Wednesday, April 20, 2016

සවනි මගේ හා ළමා කාලයට කෙළවීම

සවනිව ඉල්ලන කොල්ලගෙ වීඩියෝ එක අපේ ළමයින්ගෙ ළමා කාලේ නැතිවෙලා කියලා කට්ටියට පරල වෙන්න නිමිත්තක් වෙලා තිබුණා. ඊට පස්සේ ඒ කොල්ලා අඬනවා කියලා පරල වෙච්ච සහ නොවිච්ච අය කියන්න පටන්ගත්තේ අපි හැමෝම ඔය වයසේදී ඔහොම තමයි වෙනසකට තියේන්නේ මේ කොල්ලා අතට ෆෝන් එකක් ලැබීම කියලා. හරි, මගෙත් අදහස වුණේ ඕක තමයි මුල ඉඳන්ම. ඒත් මං ඕක ගැන මොනවත් කියන්නේ නැහැ. ඇත්තටම දැන් ඉරිද මව්බිමට වගේ පුළුවන් මේ කොල්ලව ඉන්ටවීව් කරන්න. දෙරණෙ ලෝකයෝ හා ලෝකයො එකට පුළුවන් මේ කොල්ලගෙ දෙවැනි වීඩියෝව කියලා මොකක්හරි දාන්න... මට හිතෙනවා ඔය පොඩි කියන කෑල්ලත් එක්ක සිදුවීම් ටිකක් සිහිපත් කරගන්න.



අපි ශිෂ්‍යත්ව ක්ලාස් ගියේ බණ්ඩාරවෙල ඉන්න ජනප්‍රියම ටියුෂන් ක්ලාස් ගුරුවරයගෙ පන්තියේ. ක්ලාස් එකේදී ලස්සන කෙල්ලෝ (දැන් ගත්තම ගෑණු දරුවෝ) එනවා. මට මතකයි එක දවසක් ක්ලාස් එකේ සර් කොට සායක් ඇඳන් හිටපු සහෝදරියකගේ පස්සට තට්ටුවක් දාලා මිරිකනවා ක්ලාස් එකේදී.
මම පළවෙනි ලව් සීන් එක කළේ තුනවසරෙදී. ඒ අපේ පන්තියෙ හිටපු දිල්ෂානි කියන කෙල්ලට. ඉස්සර පන්තියේදී අපි ටීච ටීච මේ අයි ගෝ ටුද ටොයිලට් කියලා ටොයිලට් යනවා. (ඒ ලෙවල් කාලේ මැඩම් චූ කරලා එන්නං කියලා ගිහිං පීරියඩ් එක ඉවර වෙනකං එළියෙ හිටිය වගේ සීන් එකක් නෙවෙයි.) යනකොට තනියෙන් යන්නෙ නෑ. හොඳම යාළුවත් එක්ක යන්නෙ. මං දිල්ෂානි එක්ක සෙට් වෙන්න හැදුවේ ටොයිලට් යෑම තුලින්.
ඒක ගොන්ම ගොන් වැඩක් වුණා. ඒ කාලේ මං සෙල්ෆි රැප් එකක් දැම්මනං මළ කෙලියක් වෙනවා.
‘‘චූ බර හැදෙද්දි මට ඔයාව මතක් වෙනව කෙල්ලේ
අත් පටලන් යමු අපි ටොයිලට් එකට කෙල්ලේ
දිල්ෂානි මගේ මං දිල්ෂානිගේ...............................‘‘ කොහොමද තුනවසරෙ කොල්ලෙක් ඒ වගේ රැප් එකක් කියනකොට??
දිල්ෂානි සීන් එක ඉවර වුණේ දිල්ෂානිට වඩා මගේ අගය ඉහළ ගිය නිසා සහ අපේ පන්තියෙ ලස්සනම කෙල්ල වෙච්ච දිල්ෂානිට වඩා ලස්සන කෙල්ලෝ වෙනත් පන්තිවල ඉන්න බව පසක් වුණ හින්දා. තුනවසරේ අගදී අල්ලපු පන්තියේ මධුෂානිට අපේ පන්තියේ තිනෙත් හා ඉෂාර ලයින් දාන්න ගත්තා. ඒ දවස්වල පන්තියේ ජනප්‍රියම කොල්ලෝ දෙන්නගේ යාළුවෝ වුණ අපි ඉන්ටවල් එක වැයකළේ මේ ලව් දෙක ගොඩදාලා දෙන්න. ඒ කාලෙම එකඟතාවයක් හදාගත්තේ විරාජ් (මට මතක විදියට) කියන මානෙල් පන්තියේ මධුෂානි ළඟින්ම ඉන්න කොල්ලට එකතුවෙලා ගේමක් දීලා පස්සේ වෙන වෙනම දෙන්නා තරඟ කරලා කෙල්ලව දිනාගන්නවා කියලා. (දේසි බෝයිස් ෆිල්ම් එකේ වගේ) මට මතකයි අපි ප්ලෑන් එකක් පවා ඇන්දා ප්‍රසිද්ධියේ විරාජ්ව ලැජ්ජාවට පත්කරලා කෙල්ල එක්ක බිඳවන්න. ඒ ප්ලෑන් එක ටීචර්ස්ලට අහුවුණා කියලත් මතකයි. කොහොමහරි මේ කතාවේ දුක හිතෙන පැත්තක් තිබුණා. මේ කොල්ලෝ දෙන්නට උදව් කරන අතරේ හිතයටිං මං අර කෙල්ලට ලයින් දැම්මා. අන්න නියම විරහ ඛේදවාචකය.... ඒක ගැන සෙල්ෆි රැපක් දැම්මනං.
මගේ හොඳම යාළුවා ලව් ලෙටර් එක ලියලා තිබුණේ දෙක වසරේදී. සමහර අකුරු ලියන්න නොදන්නා නිසා පුංචිගෙන් අහගන්නත් උට සිද්ධ වෙලා. අවසානයේ ලියුම අම්මට අහුවෙලා. මචං ඒ ලියුමෙ ෆොටෝ එකක් ෆේස්බුක් දැම්මනං.
මාව පැත්තකින් තිබ්බත් මේ ළමා කාලේ සීන් ගැන උදාහරණ ගොඩක් තියෙනවා.


සාමාන්‍යෙයන් අවුරුදු දොළහ පහුවෙනකොට කට්ටිය තරුණයන් විදියට හිතන්න ගැනීම ජීව විද්‍යාත්මකව සාමාන්‍ය කාරණයක්. අවුරුදු පහළොව දාසය වෙනකොට මේ ආදරේ ගැන මෙන්ම තරුණ ජවය පිටකිරීමත් සිද්ධ වෙනවා.

මට මතක් වෙන්නේ අපේ ඕලෙවල් කාලය. අපි හතවසරේ අන්තිම කාලේ ඉඳන් කුණුහරුප යැයි කියන වචන අපේ වාග්මාලාවට එක්කරගන්න පටන්ගත්තා. අවුරුදු පහළොව ළං වෙනකොට තමන් හෙණ ලොකු මිනිසුන් කියා අපි හිතුවා. හිතුවා විතරක් නෙවෙයි නවය වසර පහුවෙද්දී අපි ලොකු එවුන් වීමේ අත්දැකීම අත්හදා බලන්නත් පටන්ගත්තා.
අපේ සෙක්ෂන් එකේ එවුන් අතරින් නවය වසරේදී තුන්පාරක් සිගරට් බීලා අහුවුණා. එකපාරක් බියර් බීලා අහුවුණා. අහුනොවී ගොඩක් දේවල් කළා... 
ඒ කාලේ රැප් සීන් එක තිබුණනං අපේ පන්තිවල එවුනුත් රැප් සීන් එකේ ඉන්න තිබුණා. ඔය වයසට එද්දී නව යෞවනයන්ට වැඩිහිටියන් වෙන්න ඕනෑ වීම සාමාන්‍ය දෙයක්. අවුලකට තියෙන්නේ වැඩිහිටියන්ගෙන් මේ අය ගන්නේ මොනවාද කියන එකයි. ඒක 2016 ලංකාව විතරක් නෙවෙයි හැමදාම ලෝකය මුහුණදෙන කාරණයක්. 

20 comments:

  1. මේක පොඩි පිස්සුවක් වගේ.. මු ඔය රැප් සින්දුව කරපු එක මට අවුලක් නෑ.. ඒත් මු මේක පබ්ලිෂ් කරන්නේ මොන අවබෝධයකින්ද හිතා ගන්න බෑ.. ඒක හරියට කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි ස්වයන් වින්දනය කරන එකක් වීඩියෝ කරලා පබ්ලිෂ් කරනවා වගේ වැඩක් මට හිතෙන්නේ.. එකයි මං කියුවේ මෙතන පොඩි පිස්සුවක් තියෙනවා කියල.. ආ.. උඹට තැන්කියු මේ ලින්ක් එක දැම්මට.. අද තමයි ඕක ඇත්තටම බැලුවේ.. :)

    ReplyDelete
    Replies
    1. මාත් මේ ඊයෙ පෙරේදා දැක්කෙ...

      Delete
    2. මාත් මේ ඊයෙ පෙරේදා දැක්කෙ...

      Delete
  2. මචං උඩුවා ඔය රැඩිකල්වීම සහ මේනියාව අතර පැහැදිලි රේඛාවක් තියෙනවා කියලා තේරුම්ගන්නත් එක්ක මේවා ගැන සංවාදයන් ඉතා වටිනවා.......

    ReplyDelete
  3. මේකත් දැක්කද උඩුවෝ...

    http://nidahass.blogspot.com/2016/04/blog-post_75.html

    ReplyDelete
  4. 3 වසරේ දීම උඩුවාගේ වැඩ.....
    හි හි හි

    ReplyDelete
  5. අයියන්ඩි බණ්ඩාරවෙලද? ලග ඉන්න කෙනෙක් නොව. මේ මානෙල් කියන පන්තියේද හිටියේ මමත් ඒ ඉස්කෝලේ එකෙක්. හැක හැක

    ReplyDelete
  6. බණ්ඩාරවෙල ??? අප්පට බොල

    ReplyDelete
  7. මමත් මේක දැක්කේ අද
    අනේ මන්ද බන් මොනවා කියන්නද
    අන්තිම ටිකේ කුණුහරුප නොකියා හිට්යනම් කොල්ලට ලකුණක් දෙන්න තිබුණා

    ReplyDelete
  8. කුණුහබ්බයක් දෙකක් කියන්නේ නැත්නම් ඌ කොල්ලෙක්ද බං.... මට නම් කිසි අවුලක් නෑ....

    ReplyDelete
  9. Replies
    1. මේ වෙන එකෙක් බං

      Delete
    2. ඔව් බං මූ දැක්කෙ නැතිව ඇති කියලා හිතලා දැම්මේ. මූත් යන්ග් ජර්නලිස්ට් ඇසෝ එකේ නේද?

      Delete
  10. 5 වසරෙදි ලව් සීන් එකට එන්ටර් වුණ එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ එහෙනං..උඩුව 3 වසරෙදි නේ...

    ReplyDelete
  11. කොල්ලා ෆේස්බුක් එකේ ඕක දැම්මාම අපිට නැතිවෙන්න ඌ ගන්න ආතල් එක නේ.අපි කාලෙ කෙල්ලට කියන්න කොච්චර දේවල් තිබුනත් කෙල්ලට පෙනයි කියල දකියි කියල හිතන මානෙක වත් අපිට ඒවා කියාගන්න බෑනෙ..
    දැන් ෆේස්බුක ්දැම්මාම අඩුතරමෙ යාලුවෙක් වත් දකී කියල අපිට හිතන්න පුලුවන් නේ..
    ඔය වැරදි වැඩ ගැන කතාකරද්දි නම් අපේ තාත්තා අපිට වඩා ඉස්සරහින් ඉන්නවා.. කොල්ලෙක් ලියමනක් ලියලා මේස උඩින් තියලා මුල් ගුරුතුමා ආවම පෙන්වන්න..ඒකෙ තිබිල තියෙන්නෙ අක්කා වැඩිවිය පැමිණීම නිමිත්තෙන් නිවසේ සාදයක් පැවතුනු නිසා පාසැල් එන්නට බැරිවුනා කියලා..මේ ලියුම අරගෙන අපේ පියානෝ තනිකර ඒක ඒ ෆොන්ට් එකෙන්ම විනාඩි පහෙන් ආපහු ලියල එතන තියලා..
    ඒකෙ ලියල තියෙන්නෙ අපේ ආච්චී වැඩිවියට පැමිණීම නිමිත්තෙන් කියලා..

    අවසානෙ හොදට සම්බුව හම්බෙල තියෙනවා..ඒ ඔය අපිට කියන්න පුලුවන් හරිය තමයි බුවාගෙ..

    ReplyDelete
  12. මම මුලින්ම කෙල්ලෙක් ගැන හිතුවේ පහේ පන්තියේදී.නම "දේශානි" අපේ ස්කෝලේ කෙල්ලෝ හිටියේ නැති නිසා ඒ වයසේ අපිට කෙල්ලෝ නිකම් පොඩි මැජික් එකක් වගේ.

    රැප් සින් එකෙත් මරු අතාල් තියෙනවානේ.

    ReplyDelete
  13. මමත්
    මොනවහරි කියනවද.. ආපු අතක් බලාගෙන යනවද ?
    මොනවහරි කියනවද.. ආපු අතක් බලාගෙන යනවද ?
    මොනවහරි කියනවද.. ආපු අතක් බලාගෙන යනවද ?
    මොනවහරි කියනවද.. ආපු අතක් බලාගෙන යනවද ?

    එක්කෝ ආපු අතක් බලාගෙනම යනව.


    ෂෝක් පෝස්ට් එක ඈ

    ReplyDelete
  14. උඹ කියන එක හරියට හරි මල්ලි. මමත් මේ බ්ලොග් වසන්තයට මොනව හරි ලියන්න ඕනේ කිය කියා ඉන්නකොට ඔය ඉස්සර ඉස්කෝලේ කාලෙදි කරපුවා කියපුවා මතක් උනත් බ්ලොග් එකක රෙද්දක් ඇඳන් ඕවා ලියන්න පුළුවන්ද කියලා පස්සෙ හිතුනා.

    මමත් හිතන්නේ ඔය පොඩි එකා ඕක නිකමට වීඩියෝ කරලා, වෙන එකෙක්ට අහුවෙලා පබ්ලිශ් වෙච්ච එකක් විදිහට.....

    පවු වැඩේ, ඌ මේ සිද්දියේදී ඇත්තටම අසරණ ඇති, කොච්චර කොල්ලෝ මූව බයිට් කරනවා ඇතිද දැන්.....

    ReplyDelete
  15. කමෙන්ට් වලට රත්තරන් තෑන්ක්ස්!!
    අපතයෙක් වගේ හිටිය මිසක් කමෙන්ට් වලට රිප්ලයි නොකලට සොරි
    ජයවේවා

    ReplyDelete