Sunday, October 14, 2018

ශ‍්‍රී ලංකාවේ ෆෙස්බුක් පාලනය අයර්ලන්තයේ සිට


ශ‍්‍රී ලාංකිකයන් ෆෙස්බුක් අඩවියෙහි පළකරන විවිධ අදහස් දැක්වීම් අතරින් ජනවාර්ගික ගැටුම්වලට හේතුවන අදහස් දැක්වීම් පාලනය කිරීම සඳහා ෆෙස්බුක් ආයතනයේ අයර්ලන්තයේ ඇති කාර්යාලයක් විසින් කණ්ඩායමක් යොදවා ඇති අතර එම කාර්යාලය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහි දේශපාලන අදහස් දැක්වීම්ද පාලනය කරමින් සිටින බව වාර්තා වෙයි.
Add caption

( පහළ යූටියුබ් ලින්ක් එකෙන් සම්පූර්ණ කතාව ගැන විස්තර කරපු රිවීව් එකක් බලන්න පුලුවන්.... )



ෆෙස්බුක් අඩවියෙහි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ හෝ චතුරිකා සිරිසේන වැනි ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ ඡායාරූප හෝ නම් සඳහන්වෙන ෆෙස්බුක් අදහස් දැක්වීම් ෆෙස්බුක් ආයතනයට මුදල් ගෙවා දැන්වීම් ලෙස පළකිරීම එම කණ්ඩායම විසින් අත්හිටුවා ඇත. ෆෙස්බුක් ආයතනයෙහි දැන්වීම් පළකරන ක‍්‍රමය වන්නේ යම් ෆෙස්බුක් පිටුවක් පළකරන පෝස්ටුවක් ඩොලර් කිහිපයක මුදලක් ගෙවා, වෙනත් ෆෙස්බුක් ගිණුම්වල නිව්ස් ෆීඞ් කොටසට දැන්වීම් ලෙස යැවීමයි. එලෙස පළකරන දැන්වීම්වල ජනවාර්ගි ක ගැටුම් ඇති නොවෙන අන්දමේ දේශපාලන අදහස් සටහන් වුවද එවැනි දැන්වීම්ද, ජනාධිපතිවරයාට හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට අදාළ දැන්වීම්ද ප‍්‍රචාරය නොකිරීමට ෆෙස්බුක් ආයතනය කටයුතු කරයි. ඊට අමතරව දේශපාලන අදහස් රැගත් ෆෙස්බුක් පෝස්ට් තහනම් කළ අවස්ථා කිහිපයක්ද වාර්තා වී ඇත.
පසුගිය මාර්තු මාසයේදී තෙල්දෙණිය හා දිගන ප‍්‍රදේශවල ඇතිවූ ගැටුම් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ මැදිහත්වීම මත විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ෆෙස්බුක් ඇතුළු වෙබ් අඩවි කිහිපයකට පිවිසීම අවහිර කර තිබුණි. ඉන්පසුව ෆෙස්බුක් ආයතනයේ නියෝජිතයන් පිරිසක් සහ ශ‍්‍රී ලංකා රජය අතර සාකච්ඡුාවක් පවත්වා තිබුණු අතර ශ‍්‍රී ලංකාවේ රජය පාර්ශ්වයෙන් ෆෙස්බුක්හි පළවෙන අදහස් දැක්වීම් පාලනය කිරිම සඳහා ශ‍්‍රී ලංකාවේ කාර්යාලයක් පිහිටුවන ලෙස දැඩිව ඉල්ලීම් කර තිබුණි. ෆෙස්බුක් ආයතනය එයට එකඟ වී නොතිබුණු අතර ඒ වෙනුවට අයර්ලන්තයේ ඩබ්ලින්හි තිබෙන ෆෙස්බුක් සමාගමේ කාර්යාලයකට ශ‍්‍රී ලාංකිකයන් පිරිසක් බඳවාගෙන, ලංකාවේ ෆෙස්බුක් ගිණුම් පිළිබඳ පරීක්ෂා කිරීම පවරා ඇත.
මේ වෙද්දි ෆෙස්බුක්හි සිදුවන අදහස් දැක්වීම් පිළිබඳව ලැබෙන පැමිණිලි සියල්ල එම කණ්ඩායම විසින් පරීක්ෂා කරනු ලබයි.
අනිද්දා සමඟ අදහස් දක්වමින් ෆෙස්බුක් ආයතනය සමඟ සම්බන්ධතා පවත්වා ඇති තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ නිලධාරියෙකු ප‍්‍රකාශ කළේ ෆෙස්බුක් ගිණුම් පාලනය කිරීමේ කටයුතු ශ‍්‍රී ලංකාවේදී කිරීමට හෝ එයට ශ‍්‍රී ලංකා රජයේ මැදිහත්වීම් සිදුකිරීමට ෆෙස්බුක් ආයතනය එකඟ නොවූ බවයි. ජනාධිපතිවරයා විවේචනය කරන අදහස් දැක්වීම් පාලනය කිරීම මඟින් ශ‍්‍රී ලංකා රජය සමඟ ගැටුමක් ඇති කර නොගැනීමේ ප‍්‍රතිපත්තියක සිට ෆෙස්බුක් ආයතනය එම කටයුතු සිදු කරනවා විය හැකි බවය.
-  රේඛා නිලුක්ෂි හේරත්
( අනිද්දා පුවත්පතේ පළවුණ ප්‍රවෘත්තියක්.... පහළ ලින්ක් එකෙන් අනිද්දා වෙබ් එකට ගියොත් තවත් හෙළිදරව් රැසක් දකින්න පුලුවන්. ) 
http://www.anidda.lk/%E0%B7%81%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E0%B7%86%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B4/

1 comment: