ ඔය කියන ද්‍රවිඩ ජනයාට සිංහල ජනතාව හෝ සිංහල රජය මගින් දෙමල වීම නිසා ඇතිවූ අසාදාරනයක් උදාහරණ ලෙස සදහන් කලොත් නරකද ?

      Delete
    6. ඔව්, අනිවාර්යයෙන්ම....
      මම මේ දිනවල ඒ වගේ වැඩක් කරමින් ඉන්නවා.... යුද්ධයට පෙර අත්දැකීම් යුද්ධයට මැදිවූ අයගෙන් දැනගනීම... ඒවා ලිවීම... සහ ඒ පිළිබඳව දැනටමත් ලියැවිලා තියෙන දේවල් අධ්‍යනය කිරීම

      Delete
  2. පරීක්ෂණ කරලා වැරදි අඩුපාඩු වෙලා තියෙනවනම් ඒවා හොයා බලා නිවැරදි කිරීම හොඳයි. නමුත් එය කෙනෙකු වැරදියි කෙනෙකු හරියයි පුර්ණ නිගමනයකින් තොරව සිදු කලයුතු යයි මගේ අදහසයි. එවැනී නිර්පාක්ෂික පරීක්ෂණ මණ්ඩලයක් පත් කර ගැනීම් නම් පහසු වෙන්නේ නෑ..

    ReplyDelete
  3. ඔබත් එක්ක 100% එකගයි . දකුණේ මිනිස්සු මේ ප්‍රස්නේ දිහා බලන්නේ බොහොම පටු ගෝත්‍රික විදියට.සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
  4. මේක අපිට සරල උනත් මේ ප්‍රශ්නයට සෘජුව මුහුණ දුන් අයට මේක බොහෝම සංවේදී කතාවක්.උන් ත්‍රස්තවාදීන් කියලා රජයක පිළිගත්තු පුරවැසියන්ගෙන් නඩත්තු වෙන හමුදාවකට බැහැ ත්‍රස්තවාදී විදියට හැසිරෙන්න.අනිත් දේ "මානුෂික මෙහෙයුම"කියලා නමක් දා ගත්තාට මේක යුද්දයක්.ආයෙත් රටේ යුද්ධ ඇති නොවෙන්නයි රජයක් කටයුතු කරන්න ඕනේ.ඒ සඳහා ඒ මිනිසුන් දිනා ගන්න බහුතර සිංහලයන්ට පුළුවන් වෙන්න ඕනේ.හැබැයි යුද්දේ ඉවර වෙලා අවුරුදු ගාණක් ගිහිල්ලත් අපි තාමත් ඒ සම්බන්ධයෙන් අසමත්.

    උඩුවා කියනවා වගේ අපි මේ බොරුවේ කොටස්කාරයෝ නොවන්න නම් අනිවර්යෙන්ම ජාතිවාදී,වර්ගවාදී කණ්නාඩි ගලවාලා සහෝදරත්වයෙන් එකතු වෙන්ට ඕනේ.

    ReplyDelete
  5. සහතික ඇත්ත... සහෝදරත්වයේ දෑත අපි දිගු කරන්න ඕන

    ReplyDelete