Tuesday, September 06, 2016

නපුංසක බලු ගෑණු වැඩ කරන්න එපා ඕයි

බ්ලොග් අඩවියේ හිට්ස් සංඛ්‍යාව  ලක්ෂය ඉක්මවූවා. 

ටික දවසක් තිස්සේ බ්ලොග් ලියන්න වගේම කියවන්නත් මට බැරිවුණා. විජය නන්දසිරි ගැන ලියපු සටහනට ගල් සහ මල් ආවාට පස්සේ. මායා ගැන පෝස්ට් එක දාන්න දවසකට දෙකකට කලින් තමයි බ්ලොගක් කියවන්න කියලා බ්ලොග් අවකාශයට ආවේ. ඒත් එතැන ජරා වලක් බවට පත්ව තිබුණ හින්දා පෝස්ට් එකක් දාන්න අපුලක් ඇතිවුණා. ඒ නිසා නිකම් ඉඳපු මම ෆෝන් එකෙන් ලියපු මායා ගැන සටහන බ්ලොග් අඩවියට එකතු කළා. ඒක බ්ලොග් අඩවියේ පාඨකයන් සංඛ්‍යාව ලක්ෂය දක්වා ගෙනගියා.

මම හිතාගෙන හිටියා හෙමින් හෙමින් ගමන් කරපු බ්ලොග් අඩවිය ලක්ෂය පිරෙන මොහොතේ සටහනක් ලියන්න. බ්ලොග් අඩවියේ අතහිත දුන් අයට ස්තූතියක් කරලා බ්ලොග් අඩවිය පටන්ගන්න හේතුවත් බ්ලොග්කරණයේදී මම හුරුවෙලා තිබුණ විදියත් ටිකක් පැහැදිළි කරන්න. කොහොමහරි පවතින වාතාවරණයේ සීන් එකත් එක්ක මට හිතුණා පොදු වැසිකිලයක් අරින්න. මාතලන්ගේ අර්ථකථනය අනුව. (මේකෙ කොහොමත් ටොයිලට් යන්න ගොඩක් අය එන එකක් නැහැ. මොකද මම වෙන ටොයිලට් වලට ගියත් මුත්‍රා පාරක් ඇර වෙන දේවල් කරනවා අඩු හින්දා)


සිංහල බ්ලොග් ලොව ලොකුම පොදු වැසිකිලිය තියෙන්නේ මාතලන්ට කියලයි මට හිතෙන්නේ. මොකද රටේ වෙන දේශපාලන සංස්කෘතික සමාජීය ආර්ථික වගේ සීන් සම්බන්ධයෙන්නේ මාතලන් ලියන්නේ. කමෙන්ට් කිරීම ටොයිලට් යෑමක්නං වැඩියෙන්ම ටොයිලට් යන්නේ මාතෙ අයියගේම බ්ලොග් එකට තමයි. කොහොම වුණත් මාතලන් පහුගිය දිනවල කී දේවල් හරිද වැරදිද එකඟද නැද්ද කියලා කියන්න නෙවෙයි මං හදන්නේ. මට ඒවා අදාල නෑනේ..... 

කාරණේට එමු.............................

උඩුවාගේ සටහන් අඩවිය පටන්ගත්තේ දේශපාලනය ගැන ලියන්නයි. ඒත් වැඩියෙන්ම කියවලා තියෙන්නේ මම සිනමාව ගැනත් කලාව ගැනත් ලියපු දේවල් බව දකින්න පුළුවන්. අපේ බොහො දෙනෙක් දැන් දේශපාලනය ගැන කියැවීමත් ලිවීමත් ගැන ලොකු උනන්දුවක් දක්වන්නේ නැහැ. විශේෂයෙන් මට දේශපාලනය ගැන රහ හිතෙන විදියට ලියන්න බැරිව ඇති. සිනමාව ගැන මා ලියන දේවල් රසවත් වෙන්නැති. කොහොම හරි දේශපාලනය ගැන අඩුවෙන් ලියන්න කාලයත් එක්ක මං හුරුවුනා. 

බ්ලොග් එක මං පටන්ගන්න කලින් ඒ වෙද්දී ජනප්‍රිය බ්ලොග් කිහිපයක් කියෙව්වා. කතන්දර, බස්සි, මාතලන්, රසිකලොජිස්ට්, පැරා වගේ බ්ලොග් වැඩියෙන් අධ්‍යනේ කළා. එතැනින් මට  ලැබුණු ලක්ෂණ විදියට දැනෙන්නේ බස්සිගේ තරුණකමයි, රසිකගේ භාෂාව ඇතුළු සමහර දේවලුයි මාතලන්ගේ ස්පීඩ් එකයි වගේ දේවල්.

මුලින්ම මම මට ආවේණික භාෂා ශෛලියක් හදාගන්න උත්සාහ කළා. රසික, පැරා වගේ ලිඛිත භාසාවෙන් ලියන අතරෙ වරහන් වල කකා, මාතලන් වගේ කතාකරන භාෂාවෙන් නෝමල් වචනත් අසම්මත වචනත් යොදන්න ඕන කියලා මම හිතුවා. ඒත් කල් යද්දී එහෙම ශෛලියකින් ලිවීම ආයාසයකින් කරන්න ඕන කියලා තේරෙනකොට මං වැඩේ අතෑරියා. ඔළුවට එන ඕන විදියකට ලිව්වා.

මං අළුත් වුණත් අළුත් පොඩි එකෙක් කියලා නොතකා රසික, මාතලන් වගේ දැවැන්තයෝ කමෙන්ට් කළා. මාතලන් මාව සින්ඩියට දාගනිද්දී රසික මං වෙනුවෙන් පෝස්ට් එකක් ලීවා. කොළඹ ගමයා මගේ ලිපි නෙළුම් යායේ එල්ලුවා. ඒමවා මේවා නිසා බ්ලොග් ලොව මාව අඳුනගත්තා.

මොනා ගැන ලීවත් මම කල්පනා කරමින් කපමින් කොටමින් සැලසුම් කරමින් ලියන්නෙක් නෙවෙයි. එකපාර ලියවෙන පිටපත් පබ්ලිෂ් බට්න් එක ඔබලා පබ්ලිෂ් කරනවා. කිසිම සටහනක් කපලා නැහැ. සමහර වෙලාවට පබ්ලිෂ් කළාට පස්සෙ ඕවර් ගිහිල්ල කියල තේරුණොත් සමහර කොටස් ඉවත් කරපු, වෙනස් කරපු වෙලාවල් තිබුණා. අනෙක් අතට කොන්ක්‍රීට් මතවාදයක් මගේ සටහන් ඇතුලේ ඉදිරිපත් කරන්න මගේ කැමැත්තක් නැහැ. මතවාද තියෙන්නේ දාර්ශණිකයන්ට. මම වෘත්තියක් හැටියට ජර්නලිසම් කරන, අතට අහුවෙන දේ අහුවෙන විදියට කියවගන්න උත්සාහ කරන අපිළිවෙලින් යුතු පොරක්. මම කියන සමහර දේවල් ගිනිපුපුරු වුණා. සමහර දේවල් මටම පාරාවලල්ලක් වුණා.

මාව තේරුම් අරන් තිබුණා සන්නස්ගල. එයා කිව්වා තරිඳු ඇවිල්ලා මොකක්හරි ගිනි පුපුරක් දල්වලා ආතල් එකේ බලාගෙන ඉන්න ජාතියේ පොරක් කියලා. බොහෝවිට ඔහු කිව්ව දේ හරි. මං දැඩිව විශ්වාස කරනවා සමාජ මාධ්‍ය ඇතුලේ ලියන දේට වඩා ලියන දේවල්වලට එන ප්‍රතිචාර එක්කයි සංවාදයක් සම්පූර්ණ වෙන්නේ කියලා.

මේ යුගයේ අපේ අතට සෝෂල් මීඩියා අහුවෙලා තියෙනවා. අපි අපට රිසි රිසි විදියට ඒක අල්ලගෙන නොයෙක් දේවල් කරනවා. ඒ අතරෙ අපි හිතනවා අපි මාර දේශපාලන වැඩක් කරනවා කියලා. එහෙම නෑ. අපි මේ පොඩි ෆන් එකක් ගන්නේ. හැමෝම.

මුලින් හැකි හැමවෙලාවෙම සහෝදර බ්ලොග් අඩවිවලට ගිහින් කමෙන්ට් කරන්න මම හුරුවුණත් පස්සේ විවිධ වගකීම් මගේ කරපිට වැටුනු හින්දා බ්ලොග් කියවනවා මිසක් කමෙන්ට් කරන්න වෙලාවක් ලැබුණේ නැහැ. මෑත කාලයේ නම් මගේ බ්ලොගට වැටුණු කමෙන්ට් වලට රිප්ලයි කරන්න ලැබුණෙත් නැහැ. ලක්ෂයෙන් පස්සේ එවන් වැරදි නොකරන බව සමාව භාජනයෙන් යුතුව කියන්න ඕන. ඉස්සරහට රිප්ලයි වලට රිප්ලයි දාලා බ්ලොග් සංවාදය කම්ප්ලීට් කරන්න මං බලාපොරොත්තු වෙනවා.

බල්ලො මිනිස්සුන්ට මූලික අයිතිවාසිකම් නඩුවක් දාන්න කාලයක් තිස්සේ බලාගෙන ඉන්න බව ජනප්‍රිය කතාවක්. මොකද ස්ත්‍රී දූෂණයක් කළත්, පික්පොකට් ගැහුවත් යාළුවාගේ නෝනට අතවර කළත් කියන්නෙ බලුවැඩ කරන්න එපා ඕයි කියලයි. එහෙම කිව්වත් බල්ලෝ කවදාවත් ඒ විදියේ වැඩ කරන්නේ නැහැ. බලු වැඩ කරන්න එපා ඕයි කියලා අපි බණින්නේ කවදාවත් බල්ලෝ නොකරන වැඩ කරන මිනිස්සුන්ටයි.

ගෑණු වැඩ කරන්න එපා සහ පිරිමියෙක් වගේ ඉඳපං වගේ කතා වුණත් අපි එදිනෙදා භාවිතයේදී යොදන වචන. උඹෙ පිරිමිකම තියාගනින්. අපි තවෙකෙක්ට උපදෙස් දෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? පිරිමියා ඉදිරියෙන් ඉන්න ඕන බවද?

ගෑණු කෙනෙක්ගෙන් කවුරුහරි බැණුම් ඇහුවොත් කියන්නේ පිරිමිකම නැතිවුණා ගෑණියෙක්ගෙන් බැණුම් ඇහුවා කියලා. ගුටිකෑවත් එහෙමයි.

අනෙක් අතට සෙට් එකක කේලම් කියන පොරක් හිටියොත් කියන්නේ ගෑණියෙක් වගේ කේලම් කියනවා කියලා. ගෑණියෙක් වෙන්න එපා කියලා.

අපි සමාජය ඇතුලේ සමහර දුර්වලතා. පසුගාමී තැන් ගෑණුන්ට ආවේණික ලක්ෂණ කියලා හිතාගෙන ඉන්නවා. ඕනෑතරම් පිරිමි එ් ජාතියේ වැඩ කරනවා. ඇත්තටම බල්ලා කිව්වාම බල්ලට දැනේනේ නැති හින්දා ලොකු වැරැද්දක් නෑ. ඒත් ගෑණි කිව්වාම දැනෙනවා.


නපුංසකයා හෝ පොන්නයා කියන්නෙත් ඒ වගේ වචනයක්. ඒ වචනය පහත් වැඩ කරන මිනිස්සුන්ට හෝ මනුස්සයෙක් පහත් වැඩ කරනවා කියලා පෙන්වන්න යොදාගන්න එකට මං එකඟ නැහැ. ලිංගිකව පිරිමි හෝ ගැහැණු වෙනුවට වෙනස් තත්වයන් යටතේ මිනිසුන් උපදිනවා කියන එක සාමාන්‍ය දෙයක්. ඒක ජීව විද්‍යාත්මක තත්වයක්. කොටින්ම කිව්වොත් අපේ ගෙදර ඉන්නවා ලෙස්බියන් පූසෙක්.




ඉතින් පහත් මිනිහෙක්ට නපුංසකයා (හෝ ඒ අර්ථය එන කුණුහරුප) කියා බණින එක පසුගාමී ප්‍රතිගාමී වැඩක්. මාතලන් සහෝදරයාගේ නපුංසක පෝස්ට් ගැන මට කියන්නට තියෙන්නේ එපමණයි. මගෙ නං අදහස ඔය වගේ පහත් අය ගැහැණු අයටත් වඩා, නපුංසක අයටත් වඩා ඉන්නේ පිරිමි අයම තමයි.

80 comments:

  1. //මගෙ නං අදහස ඔය වගේ පහත් අය ගැහැණු අයටත් වඩා, නපුංසක අයටත් වඩා ඉන්නේ පිරිමි අයම තමයි. //:D:D

    ReplyDelete
    Replies
    1. ගුටි කන්න වෙයිද දන්නෑ එහෙම කියලා... මහ ජාතයේ ජාතිවාදය කිව්වා වගේ තමයි

      Delete
  2. මා තරිඳු ගැන මගේ රසිකොලොජි බ්ලොගයේ ලීවේ ඔබේ ලිපිවල අන්තර්ගතය මා සිත්ගත් නිසයි.

    මේ ලිපියේ ඇතැම් කොටස් ප්‍රේමකීර්ති ලියා ෆ්‍රෙඩී සිල්වා ගැයූ "බල්ලා, බල්ලා" ගීයේ අරුත හා සමපාත වෙනවා.

    මා නම් කිසි දිනෙක කිසිවෙකුට අසභ්‍ය වචනයෙන් බැණවැදී / ලියා නෑ. මට අභූත චෝදනා නගමින් අපහාස කළ අයටත් මා අනුකම්පා කරනවා මිස වෛරයක් නෑ.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙත් සමාජ මාධ්‍ය ඇතුලේ කරන දෙවල්වලින් මිනිස්සු මනින්න හොඳ නැහැ.
      ඇත්තටම මං වුණ දේවල් දන්නේ නැති නිසා අදහසක් කියන්නේ නැහැ.
      සමාජ මාධ්‍ය වලින් මිනිස්සු මැනීම ඇඳුමෙන් මනිනවා වගේ වැඩක්

      Delete
    2. Rasikayyya anukammpa karanna epa Gal Bothalayak ewapnakoo

      Delete
  3. නපුංසක කියන්නෙ එක්තරා අනන්\යතාවයක් සහිත් මිනිස් කොට්ඨාශයක් එයාලගෙ අයිතිවාසිකම් මාතලන් ඉහලින්ම අගය කරනවා. එහෙත් ඔවුන් පොදු මිනිසාගෙන් වෙනස්වූ පිටිසක්. නත්නම් එහෙම නමක් අවශ්\ය වෙන්නෙ නෑ නේ. ඉය්හින් මිනිස් වෙසින් ප්‍රසොද්ධියේ ඉඳගෙන පොන්නයෝ වගේ හැසිරීමක් ගැනයි මම කතා කලේ.අපි හමු උන වෙලාවල මෙ ගෙන කතා කරමු. කොහොම නමුත් දාර පොන්නයෝ ටිකක් නම් හොයා ගත්තා.

    ජයවේවා....!!!

    එහෙම හම්බ වෙන්න අප්පිරිය නම් කියපන් මචෝ කෙලිම්. මොකෝ මම කෙලින් කතා කරන මිනිස්සුන්ට කැමතියි...

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න පුළුවන්.....
      මට කිසිම අප්පිරියාවක් නැහැ මාතලන් ගැන... මම නොදන්නා (දැනගන්න ඕන නැති) සිදුවීමක් නිසා කා එක්කවත් තරහ වෙන්න ඕන නැහැ.
      අනික ඔය වචන යොදල මිනිස්සුන්ට බනින එක මාත් කරලා ඇති. ඒක මහා පාපයක්ය කියලා මම කියන්නේ නැහැ.
      එහෙම වෙනවා එච්චරයි.

      Delete
    2. හැබැයි එහෙම කියන එක ප්‍රතිගාමී වැඩක් කියලයි මං හිතන්නේ... ඒ අර්ථයෙන් ඉදිරිගාමී බව පෙන්නන්න හැදුවට අපිත් ප්‍රතිගාමීයි

      Delete
    3. කොහොම හරි උඹ පෙන්වන මේ සෘජූ බව අනික් උන් ළඟ තිබ්බෙ නෑ. ඒ බව උඹ දුන් උත්තර වලින් පේනවා. කී දෙනෙක් කතා කලාද මාතලන් වෙනුවෙන්. කී දෙනෙක් කතාකලාද පොන්නයන් වනුවෙන්. මම බොහෝ සෙයිම් සතුටට පත් වෙනවා මේ මහා පොරවල් වෙන්න දඟලන උන් දාර පොන්නයෝ කියා ඔප්පු කිරීම හේතුවෙන්.

      Delete
    4. වෙල්කම් වෙල්කම්

      Delete
  4. මෙකොද මේ හදිසියේ Gay LGBT කස්ටිය කරේ තියන් හිටන්? ඒ ගොල්ල ඉස්සරත් හිටියා, දනුත් ඉන්නවා අනාගතෙත් ඉන්නවනේ....

    අපි කොපමන ඒ කස්ටියට රැස්පොට් කොරනවද කිවුවොත් රටේ අගමැතිකමයි කැබිනට් මන්ඩලේ 80% පමනයි දීල තියෙනවා... බලන්න අපි කොපමන ඉවසන සහ පිලිගන්නා ජාතියක් ද?

