Friday, November 27, 2015

ත්‍රස්තවාදියා...

ප්‍රභාකරන් ඔබට ත්‍රස්තවාදියෙක් විය හැකියි. මට ඔහු කැරලිකරුවෙකි. මම එසේ කීවෙමි... එය මගේ පැරණි පාසල් මිතුරන්ගේ, ෆේස්බුක් සගයන්ගේ සහ මාධ්‍යවේදී සහෝදරවරුන්ගේ කෝපයට හේතු වී තිබුණි. ඒ නිසා මේ සටහන අරඹන්නේම කියවා තේරුම් ගත නොහැකිනම් නොකියවන ලෙස සාදරයෙන් ඉල්ලා සිටිමිනි!!


කියවන ඔබෙන් හදවත විවෘත කරගන්නැයි ඉල්ලමි!! සිංහල දේශපාලනයට අවශ්‍ය දෙය නොව ස්වාධීනව යමක් කියන්නට උත්සාහ කරමි....

ප්‍රභාකරන් තුළ මිනිසෙක් නොසිටියේද? ප්‍රභාකරන්ට හදවතක් නොතිබුණේ ද? ප්‍රභාකරන්ට ආදරය කළ නොහැකිද? ප්‍රභාකරන් යුද්ධය තෝරා ගත්තේ ඇයි? තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන් සිවිල් ජීවිත විනාශ කළේ ඇයි?


පුරන් අප්පු තමන්ගේ සටන කළේ අවියෙනි, දුටුගැමුණු තමන්ගේ සටන කළේ අවියෙනි, කැප්පෙටිපොළ තමන්ගේ සටන කළේ අවියෙනි, රෝහණ විජේවීර සටන් කළේ අවියෙනි... ඔවුන් ත්‍රස්තවාදීන් ද?

උඩරට ගිවිසුම ඉතිහාසයේ මහා පාවාදීම යැයි කියති. උඩරට ගිවිසුම ඇති වන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ බලයෙන් පහ කරමින් ය. ඔහු ඇහැළේපොල පවුල මත එල්ල කළේ ත්‍රස්තවාදය නොවේ ද?

සීතාවක රාජසිංහ යනු සිංහල ඉතිහාසයේ වීරයෙකි. සීතාවක රාජසිංහ කෙතරම් අහිංසක මිනිසුන් මරා දැම්මේ ද? එය ඉතිහාසයේ සඳහන්ව ඇත. ඔහු ත්‍රස්තවාදියෙක් නොවේද? වීදිය බණ්ඩාර නම් වීරයා තම බිරිඳව සැක කිරීම නිසා ඇය සියදිවි නසාගන්නා තැනට පත්වීයැයි කියැවේ. ඔහුද ත්‍රස්තවාදියෙකි.


වළගම්බා කැළයේ සැඟවී සිට නැවත සටන් අරඹන්නට පෙර ක්ෂණික කෝපය නිසා ඔහුට සහයෝගය ලබා දෙමින් සිටි ප්‍රාදේශීය පාලකයෙකු මරා දැමීයැයි කියැවේ. වළගම්බා ද ත්‍රස්තවාදියෙකි.

ආදරණිය සගයිනි!! ත්‍රස්තවාදය යනු කුමක්ද? වසීම් තාජුඩීන් මරා දමා ඇත්තේ කෙතරම් කුරිරු ලෙස ද? හමුදාවෙන් ප්‍රේමවතී මනම්පේරි ඝාතනය කළායැයි කියැවෙන්නේ කෙතරම් කුරිරු ලෙසද? සේයා සදෙව්මි දැරිය ඝාතනය කර ඇත්තේ කෙතරම් කුරිරු ලෙසද? 

සහෝදර මිනිසුනි!! කවුරුන් හෝ විසින් ඉසිප්‍රියාව ඝාතනය කර ඇත්තේ කෙතරම් කුරිරු ලෙසද? තමන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් තවත් අහිංසක මිනිසුන්ගේ ජීවිත උදුරාගන්නවුන් කොපමණ සිටින්නේද? අපරාධයන්ට මරණ දඬුවම් ඉල්ලන අප තුළ ද ත්‍රස්තවාදීන් නොමැත්තේ ද? හදිසි කෝපය නිසා ඔබේ මිතුරාට ඔබ පහරදෙන්නේ ඔබ තුළ සිටින ත්‍රස්තවාදයක් නිසා නොවේද?

ත්‍රස්තවාදය පිටු දැකිය යුතු ය. ත්‍රස්තවාදය පවතින්නේ ඔබට පිටතින් නොව ඔබ තුළම ය. මගෙන් පිට නොව මා තුළමය.


අපි තිස් අවුරුද්දක් තිස්සේ ත්‍රස්තවාදී මුව හමක් සොයාගත්තෙමු. සියලු ප්‍රශ්ණවලට මුල ඒ ත්‍රස්තවාදී මුව හම යැයි කියා එයටම තඩි බෑවෙමු!! කලාව අත්හළෙමු!! විද්‍යාව අත්හැර අවිද්‍යාව විද්‍යාව කරගත්තෙමු!! පීඩිතභාවයෙන් පීඩිතභාවයට ගියෙමු!! සියල්ලටම මුල ත්‍රස්තවාදය යැයි යළි යළිත් ත්‍රස්තවාදී මුව හමකට තඩි බෑවෙමු!!

ඒ දේශපාලඥයන්ගේ න්‍යාය පත්‍රයයි... සකලවිධ ආකාරවලින් පීඩිත මිනිසුනි!! දෙමළ විමුක්ති සටන්කරුවන් ත්‍රස්තවාදීන් කොට ඔවුන්ගේ මුව හමට තඩි බෑම අප තව තවත් පසුපසට යෑමක් නොවේ ද? 

තවකෙකුගේ ජීවිත උදුරාගැනීම තමන් විඳින පීඩනයට පිළිතුර නොවන බව ප්‍රභාකරන්ගේ අසාර්ථක විප්ලවය ප්‍රායෝගිකව ඔප්පු කළේ ය. අවියෙන් අවිනැසීම සදා ප්‍රතික්ෂේප කරමි. ප්‍රභාකරන් තෝරාගත් මාර්ගය ද ප්‍රතික්ෂේප කරමි.. එහෙත් එවන් මාර්ගයක මිනිසුන් පිරිසක් ගියේ ඇයිදැයි නැවත නැවතත් විවෘතව කල්පනා කරමි. මිනිසුන් තුළ ඉහත කී පරිදි ත්‍රස්තවාදීන් මෙන්ම දෙවියන් ද සිටින බව අදහමි!!!



55 comments:

  1. උඹ මෙතන මතුකරණ බහුතරයක් කාරණා වැඩ වසම් යුගයක, මානව හිමිකම් ගැන නොතකන යුගයක් උන සිඳුවීම්.. අදත් එක්ක බැලුවම ඒවත් අමු ත්‍රස්තවාදයම් තමයි..

    මාතලන්ට නම් විජේවීරත් ත්‍රස්තවාදියෙක්, ප්‍රභාත් එහෙමයි රාජපක්ෂ පවුලත් එහෙමයි...

    ReplyDelete
    Replies
    1. ඒකයි මාත් කියන්ට තනන්නෙ

      Delete
    2. මානව හිමිකම් නොතකන යුගයක හිටපු ඒ වගේ ඩයල් තමයි පේ මාර මානවවාදී ඉතිහාසෙක මාර වීරයෝ වෙලා තියෙන්නේ

      Delete
    3. මාතලන්, රනිල් ත්‍රස්තවාදියෙක් නෙමෙයිද?

      Delete
    4. දුටුගැමුනු , කැප්පෙටිපොල යන අය අහින්සකයන් මරා දමා නැහැ. දෙමළ දේශපාලනඥයන්ගෙ මුදලින් බඩවඩා ගන්න ඔබට කොටින් විසින් මැරූ අසරනයන් ගෙ ශාපය ලැබෙනවාමයි. කොටින් සින්හල මුස්ලිම් ජනයා මරමින් පොදු ප්‍රවාහන සේවා වනසමින් කල මහා විනාශය ඔබට දෙමළ දේශපලානඥයන්ගෙන් ලැබෙන් තුට්ටූ දෙක නිසා අමතක කළාද.
      මම හිටිය මොනරාගල .එදා කොටි මොනරාගල මගී බසයකට ගහපු දා. පාපුවරුවෙන් බහින්න ගිය අයට වෙඩි තියල තියනව මම දැක්ක. පොල දවසට ලේන්සුවක් එලාගනින් දෙමලුන්ගෙ සල්ලිවලට මේව ලියනවට වැඩිය.
      ඔබ නියම බඩගැත්තරයෙක්නෙ .

      Delete
    5. එහෙම දෙයක් පටන් ගත්තෙ ඇයි කියලා ඔබතුමට කියන්ඩ පුලුවන් ද?

      දෙමල මිනිස්සු ගෙන ලියන්ඩ සල්ලි දෙනවා කියලා ඔප්පු කරන්ඩ පුලුවන් ද?

      Delete
    6. \\දුටුගැමුණු තමන්ගේ සටන කළේ අවියෙනි,//

      මම මේ වගේ කතාවක් කෙනෙකුට ඊයේ කිව්වා...
      "ඒ දවස් වල දුටු ගැමුණුත් කරේ තිබුණු රජයට විරුද්ධව සටන් කරපු එකනේ. ඒ අතින් ප්‍රභාකරන්ට සමානයි"
      මෙහෙම තමයි මම ඊයේ කිව්වේ...

      ප්‍රභාකරන්ගේ මම දකින වැරැද්ද තමයි රට බෙදන්න හදපු එක...
      මම මේ ගැන ලිව්වේ නැත්තේ මම ඉන්න තැනත් එක්ක ලියන එක හරි මදි කියලා හිතුණු නිසා...

      ගත යුතු දෙයක් තියෙනවා...
      ඒ තමයි විජේවීර, ප්‍රභාකරන් වගේ අය පටන් ගත්තේ තමන් වෙනුවෙන් නොවෙන එක...
      එහෙම තම්න් වෙනුවෙන් නොවෙන දෙයක් පටන් ගන්ට සෑහෙන අමාරුයි මට පෙනෙන හැටියට...
      ඒක අගය කරන්ට ඕනේ...

      Delete
    7. Maathalan - Priyantha Hewage November 27, 2015 at 2:13 AM

      එහෙම ඒ අතින් බලනවා නම් කැස්ත්‍රෝ, චේ එහෙමත් ත්‍රස්තවාදියෝ වෙන්ට ඇති නේද???

      Delete
    8. තව දෙයක් අමතක වුණා...

      ප්‍රභාකරන් සිවිල් අය මරපු එක කොහෙත්ම අනුමත කරන්ට බෑ...
      අනික් එක එයාගේ අරමුණ වෙනම රටක් කියන එකාත් අනුමත කරන්ට බෑ...

      ඒ අතින් විජේවීර උඩින් තියන්ට පුළුවන්. මොකද එයා සිංහල අය වෙනුවෙන් විතරක් වැඩ කරපු කෙනෙක් නෙමෙයි...
      එයාගේ යාල්පානම් වල කරපු රැස්වීම ගැන බැලුවා නම් ටිකක් හොඳයි මට හිතෙන්නේ...
      https://www.youtube.com/watch?v=vsK_-sUSc6w

      Delete
    9. පරීක්ෂණ සහෝදරයාට නොතේරෙන දෙයක් තියෙනවා. ඔබ හිතන්නේ මා ඉහළ ලියපු සටහන වගේ එකක් ලියන්න පුළුවන් දෙමළ දේශපාලඥයන්ගෙන් සල්ලි ගත්තොත් විතරයි කියලා! 

