Thursday, April 07, 2016

ගෝනි එලුවයි මිනිස්සු කන කිඹුලයි බලන්න සෙට් වෙමු

"ගෝනි එළුවා" වෙබ්සයිට් එක දැකල තියෙනවද?

වෙබ්සයිට් එක පොඩ්ඩක් පැත්තකින් තිබ්බොත්, ගෝනි එළුවා කියන්නෙ හෙණ පරණ කන්සෙප්ට් එකක්.... ඔය අවුරුදු කාලෙට, වෙසක් කාලෙට හෙම කරන, ටිකක් පරණ කාලෙ ඇන්දිල්ලක්...... පරණ කියන්නෙ අපිටත් වඩා පරණ.... අපෙ අම්මලගෙ කාලෙ ඇන්දිල්ලක්..... සීන් එක මේමයි වෙන්නෙ....

"ගෝනි එළුවා බලාගන්න සත 10යි" කියල ලොකුවට බෝඩ් එකක් එල්ලල තියෙනවා..... කට්ට කළුපාට කාක් රෙද්දකින් වහපු කාමරේකුත් තියෙනවා.... මිනිස්සු පෝළිමකුත් ඉන්නවා ඇතුළට යන්ඩ බලාගෙන..... එළියෙ සත දහයට ටිකට් කඩන බුවෙකුත් ඉන්නවා.....


වැඩේ වෙන්නෙ මෙහෙමයි.. දැන් මම ටිකට් එක කඩාගෙන යනවනෙ ඇතුළට.... ගියාම මට හොඳට ආයිබෝං කියල පිළි අරගෙන වාඩිවෙන්න පුටුවක් කාරිය දීල, පොරක් එනවා ගෝනියකුත් අරං... ඇවිල්ල මගෙ ඉස්සරහ බිමින් ගෝනිය එළල කියනවා "ඔන්න මහත්තයෝ ගෝනි එළුවා බලාගන්ඩ" කියල.... විළි ලැජ්ජාව නිසාත්, මං විතරක් බයිට් වුණා වෙන්ඩ හොඳ නැති නිසාත්, මං කට තදකරං එළියට යනවා... පෝළිමේ මට මස්සෙ ආපු එකාත් මං වගේම බයිට් වෙනවා....

ගෝනි එළුවා වෙබ්සයිට් එකක් කරන්නෙත් එහෙමයි.... කොහෙ හරි කොල්ලෙක් කෙල්ලෙක් මරාගන්න එකක්, ගෑණියෙක්ගෙ ගවුමක් උඩගිය එකක්, නැත්නම් මොක්කු හරි දෙන්නෙක්ගෙ පළහිලව්වක් හෙම අල්ලගන්නවා.... ඊට පස්සෙ ඇස නැටවෙන තම්බ්නේල් පික්චර් එකක් දානවා... ඉස්කෝලෙ යනකාලෙ කැලෑ පත්තර ගහපු හද්ද කුජීත බුවෙක් හොයාගෙන ලියවගන්නවා හෙඩ්ලයින් එකක්.. කෝමද... මෙන්න මෙහෙම...

"ලංකාවෙ කෙල්ලො ටිකක් බීල දාපු පට්ට ඩාන්ස් එක මෙන්න"

"ලංකාවෙ කොල්ලෙක් කෙල්ලෙක්ට දීපු සුපිරි ආතල් එක මෙන්න"

"බුදු අම්මෝ මෙන්න හොරගෑණියි මිනිහයි මාට්‍ටු"

"අහවල් නිළියට හොරි හැදිලා - ෆොටෝ සහිතයි"

"අහවල් බුවා පාරෙ යනකොට දාපු පට්ට සීන් එක - වීඩියෝ සහිතයි"

"කෙල්ල බලන්න සල්ලි නැතිකමට ආච්චිගෙ රෙද්ද විකුණලා"

පැහැදිලියිනෙ.....