    ReplyDelete
    Replies
    1. කිසි හදිස්සියක් නැහැ. කරේ තියාගත්තෙත් නෑ.
      අගමැති ගේ කියලා ප්‍රසිද්ධියේ කියලා නැහැ. ඔහු කාන්තාවක් විවාහ කරගත් කෙනෙක්.

      Delete
    2. සාරස කියනවා වගේ අපේ සමාජය තාම මනුස්සයෙක්ගේ ලිංගික නැඹුරුව ඒ මනුස්සයාගේ වෘත්තීයට කිසිසේත්ම අදාල නෑ කියලා පිලිගන්න කැමති නෑ.

      ඉස්සර රජ කාලේ ඉඳන් දකින් දකින් ගෑනිව අන්තඃපුරට අර ගිය රජාලට "පස්වාන් දහසකට බුදුවන්ට බලු ගැත්තාට සමාව බය බෝයි" කියලා වැඳවැටුනු මුතුන් මිත්තන්ගේ ජාන තාම අපේ ඇඟේ තියෙනවා.

      ගෑනු සීයක් එක්ක නිදි වැදලා ඒවා සමරන්න පාර්ටි දාපු සාරුවා සුනිල් ව ඌ සහ උගේ පිරිවර දූෂණය කරපු අර ගෑනු ළමයගේ කේස් එකට අත් අඩන්ගුවට ගත්තාම ඌව නිදහස් කරපියව් කියලා පෙළපාලි ගියේ ඒ ජානවලින් පැවතෙන අපේ මිනිස්සු.

      මහජන මුදල් කොමිස් ගහලා හම්බකරන සල්ලි වලින් ගෑනු ගොඩක් එක්ක නිදිවදින උන් හුරේ දාලා ඇමතිලා මන්ත්‍රීලා කරන්නේ ඒ ජානවලින් පැවතෙන අපේ මිනිස්සු . .

      Delete
  5. සුබ පැතුම්
    කෙමෙන්ට් වලට උත්තර දෙන ඒක වැදගත්

    ReplyDelete
    Replies
    1. ඇත්ත. මං කමෙන්ට් වලට සම්මානයක් දෙන්න කියලත් ඉල්ලපු එකෙක්නේ

      Delete
  6. ලක්ෂයට සුබ පැතුම්. ඉදිරියටම යන්න ආසිරි.

    ReplyDelete
  7. සුබ පැතුම්...!

    ReplyDelete
  8. උබේ ලොකුම අඩුපාඩුව කොමෙන්ට් වලට උත්තර දෙන එක. උබේ රැඩිකල් ගතිය එල. එහෙම ලියනවනම් ඒවට එන්නෙත් ඒ සමානව කොමෙන්ට් ම තමයි. මට ලියන්නනම් වෙලාව නැති උනත් දවසට පැය 3ක් වත් කියවනව. කොමෙන්ට් කරනව. සමහරක් බ්ලොග් කියවල පව් කියල හිතෙන නිසා කියවීම නවත්තල තියෙන්නේ. මමනම් උබට කියන්නෙත් නිකන්ම නිකන් බ්ලොගර් කෙනෙක් නෙමෙයි පොරක්ම වෙයන්. සිරාවටම කියන්නේ. උබට ජය..!! 👊🏽

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.
      අඩුපාඩුව උත්තර දෙන එක කියලා ටයිප් වෙලා තියෙන්නේ වැරදියට වෙන්න ඕන.
      ඇත්තටම කියවන්න මම දවසේ පැය අටකට වැඩිය වෙන් කරනවා. ඒත් ඒකෙන් බ්ලොග් වලට වෙන් වෙන්නේ අඩුවෙන්. ෆේස්බුක්, පොත් සහ පත්තර වලයි වෙබ්සයිට් වලයි තමයි වැඩයෙන් රැඳෙන්නේ

      Delete
    2. මේ ටිලාන්ගේ බ්ලොග් එක මොකද්ද?

      Delete
    3. ඇත්තට උඹේ බ්ලොගෙක මොකද්ද බං ??

      Delete
    4. බ්ලොග් එකනම් අවුරුදු 4 කින්ද කොහෙද අප්ඩේට් කලේ නැහැ බන්. පොස්ට් දෙකක්ද කොහෙද ඇති. හිටපන් දාන්ට.

      http://tikkatalks.blogspot.co.uk/?m=1

      Delete
  9. ලක්ෂයට සුභ පැතුම්.

    ඔය වගේම අසාධාරන බැනුමක් තමයි සක්කිලියා කියන එක.

    මම ත් ගොඩක් වෙලාවට එහෙම බනින් අය එක්ක රන්ඩුවට ගිහින් තියෙනවා

    සක්කිලි කියන්නේ හරිම අහින්සක මිනිස්සු කොට්ටාසයක්.

    කෙනෙක් වැරැද්දක් කලාම ඒ කිසිම වැරැද්දක් නොකර පාඩුවේ ජීවත් වෙන මිනිස්සුන්ගේ වර්ගයේ නම් කියලා බනින්නේ ඇයි කියලා මම අහන්නේ.

    මේ පොන්නයා කතාවත් ඒ වගේමයි.

    සමාජයේ පොන්නයෝ කියනා හඳුන්වන කොට්ටාශය හරිම අහින්සක කොටසක්.

    මනමාලියන්ට අන්දන මල් බොකේ හදන වගේ කලාත්මක දේවල් වලට ඔවුන් සමහර දෙනෙක් ඉතා දක්ශයෝ.

    කෙනෙක්ගේ වැරැද්දකට සමාජය ඒ මිනිස්සුන්ව පහත්කරලා හඳුන්වනන් භාවිතා කරන වචනේ යොදාගන්නේ අයි කියන ඇත්තෙන්ම ප්‍රශ්නයක්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.
      මම මේ සටහනට සක්කිලියා කියන වචනය ගැනත් දාන්න ගිහින් ඒ ජනකොටස ගැන විශාල දැනුමක් නැති හින්දා දැම්මේ නැත්තේ.
      තවත් ඔයවගේ යෙදුම් ගොඩක් තියෙනවා.
      ගෝත්‍රික සමාජයන්හි තිබුනු ලක්ෂණ තමයි අපි අතර තවමත් තියෙන්නේ

      Delete
  10. ලක්ෂයට සුභ පැතුම් උඩුවෝ.

    ReplyDelete
  11. ලක්ෂයට සුබපැතුම් !
    මායා ගැන ලියලා තිබුන පෝස්ට් එක රංජන් රාමනායක බුකියෙ ශෙයා කරල තිබුණා එතනින් තමයි ඇවිත් ෆලෝ කරන්න ගත්තෙ.

    ReplyDelete
    Replies
    1. රන්ජන් අයියා ෂෙයා කරපු නිසා තමයි මේ තරම් ඉක්මනින් ලක්ෂයට ආවේ

      Delete
  12. 01.ලක්ෂයට සුභපැතුම්! ලක්ෂය කියන්නෙ බ්ලොග්වල හොඳම කඩඉම. දාහ දහදාහ පනස්දාහ වශයෙන් ඇවිල්ල ලැබෙන ක්ලයිමැක්ස් එක තමයි ලක්ෂය. ඊට පස්සෙ නං හිටිස් ගැන තියන ආසාව ටිකක් අඩුවෙනව.

    02.උඩුවාගේ බ්ලොග් සටහන් සෑම එකක්ම වගේ කියවනව. උඹේ කලා විචාරයන් (බොහෝවිට චිත්‍රපටි) තමයි නැගල යන්නෙ. දේශපාලන අදහස්වලට සමහර විට එකඟයි. සමහර විට නෑ. කොහොම වුනත් (එකඟ හෝ නොවන) උඹේ සටහන් හොඳයි.(පත්තරේකට ලියන එකෙකුට එහෙම වෙන්නත් එපැයි)

    03.බ්ලොග් අවකාශයට සීමා දාන්න අපට නොහැකි වුනත්, බ්ලොග් කියන්නෙ මිත්‍රකම්වලින් එහා ගිය 'මාධ්‍යක්' කියල මම විශ්වාස කරනව. කොටින්ම බ්ලොග් කියන්නෙ බුකිය නෙවේ. බ්ලොග් කියවන්නෙ මිතුරන් විතරක් කියල හිතනව නං ඒක වැරදියි. මේවා කාලයක් තියන ඕන කෙනෙකුට කියවල කමෛන්ට් කරල යන්න පුළුවන් සටහන්. එතනදි ඇනෝලා සුඩෝලා ප්‍රොෆයිල්කරුවන් සහ මිත්‍රයන් ආදී සියළු පාර්ශව එන්න පුළුවන්.

    04.වලි ගැන නං මගේ අදහස, වලිවල පැටලෙන්නෙ නැතිව ඉන්න පුළුවන් නම් හොඳයි. හැබැයි එක එකා කරේ නඟින්න ආවොත් දීල දාන්න ඕන කුඩුවෙන්න. එතනදි රසිකලොජි වගේ මහත්මාගතිය පෙන්නගෙන හිටියට වැඩක් නෑ. මාවිල්ආරු වැහුවම ප්‍රභාකරන්ට ගැහුව වගේ ගහන්න ඕන. එච්චරයි.

    ReplyDelete
    Replies
    1. හැබෑව හැබෑව...
      බ්ලොග් බුකියෙන් එහා ගියපු මාධ්‍යයක්

      Delete
  13. ලක්ෂයට සුභ පැතුම්...

    Jayawewa. ..

    ReplyDelete
  14. කාලෙකට පස්සෙ එනකොට මෙයා ලක්සෙට කොඩිත් දාලා! උණුසුම් සුභපැතුම් උඩුවා.

    මම මේ බ්ලොග් එකේ දකින විශේෂත්වය තමයි උඩුවා තමන්ටම අනන්‍ය රචනා ශෛලියක් ගොඩනගාගන්න සමත්වීම. ඒක හැමෝටම කරන්න පුලුවන් දෙයක් නෙවි.

    ReplyDelete
    Replies
    1. එහෙම ශෛලියක් හදාගන්න මම ගත්ත උත්සාහය අතෑරියා... ඒ වෙලාවේ ඉබේම එහෙනම් ශෛලියක් හැදෙන්න ඇති

      Delete
  15. මම ලක්ශේ පැන්නුවා කෝ කවුරුත් පැත්ත පළාතේ ආවෙ නැහැනේ සුභ පතන්න.
    තරිඳු, මට පැරා ගේ බ්ලොගයේ පොන්නයා සහ තවත් දේවල් කියල බැන වැදී තිබුන. ලොකුම හේතුව නෙළුම් යාය . මම එතැනදී කිව්වේ මෙහෙම දෙයක්. මමත් දැන් පොන්නය කියන වචනේ භාවිතා කරනවා හැබැයි සම ලිංගික කියන තේරුමෙන් නොවේ කියල. සම ලිංගික මහත්ම මහත්මීන් ගැන මගේ කිසි ප්‍රශ්නයක් වත්, කවදාවත් ඔවුන පහත කරන්නේ වත් නැහැ. නමුත් පොන්නය කියන්නේ බියගුළු, කොන්ද පණ නැති අර්ථයෙන් නම් පමණක් - ඔයවගේ කොමෙන්ට් දාන්නේ "පොන්නයෝ" හෙවත් කීබෝර්ඩ් එකට මුව වෙලා අනිත් අයට පහර දෙන බියසුළු, නැත්නම් හංගන්නට යමක් තියෙන , කොන්ද පණ නැති අය . එහෙම නැත්නම් මුණ ඉදිරියේ යහළුවෝ වගේ පෙනී හිටින අය. ඔය කොමෙන්ට් දැමිල්ල තනිකර වැරදියි. දැන් උදාහරණයක් වශයෙන් යමෙකුට කියන්න පුළුවන් මේ ලිපිය ඔයා ලියුවේ ඊයේ පෙරේද අපේ රසික මහත්මයාව ඉන්ටවීව් කරපු කෙනෙක් හැටියට මාතලන්ට පහර ගහන්න කියල. මම නෙලුම් යාය තුලදී කලෙත් ඉදිරියේ කරන්නෙත් සම්මාන අරගෙන බනින එවුන් එක්ක එකට වැඩ කරන එක. අපිට කවුරුත් සම්ම්ඛ සාකච්චා දෙන්නෙත් නැහැනේ තරිඳු. මොකද කියන්න තියෙන දේවල් මුනට කියන නිසා.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. // මමත් දැන් පොන්නය කියන වචනේ භාවිතා කරනවා හැබැයි සම ලිංගික කියන තේරුමෙන් නොවේ කියල. සම ලිංගික මහත්ම මහත්මීන් ගැන මගේ කිසි ප්‍රශ්නයක් වත්, කවදාවත් ඔවුන පහත කරන්නේ වත් නැහැ. //

      ඔහේ සම ලින්ගිකයන් ට සම ලින්ගික මහත්ම මහත්මීන් කියනවානම් පොන්නයන්ට පොන්න මහත්වරු කියලා කිව යුතුයි නේද අජ්ජෝ?

      මීට පොන්න මහත්වරුන් ගේ සන්ගමයේ ගරු සාමාජික

      ස ර ස තුමා

      Delete
    3. සම්මුඛ සාකච්ඡාවක් ලැබේවි ඉදිරියේදි

      Delete
    4. අජිත්,
      සම්මාන සහ ඔබේ කාර්යන් පිළිබඳව දාන ඇනෝ කමෙන්ට් නවත්තන්න බෑ. ඒවා ගනන්ගන්නත් එපා.
      හැබැයි ප්‍රොෆයිල් එකකින් චෝදනා කරනව නං 'උත්තර දුන්නට කමක් නෑ'

      Delete
    5. සරසා, ඇත්තමයි හොඳම උත්ප්‍රාසාත්මක කොමෙන්ට් කරු කියල සම්මානයක් දෙන්න වටිනවා. මේ කොමෙන්ට් කොට කොට ඉන්න වෙලේ හිනා ගැස්සුවට. මම පොන් වචනේ භාවිතා කරන්න සම ලිංගික අය කියන අදහසින් නම් නෙමේ. හැබැයි ඇත්තටම පොන්නය, සක්කිලියා කියන වචන භාවිතය එහෙම නම් වැරදියි. මම කාටවත් සක්කිලියා කියා කියා නැහැ. නමුත් පොන්නයා කියා කියල තියනවා - කොන්ද පණ නැති යන අරුතෙන්. @තරිඳු - අනේ එපා මල්ලි. ඉල්ලලා ගන්න ඕනේ නැහැ. පිටි පස්සේ හිටියම හොඳටම ඇති.
      @රාජ් වලියට ඔබත් ඇඳීම ගැන කණගාටුයි. සමහර වෙලාවට "මාකටිං " පාරක් දාගන්න ඔය වලි නිකන් ඇදන් යනවා.

      Delete
    6. අජිත් අද බොහෝ මිනිස්සු වර්ණභේදවාදය අත ඇරලා වුණත් කල්ලෝ, සුද්දෝ යන වචන භාවිතා කරනවා. මමත් හිතුවා අපි වැරදි දෙයක් අදහස් කරන්නේ නැත්නම් යම් යම් වචන භාවිතයේ අවුලක් නැහැ කියලා. නමුත් මට මෑතකදී මෙහෙ ගුවන් විදුලියක කෙනෙක් කියපු දෙයක් හොඳට හිතට වැදුණා. මේ වචන භාවිතා කිරීමෙන් අපි ඒ ඒ අදාල පුද්ගලයන්ට මතක් කරලා දෙන්නේ අර අප්‍රසන්න අතීතය කියලා. මේක පොලිටිකල් කරෙක්ට්නස් කියලා දකින්නත් පුළුවන්.

      සමහර විට ඔය සියල්ල වෙනස් වී සියලු දෙනාටම සමාන පිළිගැනීමක් තියන කාලයක් ආවහම ඔය වචන වලින් සිදුවන අපහාස ගැන ඇති වලංගුභාවය නැතිවෙයි. නමුත් පොන්න, නපුංසක කියලා හඳුන්වන අය අදටත් සමාජයේ කොන්වෙන අය, ඒ වගේම මිනිසුන්ගේ ගර්හාවට ලක්වෙන අය. ඒ නිසා ඔවුන්ට අපහාසයක් අදහස් නොකරමින් කියලා උණත් අපි අර වචන සෙට් එකම පාවිච්චි කරනකොට සිද්ධ වෙන්නේ අර මතය සමාජගත කිරීමම සහ අර මිනිසුන්ව රිදවන එකයි. සමහර වෙලාවට පොලිටිකල් කරෙක්ට්නස් නොට් ටූ බෑඩ් අපි පොදු අවකාශයක ඉන්නකොට.

      Delete
    7. හුඟක් වෙලාවට සුද්දී කියල බනිනවා. මම හිතන්නේ තරිඳු පවා සුද්දියෝ කියල ලියල තියෙනවා. ඒ වගේම එහා සමානව නොයෙකුත් අපහාසාත් කරනවා. සුදු ගැහැණු බැඳපු අපි වගේ අයට මොනවා හිතෙනවා කියලද ඔබ කියන්නේ? ලඟදි කෙනෙක් කිව්වා ඒක සාමාන්‍යයෙන් භාවිතා කරන වචනයක් කියල. රුසියානු තරුණියක් බැඳපු යහළුවෙක් දික්කසාද වුණා කාලයකට ඉස්සර ලබපු අපහාස නිසාම.