      ඒත් මම හිතන්නේ නැහැ ඔබ හෝ මා ජාතිවාදීයැයි හඳුන්වන විදියේ අදහස් තියෙන්නේ මහින්දගෙන් සල්ලි හෝ වෙනත් වාසි ගත්ත අයට විතරයි කියලා....

      විවිධාකාරයෙන් මුදල් අරන් ලියන අය ඉන්න පුළුවන්... එහෙම නොවෙන අයත් ඉන්න පුළුවන්... අදහස් වල විවිධත්වය ගැන අවබෝධයෙන් අපි සංවාද කරමු!!

      Delete
  2. මෙහෙමයි එක් එක් කෙනාගේ කෝණයට අනුවයි වීරයන් තීරණය වෙන්නේ. වීරයන් සාපේක්ෂයි.. ඒ වගේ දෙමල අයට තමන්ගේ මැරුණු දරුවන් ස්මරණය කිරීමට අවස්ථාව නොඅඩුව ලබා දෙන්න ඕන.. ඔවුන් ගැන සොයා බලා නිසි කළමණා ලබා දෙන්න ඕන.. අන්න ඒ වගේ අපි හැමෝම එකම දරුවෝ උනොත් කොයි තරං ප්‍රභාල ආවත් යුද්ධ ඇති කරල මිනිස්සු වල්මත් කරන දේශපාලනය කරන්න ඉඩ දෙන එකක් නැහැ. මේ හැමදේම දේශපාලනීයකරණය වූ දේයි.. උන් කැමති නැහැ මිනිසුන් සමගියෙන් සිටිනවට.. බොරු කියන්නේ මොකටද මං නං කැමතියි ඔවුන්ගේ යුධ විරුවන් සැමරීමේ අවස්ථාව ලබා දෙනවට පැහැදිලිවම. ඔවුන් ඔවුන්ගේ වීරයන්...අපි මේ උඹ කිවව් වගේ තලන හම පැත්තකට දාන්න ඕන කාලේ හරි..

    ReplyDelete
  3. බොල උඩුවෝ ,

    මමත් කියන්නේ විජේවීර වගේම පිරපාහරන් කියන්නේ දෙන්නම ත්‍රස්තවාදීන් තමයි මොවුන් අනෙක් ඉතිහාසික දේවලින් වෙනස් වන්නේ ඔවුන් සමුහ ලෙස ජනගතකයන් නිසා.

    එල්ලාර සහ දුටුගැමුණු ද්වන්දව සටනකට එළබෙන්නේ දෙපසම සෙබළු විශාල ලෙස මියයන බව දැකීමෙන්. මෙනිසා තමයි එල්ලාර රජු මමියගියාම ගරුලකයුතු යයි සදහන් උනේ.

    නමුත් ප්‍රබාකරන් සහ විජේවීර කියන්නේ මිනීමරුවන් පමණයි ඔවුන් බහු ජන ඝාතක මිනි මරුවන්.

    දෙවන ලෝක යුද්දයේ දී වදකාගාර වල මරුන පිරිස යුදෙව්වන් මිලියන 6 සහ අනෙක් ජාතින් මිලියන ගණනක්.
    නමුත් බොහෝදෙනාගේ හිතේ සංවේගය ඇත්තේ හිරෝෂිමා නාගසාකි වල සිදුවූ ඝාතනයි ඒ ඇයි ?

    එහිදී හිරෝශිමවේ 129,000 පමණ මරුන අතර 80000 පමණ තමයි නාගසාකි වල මරුනේ ඇයි? ඉතින් මෙපිලිබද වැඩි කම්පනයක් ඇත්තේ,
    හේතුව සරලයි එහිදී පරමාණු බෝම්බයේ බලය ලෝකය දැක්ක මෙය නැවත සිදුවිය හැකි බව සිතෙන නිසා මිනිසුන් පරමාණු බෝම්බයට වැඩි බයක් දක්වනවා.

    මේවගේ තමයි ඔබේ තර්කය ඔබ බොරුවට කණගාටු වෙනවා මේ ත්‍රස්තවාදීන් ගැන නමුත් මිට හේතුවුණ මුලිකම හේතුව රැකි රක්ෂා හිගය, එයට හේතුව
    වාමන්ශිකයන් දිගින් දික්ගටම ඉල්ලීම් ඉල්ලා වර්ජන කිරීම නිසා මෙරටට ලැබියයුතු විදේශ ආයෝජන නොලබිගියා.

    ඔබ නිකම් බොරුවට මේ කුණු කන්දල් ගැන කතාකිරීමෙන් ඇති වැඩේ කුමක්ද, කලයුත්තේ නිදහස් වවෙළදාම ප්‍රවර්දනයයි මෙහිදී නවීන තාක්ෂනය ලබාගැනීමයි ඉතා වැදගත්, සොරකම අවම කිරීමට තොරතුරු දැනගැනීමේ පනත වැනි පනත් සමගින් පරිඝනක ගතකිරීමත් ඵලදායිතාව ඉහල දැමීමයි වැනි දේවල් තමා උවමනා.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. ලාංකීය,
      ඔව්, අපි ඔබ කියන දේවල් ගැනත් කතා කළ යුතුයි!!
      මම කියන්නෙත් මේ කුණු ගොඩවල් අත්හරිමු කියලයි...
      ඒත් සිද්ධ වෙන්නේ ඒක නෙවෙයි! 