ඕක කොරගත්තය කියන්නෙ වැඩෙන් බාගයක් ඉවරයි..... ඊට පස්සෙ අර කලින් හොයාගත්ත ගඳ ගහන කුණු විඩියෝ එක හරි ගොසිප් එක හරි ගෙඩි පිටිං අලවන්න.... ඊට පස්සෙ ෆේක් දහ පහළොහකින් ඕක බුකියෙ තියෙනතාක් ගෘප්වල අලව අලව යන්න... ("ටිං... ටිං... ටිං..." ගාල සද්දෙ ඇහෙනකොට දන්නවා අර කිව්වයින් අපතයෙක් අලව අලව යන බව...) ගෘප් නැත්නම් එකක් හදාගෙන ඉන්ටනෙට් එකෙන් ස්ක්‍රිප්ට් එකක් බාගෙන ඉන්න තරමක් යාළුවො ඇඩ් කරගන්න.... යාළුවොත් නැත්නං කලබල වෙන්ඩ එපා... "සවුත් ඉන්දියන් ටීන් හොට්" වගේ කීවර්ඩ් එකක් දාල ගූගල් ඉමේජ් සර්ච් කරල ෆොටෝ දහයක් විතර බාල ෆේක් එකක් හදල එක පබ්ලික් ගෘප් එකක "හා....යි" කියල දාල නිදාගන්ඩ.... උදේ වෙද්දිං මේකෙ ඉන්න මෝල්සන්ල දාහක් දෙදාහක් රික්වෙස්ට් දාල තියෙයි.....

ඔය උස්සා ඇත්තේ චමීර ජීවන්ත ෆේස්බුක්හි තැබූ සටහනකි... බ්ලොග් අවකාශයේ තිබීම හොඳ නිසා මෙතැනට ගෙන ආවෙමි. වෙනදා මෙන් හොරෙන් නොව චමීරගේ අනුමැතියද ගෙන ඉස්සුවෙමි.

චමීර ජීවන්ත

ගෝනි එළුවෝ පෙන්වන්නේ වෙබ් අඩවි වලින් පමණක් නොවේ.. පුවත්පත් වලින්ද නිතර ගෝනි එළුවෝ පෙන්වනු ලැබේ... ඊයේ පෙරේදා කවුදෝ පිස්සු කෙල්ලෙක් රාවණා ගුහාවකට යනවායැයි කියමින් ගෝනි එළුවා පෙන්නා ඇත.

මේ ගෝනි එළුවා යුගයකි... පිට පොත්ත රතට හදා මදේ කිසිවක් නැති දේ බොහෝ තියෙන යුගයකි. සියල්ල මාකට් කරගත යුතු යුගයකි... 


සියල්ලටම වඩා ඔය කෙල්ලෝ කොල්ලෙක් හොයාගනිද්දීද කොල්ලෝ කෙල්ලෙක් හොයාගනිද්දීද ගෝනි එළුවාට හසු නොවිය යුතුය. මේ බාහිර ඔපය පමණක් ඇති යුගයකි. අභ්‍යන්තරයට ගියපසු ඔබව අන්දා ඇති බව දැනෙනු ඇත. එවිට පරක්කු වැඩිය.

දේශපාලඥයෝ ඡන්දයට පෙර ගෝනි එළුවා පෙන්වන බවට බෝඩ් ලෑලි දමති. අන්තිමට ගෝනියක් එලා පෙන්වති.

වැඩේ කියන්නේ මේ යුගයේ ප්‍රගතිශීලීන්ද විප්ලවකරුවන් ද හැම ලබ්බෙක්ම ගෝනි එළුවා පෙන්වීමයි. විශේෂ කිසිවක් නොකර බෝඩ් ලෑල්ලෙන් පමණක් ඔවුහු විශේෂ වෙති. එක්කෝ රැවුලෙන් පමණක් විශේෂ වෙති.

ගෝනි එළුවා පමණක් නොවු මිනිස්සු කන කිඹුලාද ඔන්නං උදාහරණෙට යොදාගත හැකිය.

සිංහල ෆිල්ම් වල පූර්ව ප්‍රචාරක පටිද මිනිසුන් කන කිඹුලන් ය.

මේ මිනිස්සු කන කිඹුලන්ගේද ගෝනි එළුවන්ගේද යුගයකි.

හොඳයි!!!!

හෙට හවස ඔය ජාතියේම ගෝනි එළුවෙක් මෙන්ම මිනිසුන් කන කිඹුලෙක් පෙන්වන්නේය. බලන්නට එන ලෙස ආරාධනා කරමි.

ගම්මිරිස් ඇටයක් බඳු කෙල්ලෙක්ගේ පණ්ඩිත ටෝක් අසන්නට කැමති නං ආ හැකිය. අපි නං මිස් කරන්නේ නැත.