      Delete
    8. මම මිට කලින් එකවරකුත් ඊයේ ඉයන්ගේ බ්ලොගයේත් මට එහෙම අමතපු අයට ඒ විධිහටම ඇමතුවා. නමුත් මම හිතනවා ඉයන් ගේ හා සරසාගෙ ක්‍රමය හරි කියල. පිලි අරන් නිහඬ වෙන එක. සරසගේ උපක්‍රමයෙන් පැරදෙන්නේ කියපු කෙනාමයි.මේ මම එදා පැරකුම් ගේ බ්ලොගේ දාපු කොමෙන්ට් එක. මේක වෙන කෙනෙක්ගෙන් උපදෙස් අරගෙන ලිව්ව එකක්.
      ////ඔය පොන්සිය කියල මට බැනල තුන හතර පාරක්ම දාල තිබුන. මම සමලිංගික අයට විරුද්ධ නැහැ. ඔවුන් උපන් විධිහ නිසා. ඒ වගේම ට්‍රාන්ස්ගේන්ඩර් කිසිම කෙනෙකුට අපහාස කරලත් නැහැ කරන්නෙත් නැහැ. වරක් මේ වගේ ප්‍රශ්නෙකදී හුඟක් ප්‍රගතිශීලි යාළුවෙක් පොන්සියා කියල බැන්න තව කෙනෙකුට. මම ඒ වෙලාවේ ඇහුවා ඒක වැරදි නැත්ද? සම ලින්ගික අයට බනින්න කියල.
      එයා මට කිව්වේ මෙහෙම.
      ලංකාවේ පොන්සිය කියන්නේ හුඟක් වෙලාවට සම ලිංගික ක්‍රියා කරන අයට නෙමයි. එහෙම නම් ගොඩක් අය එතනට වැටෙනවා. බාල දක්ෂ ව්‍යාපාරයේ, සංඝ සමාජයේ, කතෝලික සෙමිනරි වල, මුස්ලිම් සෙමිනරි වල, ලොකු විදුහල් වල නේවාසිකාගාර වල, හමුදාවේ ආදී ඔය හැම තැනකම ඕක වෙනවා. ඒ අයට පොන්සිය කියනවා නම් ගොඩක් අයට කියන්න වෙනවා. ඔය කියන අය සමහර වෙලාවට කසාදත් බඳිනවා.

      මේක කියන්නේ කොන්ද පණ නැති , හැංගිලා ඉඳගෙන අනිත් අයට පහර දීල දුවන අයට . සැබෑ ජීවිතයේදී ඔවුන් හරිම බියසුළුයි කියල. ඔය පොන්සි කතාව මම නම් ඇනෝ ලට කිව්වේ ඔය හේතුවෙන්.
      මගේ නමින් කෙලින්ම කතා කරන මට පොන්සිය හෙවත් කොන්ද පණ නැත්තෙක් හැටියට හංවඩු ගහන ඔවුන්ට ඒක අනිත් පැත්තට කිව්වහම හරි කියල හිතල. //

      Delete
    9. බ්ලොග් ලියන පොන්නයෝ සහ උන් වෙනුවෙන් කෙතරම් ප්‍රමාණයක් පොන්නයෝ ඉන්නවද කියලා බොහෝම පැහැදිලිව දැක්කා නේ අජිත්. අපි ඕවා කලින් උඹලට කිව්වාම පිලි ගත්තෙ නෑ නේ. මුන් වීරයෝ වෙන්නේ කී බෝඅඩ් එකට විතරයි. සමාජයෙදි නියම පොන්නයෝ.

      Delete
  16. /කොටින්ම කිව්වොත් අපේ ගෙදර ඉන්නවා ලෙස්බියන් පූසෙක්./

    ලෙස්බියන් පූසො කොහෙද බං ඉන්නෙ? පූසියක්..පූසියක්...

    ලස්සෙට සුබ පැතුම් උඩුවා!

    ReplyDelete
    Replies
    1. තාම රිසර්ච් කරනවා පූසියෙක්ද පූසෙක්ද ලෙස්බියන්ද කියලා

      Delete
  17. සහ්.. මාත් කාලෙකින් ආවේ උඩුවා බලන්න.. දැං සෑහෙන්න ලස්සනයි. මං එන එක සීමා කලේ උඹගේ සිඟිති ආතල් නිසා.. බ්ලොග් එකට පෞද්ගලිකත්වය සීමිතව මුදා හැරිය යුතුයි කියල හිතන කෙනෙක් නෙව බං. ඒකනේ “ෆේක් පොන්නයා“ වගේ ඉන්නේ.. හැක්

    උඩුවා, මේවා මේ ආසාවට තෘප්තියට ලියන දේවල් මිසක් ගොඩගහගන්න ලියන ඒවා නෙමෙයි. පසු කාලිනව යම් පාඨක සමූහයක් ඇති උනාම ඒ අයගේ ඉල්ලීම් එනවා ලියන්න කියලා.. අන්න ඒවට නං ඇහුංකං දෙන්න ඕන හැකි තරමින්..

    මාත් මෙතැනට අවේ කනවැල අල්ලං නෙව. ඉතිං ඔය මොකුත් නොදැන ආපු එකේ හැම දේම දැක්කත් නොදැක්ක වගේ ඉන්නත් පුළුවන්. සමාර වෙලාවට නං එහෙම බැරි වෙලා තියෙනවා. නමුත් සම්ථයක් විදියට මේ අකුරු වලට එහා ගිය පෞද්ගලිකත්වයක් මත විචාරයන්, බැනවැදීම් නම් කරන්නේ නැහැ. අශිෂ්ඨත්වය මතු වන්නේ විවාද කළ නොහැකි නොදන්න අයත්් එක්කයි. බහුතරයක් එහෙම නිසා වාද විවාද ඉතා අපහසුයි..

    ලක්ෂයට සුභ පැතුම්. රාජ් කිව්ව වගේ ඔය හිටි ගැන තියෙන උනන්දුව ටික දවසක් ගියාම ඈලි මෑලි වෙලා යනවා.. උඹට සුභ පැතුම්.. රාවයේ වැඩි බරක් අදින්නේ උඹ කියලත් දැක්කා. ඒකත් හරියට කරහං..

    (හැක්. .මං හරියට උඹගේ අවමංගල සභාවේ කතාවක් පැවැත්තුවා වගේද බං)

    ReplyDelete
    Replies
    1. අව කැපෙන කතා ඕන නෑ...
      මංගල සභාවෙ කතාවක් කියල හිතාගන්නංකො.
      රාවයේ වැඩියෙන් බයිනේම් යන්නෙ මගේ වෙන්නැති. ඒත් බර අදින්නේ මම නෙවෙයි.
      ස්තූතියි

      Delete
  18. උබේ ලියමනේ තියන ඔලුව අතගාල කනටගහන ස්ටයිල් එකට මම පට්ට ලයික් .....මම හිතන්නෙ මාධ්‍ය වේදියෙකුගෙ තිබිය යුතුම ලක්ෂනයක් ඕක....සුභ පැතුම් අයිය...

    ReplyDelete
  19. ලස්සේට සුභ පැතුම්.. නිතර ලියපං.. අන්න ඒකයි වැදගත්.

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට ලියන්නයි ඉන්නේ

      Delete
  20. ගෑණි වගේ, පොන්නයා වගේ කියලා මිනිස්සුන්ට අපහාස කරන අයට මම නම් ප්‍රසිද්ධියෙම විරුද්ධ වෙනවා.තමන් උපන්නේ ගැහැණියකගෙ කුසින් කියා අමතක කරන මිනිස්සු මනුෂ්‍යයන් කියා අමතන්නවත් සුදුසු නැහැ.

    ඔබට ගරු කරමි..

    ගැහැණු පිරිමි,කුලවත් කුලහීන,ධනවත් දුප්පත් සියලු ම දෙනා මනුෂ්‍ය වර්ගයට අයිති බව අපි හැමෝම තේරුම් ගන්නා දවසක ජීවත් වීම මීට වඩා හරි පහසු කාරණයක් වේවි..

    ReplyDelete
  21. දෙමළ පිරිමියෙක් සිංහල GLBT කෙනෙක්ට අපහාස කලොත් ඔයා කොයි පැත්තෙද?

    ReplyDelete
    Replies
    1. කවුරු මොනව කළත් මං බණ්ඩාරවෙල පැත්තේ

      Delete
  22. තරිඳු:
    තරිඳුගේ මාතෘකාව ඇතුළෙම කියන්න අවශ්‍ය දෙය තියෙනවා. ඔබ කියන දේවල් ගැනම මම ලිපියක් ලියලා, අන්තිමට මෙයට මාවත් පටලැවුනු පසු පළ නොකර හිටියා. එය පසුව සුදුසු වෙලාවක පල වෙයි. මා ජීවත් වන වටපිටාවේ නම් මේවා නීතිමය ක්‍රියාමාර්ග ගතහැකි ලොකු අපහාස. අපහාස කියන ඒවා සාපේක්ෂයි කියා මා කියන්නේ ඒ නිසයි.