      Delete
  4. ප්‍රභාකරන් කැරලිකරුවෙක් නෙමෙයි ත්‍රස්තවාදියෙක්. ඒක එහෙම නෑ කියන ඕනම කෙනෙකුට ඒකට පුද්ගලික හේතු ඇති. ත්‍රස්තවාදයට සාපේක්ෂ නිර්වචන නෑ. මට අනුව නම් සිවිල් ජනයා මරන ඕනම සන්නද්ධ එකෙක් ත්‍රස්තවාදියෙක්. ඌට ආදරය කරන්න පුලුවන්ද හැමනෙන්න පුලුවන්ද කියන එක මට අදාල නෑ. හිට්ලරුත් ඊවට ආදරය කලානෙ. එතකොට හිට්ලරුත් සාධාරනද.
    පුරන් අප්පු , කැප්පෙටිපොල වගෙ අය සිවිල් ජනයා ඝාතනය කල බවට සාක්ශි නෑ. දෙමළ දේශපාලනඥයන්ගෙන් බඩවඩාගන්න පත්තරකාරයෙක් වන ඔහේ ප්‍රභාකරන්ව කැප්පෙටිපොලල ,පුරන් අප්පුලට සමාන කරන එපා.
    අපි ප්‍රශ්නයක් දිහා බලන්නෙ ජාතිය ඉස්සරහට දාල නෙමෙයි. ප්‍රභාකරන් හරි කියල දෙමල නොවන කෙනෙක් කියන්නෙ මොකක් හරි ආර්තික සමබන්ධයක් නිසාමයි.
    ප්‍රභකරන් සහ විජේවීර \අර වෙන කිසිම කෙනෙකුට ත්‍රස්තවාදී චෝදනා එල්ල වෙලා නෑ.

    ReplyDelete
    Replies
    1. නිරීක්ෂණ, සිතුවිලි, නිගමන

      Delete
    2. ++++++++++++++++++++++++++++++

      Delete
    3. //ප්‍රභාකරන් හරි කියල දෙමල නොවන කෙනෙක් කියන්නෙ මොකක් හරි ආර්තික සමබන්ධයක් නිසාමයි//

      ඔයත් එක්ක මම එකඟ නැහැ... මම කිසිම දේශපාලඥයන්ගෙන් කිසිම දෙයක් ගන්නේ නැති බව මට ඇතැම් වෙලාවට දේශපාලඥයන්ගේ පුංචි තෑගි පවා ප්‍රතික්ෂේප කළ බව දන්න අය දන්නවා.

      Delete
  5. තමන්ගේ උපන්දිනය වෙනුවෙන් ඝාතන සතියක් උත්සවාකාරයෙන් ආරම්භ කල ලෝකයේ වෙනත් කැරලි නායකයෙක් සම්බන්දව ඔබට සිහිපත් කරගත හැකිද?.

    ReplyDelete
  6. ප්‍රභාකරන් දෙමල ජනතාව අතර වීරයෙක් කියන එක ඒ මිනිස්සුන්ගේ හදවත් වලින් කවදාවත් අයින් කරන්න බෑ
    රෝහණ විජේවීර මහතා මම දැනුත් පිලිගන්නේ එක් තරා අකාරයක වීරයෙක් විදිහට ප්‍රභාකරන්ගේ යුද්දෙයි (විමුක්ති අරගලෙයි ) විජේවිරගේ අරගලෙයි ප්‍රබල වෙනස්කමි තියෙනව
    විජේවිර කියන්නේ ජාතික වාදි විමුක්ති කාමියෙක් ඔහුට ඔන වුනේ සියලු ජාතින් එක්වු රාජ්‍යක් ප්‍රභෘකරන් ජාතිවාදි විමුක්ති කාමියෙන් ඔහුට ඔනේ උනේ තමන්ගේ වර්ගයේ ජනතාවගේ විමුක්තිය විතරයි ඒකනේ අනිත් ජාතිය තඹ පහකට ගනන්ගන්නැතුව කපාගේන උඩට එන්න හැදුවේ
    කොහොම උනත්
    මහින්ද හිටියනං උබේ බිලොග් එක අකුලවල
    හතරවෙන තටිටුවට යවල
    උඹවත් මකබෑවනව :D

    ReplyDelete
    Replies
    1. මහින්ද හිටියත් මට අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ ලියනවා...

      ප්‍රභාකරන් තමන්ගේ ජාතියේ විමුක්තියක් ගැන හිතුවේ ඒ වෙද්දී තමන්ගේ ජාතිය දෙමළ වීම නිසාම පීඩාවට පත් කරමින් සිටින බව හිතන්න හේතු ඇතිවෙලා තිබුණු නිසා..

      Delete
  7. මා අසා / කියවා ඇති ඉතිහාස තොරතුරු අනුව ඔබගේ ලැයිස්තුවේ පහත අය පැහැදිලිව ම ත්‍රස්තවාදීන් ය: ප්‍රභාකරන්, පුරන් අප්පු, දුටුගැමුණු රජතුමා, ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා, සීතාවක රාජසිංහ රජතුමා, ප්‍රේමවතී මනම්පේරි ඝාතනය ත්‍රස්තවාදී ක්‍රියාවකි,

    වීදියේ බණ්ඩාර ත්‍රස්තවාදයේ යෙදුණේ වූවද, බිරිඳට එරෙහිව ත්‍රස්තවාදී වූවා ද යන්න පැහැදිලි නැත. වළගම්බා සිද්ධියේ ඔහු කෙනෙකු ඝාතනය කර ඇත්තේ ‘ක්ෂණික කෝපය‘ නිසා බැවින් එම අවස්ථාවේ ඔහු ත්‍රස්තවාදියකු නොවේ. වසීම් තාජුඩීන් හොර රහසේ ඝාතනය කර රහස සැඟවීමට බොහෝ ප්‍රයත්න දරා ඇත, එය සාහසික පළි ගැනීමකි, ත්‍රස්තවාදයක් නොවේ. ඉසිප්‍රියා ඝාතනය යුද්ධය අවසන් වූ පසු සිදුවී ඇති නිසා එහි ත්‍රස්තවාදී අරමුණක් තිබුණා විය නොහැක, සදෙව්මිණි ඝාතකයාට ප්‍රෙද්ශවාසීන් තැතිගැන්ීමේ අරමුණක් තිබූ බවක් සඳහන් වී නැත.

    ReplyDelete
    Replies
    1. Terrorism: the use of violence and intimidation in the pursuit of political aims.
      Terrorists: a person who uses terrorism in the pursuit of political aims. synonyms: extremist, fanatic;

      Delete
    2. ++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  8. මොන පැත්තේ වුනත් වෙන්නේ ත්‍රස්තවාදය නම් එක ත්‍රස්තවාදය තමයි.
    එහෙම වෙනකොට එව්වා මෙහෙයවු එවුන්ට හදවත් තිබුනත් උන් එව්වා එලියට ගන්නේ නැහැ. ඇතුලේ මිනිස්සු හිටියත් උන් ඒ මිනිහව එලියට ගන්නේ නැහැ.ආදරය කරන්න පුළුවන් කම තිබ්බත් ආදරය කලේ නැහැ.
    ඒ උන් ත්‍රස්තවාදීන් නිසා.
    උන් මිනිස්සු නෙමේ.

    ReplyDelete
    Replies
    1. ඒකයි ප්‍රශ්ණය..
      මිනිස්සුන්ට තමන්ගේ ඇතුලේ සිටින ත්‍රස්තවාදීන් එළියට ගන්න සිද්ධ වෙන්නේ ඇයි?

      අයිඑස් සම්බන්ධයෙනුත් ඔය කතාව අදාලයි..

      සුමට ජීවිත වෙනුවට එකිනෙකා මරාගන්නා රළු ජීවිත තෝරාගන්න සිද්ධ වුණේ ඇයි?
      ප්‍රධාන හේතුව අනෙකාව අවබෝධ කර නොගැනීම.. අනෙකාට ගරු නොකිරීම

      Delete
  9. තමුන්ගේ අභිමතාර්ථය මුදුන්පත් කරගැනීමට අහිංසක මිනිසුන්ගේ ජීවිත බිල්ලට දුන් හැම එකාම ත්‍රස්තවාදීන් තමයි බන්. .. ඒ රාමුව ඇතුලේ අපේ රටේ හිටපු හුඟක් නායකයින් ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. ඒ කෑල්ලයි මම කියන්න යන්නේ!!

      ප්‍රභා ව සුදනා කරන්න නෙවෙයි

      Delete
  10. කිසිදු මිනීමැරුමක් අනුමත කළ නොහැක.

    නමුත් ප්‍රභාකරන් හෝ විජේවීර සැමරීමට හෝ මියගිය අය සැමරීමට ඇති පුද්ගලික අයිතිය වෙනුවෙන් අප පෙනී සිටිය යුතුයි.

    ප්‍රභාකරන් සහ විජේවීර මොන අරමුණුවලින් තම සටන් ඇරඹුවත් ගත් ක්‍රියා මාර්ග මිනිමරු ඒවාය. ඔවුන්ට ඒවා අතහැර සාමකාමී මාර්ගයකට ඒමට බොහෝ අවස්ථා තිබුණි. ඒවා මග හැරීමෙන් ඔවුන් ගේ මිනීමරු හැසිරීම පෙනුනි.

    ReplyDelete
    Replies
    1. මේකත් ටිකක් බැලුවොත් ඔය අයිතිවාසිකම ගැන සුපිරි ideas ගන්න පුළුවන්
      https://www.facebook.com/awiswasakarannaa/videos/468631429981315/

      Delete
  11. ඔයාගේ ලිපි කියවනවිට මට සුනිල් මාධව මතක්වෙනවා. සුනිල් මාධවටත් ඔය වගේම රැඩිකල් උනක් තිබුනා. අන්තිමට මිනිහා ඊලාම් වාදීන්ගේ සක්කිලියා වුනා (හරියට රාමායනයේ හනුමා රාමගේ සක්කිලියා වුනා වගේ). පසුව සුනිල් මාධව දෙමල වර්ග වාදය විවේචනය කරන්න පටන් ගත්තම එයාට කලින් හිටිය ඊලාම් යාලුවෝ එකෙක්වත් නැතුව ගියා. පරිස්මින් ඔයාටත් වෙන්නේ ඕකමයි. ඒ නිසා ඔයා ඊලාම් කතා ලියනවනම් ඒි වෙනුවෙන් දෙමල ධනපතියන්ගෙන් මුදල් ගන්න.

    ReplyDelete
  12. ME HU THIGE PUTHALA NODANNA HUTTAWAL GANA KATHA KARALA WEERAYOO WENNA HADANAWA. MUN NODANNA DEYAKUTH NA DANNA DEYAKUTH NA.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කමෙන්ටුවට!
      ඒත් මෙතන සංවාද කරන තැනක් මිසක් ගහමරාගන්න තැනක් නෙවෙයි

      Delete
  13. අපි හැමෝම තුල ත්‍රස්තවාදීයෙක් ඉන්නවා.ඒ ත්‍රස්තවාදියා අපෙන් පිට ක්‍රියාත්මක වෙන විදිය අනුව තමයි ත්‍රස්තවාදයේ තරම තීරණය වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි මම කියන්න උත්සාහ කළේ!!

      කාවවත් වීරයන් කරන්න නෙවෙයි හැදුවේ

      Delete
  14. මට පෙන්නේ ඔබට ත්‍රස්තවාදියා කියන සිංහල වචනය නොතේරෙන බවකි. ත්‍රස්තවාදින් මිනිමරණ නමුත් හැම මිනීමරුවෙක්ම ත්‍රස්තවාදින් නොවේ. එසේම ත්‍රස්තවාදින් යනු කැරලිකරුවන් වර්ගයක් වුවත් සෑම කැරලිකරුවෙක්ම ත්‍රස්තවාදී නොවේ. පිරිභාහරන් කියන්නේ කැරලිකරුවෙක් තමයි ඒ වගේම ඔහු ත්‍රස්තවාදියෙක්.