ඒ කෙල්ලට කියන්නේ බස්සි කියලාය. වැඩේ ගැන විස්තර මේ ෆොටෝවෙන් හා බස්සිගේ බෝඩිමෙන් දැන කියාගත හැකිය.



හරි හරි... බස්සිගෙන් කාටවත් වැඩක් නැති බවත් උඩුවා එනවානං බොහෝ දෙනෙක් එන බවත් දනිමි. ඒ නිසා බස්සි වෙනුවෙන් විශේෂ ආරාධිත අමුත්තෙක් ලෙස මමත් එන්නෙමි.

එහෙනං කිඹුලෙක් කාල ගෝනියක් එලමු හොඳේ... 

ප.ලි. - බස්සිට මඩගහන්න චමීරයාගේ සටහන ඉස්සුවේ ඔහුගේ අනුදැනුමකින් තොරවය. බස්සිට මඩ ගැහීම ඇවිල්ල රුවන් නෙලූගේ කන්සෙප්ට් එකකි. ආදරේට මඩ ගැසිය හැකි බව මට පසක් කළේ ඔහු ය.

17 comments:

  1. ඌ මඩත් ගහලා, ඒක මගෙ පිටත් දාලා ශේප් උනා :D ඒක පට්ට කන්සෙප්ට් එක ...

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. //හරි හරි... බස්සිගෙන් කාටවත් වැඩක් නැති බවත් උඩුවා එනවානං බොහෝ දෙනෙක් එන බවත් දනිමි. ඒ නිසා බස්සි වෙනුවෙන් විශේෂ ආරාධිත අමුත්තෙක් ලෙස මමත් එන්නෙමි.//
    අන්න දවසේ කතාව!

    හෙනං ගෝනි නෙළුවාවත් එක්කගෙන හෙට අනිවා එන්න හොඳේ. ඔන්න ප්‍රසිද්ධියේ මඩ ගහන්න ලැබෙන චාන්ස් එක! ;)

    තැන්කූ උඩුවා! බ්ලොග් අවකාශය හරහා ඉපදිච්ච මේ සහෝදරකම්වල වටිනාකම කියලා නිම කරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. එහෙම කිව්වයි කියල මඩ නොගහ ඉන්නෙ නැහැ හොඳේ!!!! 
      (කහටක් නැතිව සෙට් වෙන මිනිස්සු බ්ලොග් වල ඉන්නව)

      Delete
  4. බස්සිත් ගෝනි එලුවා එකක් කරනවනම් මං එන්නෑ. එහෙම නැත්නම් මං එනව.

    ReplyDelete
    Replies
    1. ගෝනියක් එළුවත් මේ කෙල්ල සර්කස් එකක් එහෙම දාල එලයි!! 
      නිකංම එලන එකක් නෑ

      Delete
  5. එතකොට ඔය ගෝනි එළුව ගේන්නෙ බස්සි අක්කද උගුඩු අයියද??:D

    ReplyDelete
    Replies
    1. බස්සි ගෙනාවම අපට පුළුවන් එළල දෙන්න

      Delete
  6. චමිර කලින් බ්ලොග් ලියුවා නේද දෙද්දුවගේ නමින්

    ReplyDelete
    Replies
    1. මම ඇත්තටම දන්නෙ නෑ... ඕක හොයන්න ගූගල් සර්ච් එකක් දැම්මම ආවේ සම්පූර්ණයෙන්ම මේ යකාට හද්ද කුණුහරුපෙන් බැන්න ඒවා

      Delete
  7. ගෝනි එළුවා වගේම තව එකක් තමයි ඇත් දත් (ඇද්දත්) පුටුව. දැකලා තියෙනවද? චමීර ජීවන්ත රාවයේ ලේඛකයෙක්ද? කවුරු උනත් එළ කොල්ලෙක්. එන්න වෙන්නේ නෑ. බස්සිට ජය වේවා !

    ReplyDelete
    Replies
    1. චමීර රාවයෙ ලේඛකයෙක් නෙවේ සහෝදරය

      Delete
  8. බස්සිනම් ගෝනි එළුවා තියරියට ගැලපෙන්නේ නෑ.

    ReplyDelete
  9. අග හරියට එනකන් තේරුනේ නැහැ බස්සිගේ වැඩේ ගැන කියන්නේ කියල;.නියමයි උඩුවා. අට ගෝනි එළුවා කිවේ බස්සට වත්ද ?

    ReplyDelete