    මෑතකදී සමලිංගිකයින් කියන අර්ථයෙන් වැරදියට භාවිතා වුනත් පොන්නයින් හෝ නපුංසකයින් කියන්නේ සමලිංගිකයින් නෙමෙයි. ජීව විද්‍යාත්මක සීමාවන් නිසා දරුවන් හැදීමේ ජීව ක්‍රියාවලියට දායක වෙන්න බැරි අය. වයස්ගත වීමේදී බොහෝ දෙනෙක් මේ තත්ත්වයට පත් වුනත් ඇතැම් අය උපතින්ම මෙවැනියි. උපතින් 'ලැබෙන' ජාතිය, ආගම, කුලය ශරීර ස්වභාවය වැනි දේ වගේම මෙය කිසිවකුගේ තෝරා ගැනීමක් නෙමෙයි. ඇතැම් අයට උරුම වන තත්ත්වයක් පමණයි. අපි පොදුවේ මිනිසා කියා කියන විට ගැහැණු, පිරිමි, නපුංසකයින් වගේම ඔය බෙදීම් වල අතරමැද ඉන්න අයත් යන සියළු දෙනාම අයිතියි. ඒ නිසා ලිංගිකත්වය මත පදනම්ව වෙනස් ලෙස සැලකීම හෝ ලිංගිකත්වය මත පදනම්ව එක් කොටසකට අපහාසාත්මක ලෙස සැලකීම හොඳ දෙයක් නෙමෙයි. ඒත් ලංකාව තවම ඉන්නේ මේ තත්ත්වයට වඩා ගොඩක් පිටුපසින්. ඒ නිසා ගොඩක් අයට මේවා සාමාන්‍ය දේවල්. ඔබ ජනමාධ්‍යවේදියෙකු නිසා හොයා බැලුවොත් ඔබට දැනගන්න ලැබේවි ලිංගිකත්වය අනුව නපුංසකයින් වුවත් ව්‍යාපාරික හෝ වෙනත් ක්ෂේත්‍රයන්ගෙන් උඩටම ගිය අය ලංකාවෙත් ඕනෑ තරම් ඉන්න බව. මේ අය ගැහැණු, පිරිමි ලිංගිකත්වයන් ඇති අය වගේම විවිධ කුසලතාවන් ඇති සාමාන්‍ය මිනිස්සු.

    ඔය 'ගෑණු වැඩ' වලට එකතු කළ යුතු දෙයක් ලෙස, අපි පොඩිකාලේ අපිරිසිදුව හිටියොත් හෝ නරක ලෙස හැසිරුනොත් වැඩිහිටියන් කියන එකක් තමයි 'මූනම් මේ පවුලේ කෙනෙක් නෙමෙයි. පොඩිකාලේ ඉස්පිරිතාලෙදී දෙමළ ලැයිමේ කෙනෙකුට මාරු වෙලා තියෙනවා' වැනි දේ. එතැනදී දෙමළ අයට අපහාස කිරීමේ අරමුණක් නැතත් සිදුවෙන්නේ එයයි. වැඩිපුර කලුනම් ඒත් ඔය කතාව කියනවා. මම මගේ දෙමළ මිතුරන් හරහා දන්න දෙයක් තමයි (පසුගිය පරම්පරාවේ) දෙමළ අයත් මේ විදිහට කියන දෙයක් හරියට තේරුම් ගන්නේ නැති, ඉගෙන ගන්න අදක්ෂ ළමයින්ට 'මූ නම් මාරුවෙලා ආපු සිංහල ළමයෙක්' කියා කියන බව. [ඒ කාලයේ දකුණට ආ ගොඩක් දෙමළ අය දොස්තරලා, මිනින්දෝරුවෝ, සිවිල් සේවකයෝ වැනි දෙමළ සමාජයේ උගත්, බුද්ධිමත් පිරිසක්. දෙමළ සමාජයේ අහඹු නියැදියක් නෙමෙයි. මේ අයට දකුණේදී හමුවන සිංහලයින් බොහෝ දෙනෙක් ඔවුන්ට සාපේක්ෂව නූගත් ගැමියන්. ඒ අය ගැන උතුරට ගොස් විස්තර කළ විට සිංහල ඇසුරක් නැති දෙමළ අයට පෙනෙන පින්තූරය වන්නේ සිංහල අය දෙමළ අයට වඩා මෝඩ පිරිසක් බවයි.]

    සක්කිලි කියන්නේ තමිල්නාඩුවේ (සහ පසුව ලංකාවේ) දාළිත් කුල වලිනුත් පහළම කුලයක්. මේ අය මුළින් ආන්ද්‍ර ප්‍රදේශයේ සිට තමිල්නාඩුවට සංක්‍රමණය වූ අය. ඒ අයට නියමව තිබුණේ උසස් කුලවතුන්ගේ වැසිකිළි පිරිසිදු කිරීම ප්‍රධාන පිරිසිදු කිරීමේ කටයුතු. මේ අය මේ වැඩේට හිරවෙන කාලයේ ගොඩක් තිබුණේ බාල්දි වැසිකිළි. මේ අයට මේ අශුචි බාල්දි ඔසවාගෙන පිරිසිදු කිරීම සඳහා ගෙනියන්න වෙනවා. එය ඔවුන්ගේ තෝරාගැනීමක් නෙමෙයි. එවකට පැවති සමාජ සංවිධානයේ ප්‍රශ්නයක්. මෙයින් ඇතැම් අය ලංකාවටත් එනවා. නැත්නම් ගෙන එනු ලබනවා. ඔවුන් කතා කරන්නේ දෙමළ බොහෝ සේ මිශ්‍ර වුනු තෙලිඟු භාෂා ප්‍රභේදයක් වන 'සක්කිලි' භාෂාව. එය කණට මිහිරි බසක් නෙමෙයි. ඒ වගේම මේ අය, කාන්තාවන් පවා, හවසට මත්පැන් බී කෑ ගසා ගැනීම්ද සිදු වෙනවා. 'සක්කිලි වගේ කෑ ගහන්න එපා' කියන්නේ ඒ නිසා. කෙසේ වුවත් ඔවුන් සමාජ අසාධාරණයට ලක් වූ අහිංසක ජන කොටසක්. අද වන විට ඔවුන් දෙමළ හෝ සිංහල ලෙස ඇසීමිලේට් වෙලා තියෙනවා.

    කලකට පෙර (රාවය පුවත්පත ඇරැඹු මුල් කාලයේ හෝ රාවය සඟරාව පළ කළ අවසන් කාලයේ) පිරිසිදු කිරීමේ කටයුතු වල නිරත වූ මෙවැනි කාන්තාවක් හා ලංකාවේ සිටි බටහිර රටක (මතක හැටියට ස්කැන්ඩිනේවියානු රටක) තානාපති කාර්යාලයේ සේවය කළ උසස් නිලධාරියෙකු අතර ඇතිවන ලිංගික සම්බන්ධතාවයක් ගැන එම නිලධාරියා විසින් පසුව ලියූ චරිතාපදානයක පැවති සඳහනක් ගැන ලියවී තිබුණු බව මතකයි. ඔහු කියන්නේ ඔහු මේ සඳහා පෙළඹුණේ තනිකරම මානුෂික හැඟීමකින් බවත් එය දිගින් දිගටම නොකළ බවත්. රාවයේ නෙමයිනම් යුක්තියේ.

    ReplyDelete
    Replies
    1. අඩුපාඩු පෙන්වුවාට ස්තූතියි

      Delete
  23. ඕනෑම එක අන්තිමට මිස් වෙලානේ! ලක්ෂෙට සුබපැතුම්!

    ReplyDelete
  24. ඔබට සුබ පැතුම්

    ReplyDelete
  25. තරිඳු අර ෆේස්බුක් එකේ ගංවතුර පෝස්ට් එකෙන් පස්සෙ ඔබ ලියන ඒවා කියවන්න ලොකු උනන්දුවක් ඇති වුණේ නැහැ. මතක හැටියට ඔබ කරපු දෙයට විරුද්ධව මම අදහසක් දැම්මා. රංජන් ගැන ලියපු එකත් කියව්වෙ නෑ. ඕක ඉතින් මිනිස් ස්වභවය මම හිතන්නේ. අවුලක් නෑ... තරුඳුගේ ස්ටැයිල් එකනේ. එහෙම අදහස් වල ගැටීමක් නැතිනම් ඉතිං වැඩකුත් නැහැනේ. හැම දෙයක්ම එක විදිහට පවතින්නෙත් නැහැනේ, සමහර විට ඉදිරියේදි මම බොහොම උනන්දුවෙන් ඇවිත් මේ බ්ලොග් එක කියවන්නත් ඉඩ තියනවා ඉතිං. ලක්සෙට සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. එකඟ නොවෙන අදහස් මුලින්ම කියවන්න....
      මං නලින් ද සිල්වාගේ බ්ලොග් එක මිස් නොකර කියවනවා. දිවයින පත්තරේ මුලින්ම කියවනවා.
      හැම මතයක්ම වගේ ගේන්නේ අවංක මිනිස්සු. ඒ අය අවංකයි කියන පූර්ව නිගමනයේ ඉඳගෙන ඉන්නයි ඕන

      Delete
  26. සුබ පතනවා හදවතින්ම ජය වේවා.