    අහිංසක ජනයා හිත් පිත් නැතිව ඝාතනයට අණදුන් ගැබිණි මවුවරුන්ගේ බද කපා ඝාතන සිදුකල. ළමයින් පොලවේ ගැසූ. බස්වලට බෝම්බ තබා බේරුනා අයට වෙඩි තැබූ ගම් පිටින් මිනිසුන් කතිගෑමට අණදුන් පිරිභාහරන් උබට වීරයෙක්ද?

    මීට වඩා නම්බුකාරයි පුතේ හිඟා කෑවා නම්...

    ReplyDelete
    Replies
    1. වෙන මොනව කියන්නද?
      මේ කියල තියෙන්නෙ ලස්සනටම...

      Delete
    2. //පිරිභාහරන් උබට වීරයෙක්ද?//
      ප්‍රශ්ණයට පැහැදිළි පිළිතුර ප්‍රභාකරන් කියන්නේ මගේ කතාවක වීරයෙක් නෙවෙයි දුෂ්ඨයෙක්...
      වැරදි පාර තෝරාගත් කෙනෙක්...
      ඒත් ඔහු වැරදි පාර තෝරාගත්තේ ඇයි?
      මම හැමෝම ඇතුළේ ත්‍රස්තවාදියෙක් ඉන්නවා කිව්වේ හැමෝම ත්‍රස්තවාදී ක්‍රියා කරමින් සිටින නිසා නෙවෙයි!!

      අවශ්‍ය තත්වයන් උදා වුණොත් ත්‍රස්තවාදීන් විය හැකි අය ඉන්නවා කියලයි මම කියන්නේ

      Delete
    3. ඒත් ඔහු වැරදි පාර තෝරාගත්තේ ඇයි?

      Delete
  15. මොනවද බන් මෙ ලියන එවා....මෙවගෙ එවා ලියන්ඩ එපා!මෙවා අපෙ අවුරුදු 2000 සන්ස්කෘතියට ගැලපෙන්නේ නැනෙ?
    ලියපන් දස මහ යොදයො ගෙන එහෙම..එයලා කොහොමද වාචිකව යුද්ද කලෙ...එතකොට කවුරුවත් බනින්නෙ නැ...

    ReplyDelete
  16. උඩුවා.. වෙනස් විදියකට හිතන උඹේ සිතිවිල්ලට ගරු කරනව... හැබැයි මගෙ හිතේ තාමත් ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙක්... විජේවීරත් ත්‍රස්තවාදියෙක්... හැම දෙයක්ම බලන විදියට සාපේක්ෂයි...

    ReplyDelete
    Replies
    1. සජ්ජා හරි!!
      මාත් කියන්නේ ඒකයි!!
      මම කියන්නේ ඒ වගේ ත්‍රස්තවාදියෝ අපි ඇතුලෙත් ඉන්න පුළුවන් කියලා

      Delete
  17. ලිපිය කියෙව්වා. උඩුවාට තම මතය ප්‍රකාශ කරන්න බාධාවන් නොතිබිය යුතුයි. ඒ ගැන ප්‍රශ්න කරන්න කිසිම කෙනෙකුට අයිතියක් නෑ.
    එසේම මුදල් ගන්න කතාව වගෙ විහිලු කරන්න එපා. ඒ ඒක ඔප්පු කරන්න බැරි නිසා නෙවෙයි. මුදල් ගෙන හෝ නොගෙන ලිවීමේ අයිතිය රැක දෙන්න ඕන නිසා. සියළු මාධ්‍යවේදීන් වැටුප් ලබනව. එහෙනම් ඒකත් වැරදිනෙ.
    තමන් අකමැති දෙයක් කවූරුහරි ලියල තියනව දැක්කොත් අරූගෙන් සල්ලි අරන් මුගෙන් සල්ලි අරන් කියල චෝදනා කරනවා.

    තාජුඩීන් මැරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් නෙවෙයි. ත්‍රස්තවාදියා තම ක්‍රියා සගවන්නෙ නෑ.ඒ වගේම ලැයිස්තුවෙ ඉන්න අනෙක් අයත් ත්‍රස්ත ක්‍රියා කලබවක් මා අහල නෑ.

    ත්‍රස්තවාදය කියන්නෙ යම් අරමුණක් ඉටුකරගැනීමට ජනයා ත්‍රස්ත කිරීම. ඒ අනුව ප්‍රභාකරන් ,විජේවීර , චේගුවේර මේ හැමෝම ත්‍රස්තවාදීන් තමයි. මේ කවුරුත් අනුන් වෙනුවෙන් සටන් කලා කියන්නෙ පට්ටපල් බොරු. මේ හැමෝම කලේ හාල්මැස්සො ඉස්සරහට දමා තමන්ගෙ දේශපාලන න්‍යායපත්‍ර ඉදිරියෙට ගෙනා එක.

    ReplyDelete
    Replies
    1. //මේ කවුරුත් අනුන් වෙනුවෙන් සටන් කලා කියන්නෙ පට්ටපල් බොරු. මේ හැමෝම කලේ හාල්මැස්සො ඉස්සරහට දමා තමන්ගෙ දේශපාලන න්‍යායපත්‍ර ඉදිරියෙට ගෙනා එක.// මේ හැමෝම තම බල ලෝභය වහන්න ලස්සන ආවරණයක් භාවිතා කරනවා.