    ReplyDelete
  27. ලක්ෂයට සුභ පැතුම්.

    බ්ලොග් වලිය ගැන මටත් අදහසක් තිබ්බත් කවුරුත් ගනන් නොගන්නා මගේ මතය කියන්න ගිහින් ආධුනික බ්ලොග්කාරයෙක් වන මට පටන් ගත්ත තැනම කෙළව ගන්න වෙයි කියල හිතලා නිහඬව ඉන්න තීරණය කලා.

    බ්ලොග් වලියේ කවුරුත් නොසිතූ පැත්තක්, ඒ කිව්වේ වචන භාවිතය ගැන උඹ කියල තියෙන අදහස් නියමයි.

    ඉදිරියටම යන්න සුභ පැතුම්.

    ජය !

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එක නියමයි...
      කරගෙන යන්න.. හිට්ස් එයි...
      http://magewalpal.blogspot.com/
      කමෙන්ට් කියවන්නන්ගේ පහසුවට

      Delete
  28. [මෙතන කතා කරන එක මාතෘකාවක් ගැන මම ලිව්ව කෙටි සටහනක් මෙතන අලවන්නම්]

    "චීත්තයක් වෙන්න එපා යකෝ"

    ඕපදූප කියන හරි 'ගෑණු වැඩ' කියල සම්මත වෙච්චි වැඩ කරන හරි පිරිමින්ට ඔහොම කියනව අහල ඇති.

    මේ කතාව පිරිමින් විසින් පිරිමින්ට විතරක් නෙමේ, ගැහැණුන් විසින්ම පිරිමින්ටත් කියනව.

    මේකෙන් කියවෙන්නෙ ඕපදූප හොයන එක ගෑණු ලක්ෂණයක්ය, පිරිමියෙක් වෙලත් (ඒ කියන්නෙ සාපපේක්ෂව පහත් ඒ ගෑණු ලක්ෂණය නැති කෙනෙක් වෙලා ඉපදිලත්) ඒ ලක්ෂණය තියෙන 'ගෑණියෙක්' වගේ හැසිරෙන්න ලැජ්ජ නැද්ද කියන එක.

    ගැහැණියක් මේවගේ කතාවක් පිරිමියෙක්ට කියද්දි ඒ කතාව ඇතුලෙ හැංගිලා තියෙන දේ පොඩ්ඩක් හිතන්න.

    "ගෑණියෙක් වෙන්න එපා මිනිහෝ, ලැජ්ජ නැද්ද?!"

    ගැහැණියක් විසින් පිරිමියෙක්ට තමාගේ ගැහැණු කම ආරූඩ කරලා, ඒ ගැහැණුකමින් දමලා ගහනවා පිරිමියාට අපහාස කිරීමේ අරමුණින්.

    මෙතනින් කාරණා දෙකක් කියවෙනව

    එකක්, පිරිමියා කියන කෙනා ස්වභාවයෙන්ම ගැහැණියට වඩා උසස්ය, ඒ උසස් පිරිමියා ගැහැණියගේ කියල සම්මත වැඩ කරල ගැහැණියකට සමාන වෙන එක පිරිමියා විසින් තමන්ට කරන අපහාසයක්ය කියන කාරණය

    දෙවනි එක, ගැහැණියක් විසින් පිරිමියෙක්ට මේවගේ වචන සෙට් එකකින් දමල ගහද්දි ඇය දැනුවත්ව හරි නොදැනුවත්ව හරි තමාගේම 'ගෑණුකම' තව කෙනෙක්ට (හෙවත් පිරිමියාට) අපහාස කරන්නම යොදාගන්නවාය කියන එක

    (ගත්ත උදාහරණයෙන් කියවෙන්නෙ ඕපාදූප හොයන එක ගෑණු ලක්ෂණයක්ය කියල. ඔය ෆේස් බුක් පේජ් හදාගෙන හැමෝගෙම ජීවිත විකුණ විකුණ ලයික් හිඟාකන්නෙ ඔක්කොම ගෑණු වෙන්න ඇති?)

    මේ ලිංගිකත්වය හා බැඳුන භූමිකා අපේ හිත් වල කොයිතරම් තදින් මුල් බැහැලද කියනව නම් ගැහැණියකට සමාන කිරීම පිරිමියා සලකන්නේ තමාට කරන අපහාසයක් විදියට. තමාගේ සෝ කෝල්ඩ් 'පිරිමිකමට' කරන අභියෝගයක් විදියට. ඒ අතින් ගැහැණියකට වඩා පිරිමියෙක්ට තියෙනවා ලොකු පීඩනයක්, ඒ තමා උපතින් තමාට හිමි වෙච්චි ගැහැණියට සාපේක්ෂව උසස් ස්ටේටස් එක හෙවත් පිරිමිකම ආරක්ෂා කරගන්න එක

    "ගෑණියෙක් වෙන්නෙ නැතුව මෙහෙ වරෙන් යකෝ", "පොන්නයෙක් වෙන්න එපා යකෝ..පැනහංකො.. පිරිමියෙක් නේද?", "කොල්ලෙක් නේද, බත් ටිකවත් ඉවර වෙන්න කන්න බැයිද?"

    පිරිමිකම රැකගැනීම අභියෝගය!

    යාලුවෝ එක්ක විනෝද චාරිකාවක් ගියාය කියල හිතන්න. එතනදි ඔබට කලින් යන යාලුවෝ පස් දෙනාම අඩි ගණනක් පළල වලක් වටෙන් යන්නෙ නැතුව වල උඩින් පැන්නාය කියල හිතන්න. වල වටෙන් යන්න පුළුවන් කම තියාගෙනත් වල උඩින් පැන්න ඔවුන් කරපු දේ නොකර වඩා සුරක්ෂිත විදියට අනවශ්‍ය අවධානමක් ගන්නෙ නැතුව ඔබ වල වටෙන් යන්න යදද්දිම..

    "පොන්නයෙක් වෙන්න එපා යකෝ.. පැනහංකො ගෑණියෙක් නොවී.. ජංගි කෑල්ලක් නොවී පැනහන් යකෝ"

    යාලුවො පස් දෙනාම අනිත් පැත්තෙ ඉඳගෙන කෑගහනව. පැහැදිළිවම වටෙන් යන්න පුළුවන්කම තියෙද්දි.. තමාගේ පිරිමිකම අභියෝගයට ලක් වෙලා..

    මොකද කරන්නෙ?

    මිනිස්සු වුන අපට සමාජය විසින් ලිංගිකත්වය මත පදනම් වුන භූමිකා නියම කරලා ඒ භූමිකාවල් වලට අනුව ක්‍රියාකරන්න, හැසිරෙන්න කියල නියම කරනව. අපි ඒ විදියට හැසිරෙන්නෙ නැති අවස්ථාවලදි අපිට අභියෝග කරනව,පීඩනයට පත් කරනව.

    ඊළඟ පාර තමාට ගෑණියෙක් නොවී යමක් කරන්න කිව්වම "මම ගෑණියෙක් නෙමේ, පිරිමියෙක්. ඒත් උඹ වගේ මෝඩයෙක් නං නෙමේ" කියල සුදුසු දේ කරන්න. දෙපාරක් හිතන්න.

    ඔය ලණුව කාලා පිරිමි කීදෙනෙක් නම් මොන තරම් ගොං වැඩ කරල ඇද්ද?.. තමාගෙ පිරිමිකම ඔප්පු කරන්න ගිහින් කී දෙනෙක් ඉල්ලං පරිප්පු කාලා ඇද්ද?

    ජෙන්ඩර් රෝල්ස් එක්ක එන ඔය පීඩනය, වගකීම, හැමෝම කන ලණුවක්. ඔය ලණුව චුවිංගම් එකක් වගේ හප හප ඉන්නෙ නැතුව දැන්වත් එළියට විසි කරලා දාන්න

    තමාගෙ පිරිමිකමට අභියෝගයක් වෙද්දි අවුල් වගේද? අපහාසයක් වගේද?

    පිරිමිකමට අභියෝග එල්ල වෙන එක අපහාසයක් විදියට බාර ගන්න එපා. ඒක නෙමේ අපහාසෙ,

    තමාගේ පිරිමිකම නැතුව යයි කියල බයට මොළේ කළඳක් නැති මෝඩයෙක් වගේ වැඩ කරන එකයි ලොකුම අපහාසෙ !

    නැතුව ගෑණියෙක් වෙලාවත් පිරිමියෙක් වෙලාවත් පොන්නයෙක් වෙලාවත් සමලිංගිකයෙක් වෙලාවත් ඉපදෙන එක නෙමේ.