      Delete
  18. පවතින නිත්‍යානුකුල රජයකට එරෙහිව සටන් වදින්නන් කැරලි කරුවන් ලෙස හන්දිනේ. චේ ගුවේර හා කස්ත්‍රෝ කැරලි කරුවන්ය. ඔවුන් දේශපාලන දර්ශනයක් වෙනුවෙන් සටන් වදිති. ප්‍රභාකරන් එක් ජන කොටසකගේ විමුක්තිය වෙනුවෙන් සටන් වැදුන නිසා එක පැත්තකින් විමුක්තිය ඉල්ලා සටන් වැදුණු සටන් කාමියෙකි. රජයට එරෙහි වීම නිසා කැරලි කරුවෙකි. නමුත් ඔහු තමන් සටන් වැදුණු ජනයාව පාලනය කලේ භීතිය උපයෝගී කර ගනිමිනි. සාමාන්‍ය මිනිසුන් ද ඝාතනය කළේය. ඔහු බහුතර සිංහල ජනතාවටට භීතිය ගෙන ආවේය. ඝාතනය කළේය. ඒ නිසා ඔහු ත්‍රස්තවාදියෙකි. .1971 දී විජේවීර සහ කණ්ඩායම කැරලිකරුවන්ය. විප්ලව කාරින්ය ඔවුන් සාමාන්‍ය ජනතාවට පහර දුන්නේ නැත. 1988-1989 විජේවීර චිත වලින් හැදු පුංචි ආණ්ඩුව ජනතාව පාලනය කලේ භීතිය උපයෝගී කරගෙනය. ඔවුන් සාමාන්‍ය ජනතාවද මරා දමන ලදී. ඒ නිසා ඔවුන් ද ත්‍රස්තවාදින්ය. විප්ලවවාදී ත්‍රස්තවාදින්ය. ---මොකද කියන්නේ .............

    ReplyDelete
  19. තරිදු

    මම ඔබ රාවයට ලියන ලිපි කියවනවා - හැබැයි මේ කතාව සමඟ එකඟ වෙන්න බෑ - කැරලිකාරයො කියල කියන්න පුළුවන් පිරිසක් ඉන්නවා - නිකරගුවාවේ සැන්ඩිනිස්ටා ගරිල්ලන් හෝ මෙක්සිකෝවේ සැපතිස්තා ගරිල්ලන් වගේ කැරලිකරුවන් ඉන්නවා - ලංකාවේ දෙමළ විමුක්ති ව්‍යාපාරය ආරම්භක අවස්ථාවේ කැරලි කරුවන් තමයි - නමුත් උගත් තරුණ තරුණියන් සාධාරණ හේතුන් මත පටන් ගත් එම ව්‍යාපාරය ප්‍රභාකරන් තමාගේම කරගත් පසු ඔහු ක්‍රියා කර ඇත්තේ ත්‍රස්තවාදියෙක් ලෙසින් මිස අන් කිසි ලෙසකින්වත් කොවේ - දෙමළ සාමාන්‍ය ජනතාව මරා දැමීම හමුදාව අතින් සිදුවුනා - නේපාම් ප්‍රහාර දෙමළ ජනතාවට එල්ල කළ බව ඉන්ඩිස්ක්‍රිමිනේට් විදිහට කාන්තාවන් හා ස්ත්‍රීන් මරා දැමූ බව අපි දන්නවා - වෙන්කාලෙයි වල දෙමළ පවුලක්ම දරුවන් පවා කුරිරු වධ බන්ධනවලට ලක්කර මරා දැමුනා -හැබැයි ඒ ලංකාණ්ඩුවේ ත්‍රස්තවාදය නම් ප්‍රභාකරන් දහස් ගණන් සිංහල සාමාන්‍ය ජනතාවට එල්ල කළ ප්‍රහාරත් ත්‍රස්තවාදයම තමයි. අපට ආසන්නයටම මතක කැබැතිගොල්ලෑවේ සිට ඊට කලින් ගොන්ගල කෙන්ට් ඩොලර් ෆාම් ඝාතන දක්වා ප්‍රභාකරන් නිල ත්‍රස්තවාදයක් දියත් කළා - දෙමළ අරගලය ත්‍රස්තවාදයකට ලඝු කළේ ප්‍රභාකරන්ම තමයි - එහෙම කියන්නේ අපි පමණක් නොවේ - ලෝක ප්‍රජාවත් පිළිගන්න සත්‍යයක් - අර මහින්ද කීවාක් මෙන් ඇමරිකාවත් - ඒ හින්දා කැරැලිකරුවෙක් බවට පත් කරල ප්‍රභාකරන් නිරායුද්ධ සිවිල් වැසියන් ඝාතනය කිරීම් සුද්ද කිරීම එතරම් හොඳ දෙයක් නො‍වේ

    ReplyDelete
    Replies
    1. ඒක ගැන මම කල්පනා කරන්නම්!
      මම දැන් ඉන්න අදහස පැහැදිලි කරන්න ඕන!
      මම කියන්න යන්නේ ප්‍රභාකරන් වගේම ආණ්ඩුවත් මේ සිද්ධියේදී ත්‍රස්තවාදීන් ය.
      වගේ කතාවක්!!
      මම පෞද්ගලිකවම දන්නවා ආන්ඩුව කොච්චර ත්‍රස්තවාදී ද කියලා!! 
      අහිංසක මිනිස්සුන්ගේ ජීවිත නැති කළේ ප්‍රභාකරන් විතරක්නෙවෙයි!
      කැරළිකරුවන්ව මර්ධනය කරන්න ආණ්ඩුවත් පාවිච්චි කරපු උපක්‍රෙම් ත්‍රස්තවාදය තමයි!

      Delete
  20. මම හිතන්නේ ප්‍රභාකරන් කැරළිකාරයෙක් වෙන්නේ තමන්ගේ එකෙක් කොටි අතින් නොමැරෙන තාක් විතරයි. එයින් පසුදා පටන් ප්‍රභාකරන් යනු අමු ත්‍රස්තවාදියෙකි.

    ReplyDelete
  21. https://www.facebook.com/Mr.GotabayaRajapaksa/videos/448442705342628/

    ReplyDelete
  22. උඩුවා මැතිතුමා කියන්නේ මහ හතරබීරී කතාවක්නේ. අපේ ගෙදරට මිනීමරුවෙක් ඇවිත් ගෙදර මිනිස්සුන්ව මරන කොට ගෙදර ඉන්න කවුරු හරි පොල්ලකින් ගහලා අර මිනීමරුවා මරලා දානවා. ඊට පස්සේ මැරිච්ච එකා හොද එකෙක් වෙලා මරපු එකා ත්‍රස්තවාදියෙක් වෙනවද? දෙමළුයි හම්බයොයි එක්ක ලැගලා ලැගලා මදිවට උන්ගේ ගුණ ගයන්න එපා යකෝ.

    ReplyDelete
  23. මම හැරල්ඩ් ප්‍රනාන්දු
    https://www.facebook.com/harold.fernando.5895?fref=ts

    ReplyDelete
  24. මම ජීවත්වෙන වේයන්ගොඩ නගරයේ බහුතරය සිංහල. එයිනුත් බහුතරය සිංහල බෞද්ධ. සිංහල කතෝලිකයන්ද සැලකිය යුතු පිරිසක් ඉන්නවා. ඊට අමතරව මුස්ලිම් ජනතාවත් සුළු පිරිසක් ඉන්නවා. දෙමළ වාර්ගිකයන්ගේ ටික දෙනෙක් ඉන්නවා. විශේෂයෙන්ම මුස්ලිම් සහ දෙමළ වාර්ගිකයන්ගේ කඩ ටවුමේ තියෙනවා. ඒවයේ සේවය කරන දෙමළ සහ මුස්ලිම් අයත් ඉන්නවා. මේ අයට නගරය සහ ඒ අවට ස්ථිර දේපළත් තියෙනවා. මට තේරෙන හැටියට සහ මම දැකලා තියෙන විදියටනං මේ අයට සිංහල බෞද්ධ බහුතරය එක්ක සහජීවනයෙන් ජීවත් වෙන්ඩ මේ දක්වා ප්‍රශ්නයක් ඇති වෙලා නෑ. කළු ජූලියෙන් වේයන්ගොඩ නගරයේ වෙළදාම් කරපු දෙමළ ව්‍යාපාරිකයන් නගරය අත්හැරලා ගියපු බවත් ඉන්පස්සේ ඒ අයගේ කඩ සමහර මැර ක්‍රියා කරපු අයම (මේ බොහෝ දෙනා ජේආර් ආණ්ඩුවේ හිතවතුන්) ඒ කඩ අල්ලාගත් බව හෝ කුණු කොල්ලෙට අරන් තියෙන බවත් මං අහලා තියෙනවා. කෙසේ වෙතත් දැං ඒ අය නැවත ඇවිල්ලා තිබීම සතුටට කරුණක්. මේ වගේ කොළඹීන් ඈත නගරවල දෙමළ සහ මුස්ලිම් ජනතාව කුඩා ප්‍රමාණවලින් විසිරිලා ඉන්න අතර කොළඹ නගර සීමාවේ සහ වත්තල වැනි පැතිවල දෙමළ ජනතාව විශාල වශයෙන් පදිංචිව ඉන්නවා. ඔවුන් දෙමළ වීම නිසා හෝ මුස්ලිම් වීම නිසා සිංහල බහුතරයක් ඉන්න බස්නාහිර පළාතෙන් සහ සිංහලයන් බහුතරයක් ඉන්න බස්නාහිර පළාත් සභාවෙන් ඔවුන්ට ඕන තැනක ජීවත් වෙන්ඩ, ඉගෙනගන්ඩ සහ රැකියාව කරන්ඩ ව්‍යාපාර කරන්ඩ තියෙන අවස්ථා සීමා කරලා නෑ.

    මට තියෙන ප්‍රශ්නය උතුරු පළාතේ සිංහල ජනතාවට මේ ආකාරයට දෙමළ බහුතරය ඉන්න පැතිවල ඉන්ඩ බැරි වෙලා තියෙන්නේ ඇයි කියන එකයි. ඒකට වර්ගවාදී මානසිකත්වයකින් ක්‍රියා කරන දෙමළ නිලධාරීන් සහ දෙමළ දේශපාලකයන් බාධා කරනවා. අධිරාජ්‍ය ගැති වර්ගවාදීන් හුරතල් කරන ආණ්ඩුත් ඒකට උල්පන්දම් දෙනවා. නැත්තං නොදැක්කා වගේ ඉන්නවා. උපන්බිමේම දෙවන පන්තියේ පුරවැසියන් වූ සිංහල ජනතාව අමතක කරමු. අඩුම තරමින් අනූව දශකයේ මුල් භාගයේ යාපනය නගරයෙන් එක රැයින් පළවාහැරපු ලක්ෂ දෙකක් පමණ වූ මුස්ලිම් ජනතාව සහ ඔවුන්ගෙන් පැවතෙන්නන් නැවත පදිංචි කරන්ඩ බැරිව තියෙන්නේ ඇයි? කොටින් මොවුන් පළවාහැරියේ ආමි එකට ඔත්තු දෙනවා කියන චෝදනාව උඩ. මේකට හේතුව දෙමළ වර්ගවාදය සහ නාසිවාදය මිස අන් කුමක්ද?

    --- උඩුවා මැතිතුමනි - දෙමළුන්ට පුක දෙන අතරේ මෙන්න මේවා ද සිදුවන බව ඔය යන පැතිවල අයට ටිකක් කියලා දෙන්න පුළුවන් නම් ඒක ජාතික මෙහෙවඑක් වෙයි.

    ReplyDelete