    ReplyDelete
    Replies
    1. මගේ සටහනට වඩා ගොඩක් ප්‍රබලයි...
      සුභපැතුම්

      Delete
    2. ස්තූතියි

      Delete
    3. පට්ට සීන් එක කියන්නෙ, තරිඳුවා නැට්ට පාගගෙන අවස්තාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්නෙත්, සංජය කියන පොර පිරිමියෙක් වෙන්න එන්නෙත් ඒ දෙන්නා කියන විදියට ගෑණූ හා පොන්නයො කෙහෙවලු පටලවගෙන ඉන්න ළිඳ ළඟ සංගමයකට.

      උදා- තරිඳුවාගේ හෙඩිම බලන්න පින්වත්නි..

      අනෙ තොපේ පිරිමිකම...

      Delete
    4. මාතලන්, මුලින්ම තරිඳුගේ පෝස්ට් එකෙන් කියවෙන අදහස ගන්න. ඒ අනුව කතා කරන්න. තරිඳු කතා කරන්නේ "ගෑණියෙක්, පොන්නයෙක්" වගේ මනුස්සයෙක්ගේ ලිංගිකත්වය මත පදනම් වුන ලේබල් තවකෙනෙක්ට අපහාස කිරීමට තිබෙන මෙවලම් විදියට භාවිත කිරීම ගැන.

      තරිඳු මතු කරන කාරණයට ඔබතුමා සාර්ථක පිළිතුරක් දීලා නැහැ. ඔබ කියල තියෙන්නෙ මෙහෙම දෙයක්..

      //නපුංසක කියන්නෙ එක්තරා අනන්\යතාවයක් සහිත් මිනිස් කොට්ඨාශයක් එයාලගෙ අයිතිවාසිකම් මාතලන් ඉහලින්ම අගය කරනවා. එහෙත් ඔවුන් පොදු මිනිසාගෙන් වෙනස්වූ පිටිසක්. නත්නම් එහෙම නමක් අවශ්\ය වෙන්නෙ නෑ නේ. ඉය්හින් මිනිස් වෙසින් ප්‍රසොද්ධියේ ඉඳගෙන පොන්නයෝ වගේ හැසිරීමක් ගැනයි මම කතා කලේ.//

      මේ අදහසෙන් ඔබගේ හැසිරීම ඩිෆෙන්ඩ් වෙන්නෙ නෑ. තරිඳු (සහ මම) කරන ප්‍රශ්න කිරීම හමුවේ ඔබට තාර්කිකව බැහැ ඔබේ හැසිරීම වෙනුවෙන් පෙනී ඉන්න.

      ඔබතුමා කරන්නේ පෙම්වතා තරහා වුන පෙම්වතියක් (හෝ පෙම්වතිය තරහ වුන පෙම්වතෙක්) වගේ "අනේ, මේ ලෝකයම මට එරෙහි වෙලා.. ඔක්කෝම මට කෙළින්න ඉන්නේ... ඇයි මම කල දේ කාටවත් පේන්නේ නැත්තේ.. ලොව මට එරෙහි වෙලා.. හැමෝම එකයි.. අරූගේ/අරකිගේ පැත්තට කතා කරන ඔක්කොමල්ලා එකයි.. මේ ගැන නිහඬව මුකුත් නොකියා පැත්තකට වෙලා ඉන්න උනුත් එකයි.. අයියෝ මගෙ අම්මේ.. බඩ දනවෝ.. දෙක නැතෝ.. දුකයි අප්පේ" ගගා අඬන එක.

      ඔබේ මේ හැසිරීම දැන් ඉතාම අවලස්සන, අප්‍රසන්න, ප්‍රාථමික හැසිරීමක් දක්වා වැටිල තියෙන්නෙ.

      කරුණාකර ඔබේ ප්‍රියතම වචන දෙක.. හෙවත් "පොන්නයා" සහ "වැසිකිළි වල" කියන වචන ඔහොම සිල්ලර, අපහාස කරන්න තියෙන ටූල්ස් විදියට පාවිච්චි කරන එක ගැන ආයෙම වතාවක් හිතල බලන්න(එහෙම හැකියාවක් තියෙනවා නම්..)

      දැන් පුළුවන් නම් මේකටත් රිප්ලයි කරන්න "සංජය පොන්නයෙක්" කියල..

      //සංජය කියන පොර පිරිමියෙක් වෙන්න එන්නෙත්//

      මම පිරිමියෙක් තමා. නමුත් මම පිරිමියෙක් නොවුනත්, ගෑණියෙක් වුනත්, පොන්නයෙක් වුනත් එතන මොකක්ද තියෙන ප්‍රශ්නය? මගේ ලිංගිකත්වය පිරිමි, ගෑණු, පොන්න වුනත් එතන ලැජ්ජා වීමට කාරණාවක් තියෙනවද?

      ඔබ කරන්නේ "පිරිමියෙක්" කියන ලේබලයට ඔබට රිසි හැසිරීම් ටිකක් ආදේශ කරලා ඒ හැසිරීම් වලින් වෙනස් අයට "පොන්නයෝ" කියල ලේබලයක් ගගහා යන එක. දැන් පිරිමිකමේ දෙතිස්මහා පුරුෂ ලක්ෂණ තීරණය කරන්න ඔබට භාර දුන්නේ මොන දෙයියද?

      කරුණාකරල කරුණු එක්ක කතා කරන්න. ඔබතුමාගේ ආසම ලේබල් ටික ගෙදර තියල එන්න.

      තව එකක් තේරුම් ගන්න මාතලන්. මම දැක්ක විදියට බොහෝ දෙනා ඔබේ හැසිරීම ඉදිරියේ නිහඬ පිළිවෙතක්, ඒ කිව්වේ ශේප් න්‍යායක් අනුගමනය කලේ/ කරන්නේ කාලයක් තිස්සේ ඔබ ගැන තිබුන ගෞරවය නිසා බව. ඔබ ඒ ගෞරවය ක්‍රම ක්‍රමයෙන් නැති කර ගනිමින් ඉන්නා බව (දැන් කියයි පොන්නයන්ගෙ ගෞරවය මට ඕන නෑ කියල.. ටිපිකල් තොත්තබබා උත්තර)

      මෙච්චර දවසක් නිහඬව ඉඳල මේ ටික හරි කිව්වෙ මම ඉලක්ක කරගෙනම කමෙන්ට් එකක් වැටුන නිසා.

      අවසාන වශයෙන් ආයෙම කියන්නෙ. කරුණා කරලා මේ පෝස්ට් එකේ කියවෙන අදහස තේරුම් ගන්න උත්සාහ කරන්න.

      එහෙම බැයි නම් "පොන්නයන්ට එරෙහිව මහා වීර පුත්‍රයා ; මාතලන්" කියලා කාමරේ බෝර්ඩ් එකක් ගහගෙන ඒක දිහා බලාගෙන අතේ පාරක් ගහලා නිදාගන්න.

      ජය !

      Delete
    5. ඇත්ත මාර තිත්තයි.
      මේ සඳහා පිළිතුරද ඔබම ලියා ඇති අතර මේ මහත්මයාගේද සළු පිලි උනා දැමීම පිළිබඳව අතිශයින් ප්‍රීතී වෙමු.
      අපි පොන්නයෝ මෙන් අතේ ගසන්නේ නැත.
      ඉඳ හිට බඩු නම් ගසමි.

      Delete
    6. මම ලියපු සටහන මාතෙ අයියාව ඉලක්ක කරපු එකක් කියලා හිතෙන්න පුළුවන්. එහෙම පෙනෙන්නත් පුළුවන්....
      මං ලියපු දේ වගේම සමහරු ලියන දේවල් මාතලන්ගේ ප්‍රතිරූපයට අවුලක් වගේ සීන් එකක් වෙන්න ඉඩ ඇති. කොටින්ම කිව්වොත් බාහිර සමාජයේ සමහර අය මාතලන් ගැන තිබුණු ගෞරවය නැති කරගත්තා වෙන්න පුළුවන්. රසිකට හානියක් වුණා වෙන්නත් පුළුවන්...
      මං කියන්නේ අදාල නෑනේ...
      මාතලන්ගේ බ්ලොග් එක කවුරු මොනව කළත් වැඩිම කියවන්නෝ ඉන්න බ්ලොග් එක විදියට පවතියි.
      අළුත් බ්ලොග්කාරයන් මාතලන්ගේ අඩිපාරේ යයි. මාතලන් වෙනම කල්ට් එකක්.
      අපි කොච්චර එව්වා කිව්වත් ඒකට හානි වෙන්නේ නැහැ.
      ඒ නිසා ගණන් ගන්න එපා කියලයි මම ඉල්ලන්නේ.
      මම කිව්වේ දෙයක් ගැන මගේ අදහස විතරයි.
      එතැනින් එහාට කිසිම ආකාරයේ වාදයක් මට මාතලන් ගැන නැහැ කියලයි කියන්න ඕන.

      Delete
  29. උබේ අදහස්(සමහර) දිරෙව්වෙ නම් නෑ අව්ලක් නෑ ඔන්න පලෝකරා. මුලඉදන් කියවන් එන්නම්

    ReplyDelete