Sunday, December 04, 2016

ගෝඨා ඊයේ සමුගත්තේය


ගෝඨයිම්බර කෝලම ගැන ඇසූ දුටු අය ඇති. අහන්න නොලැබුණු පිරිසකුත් ඇති.

ඒක නාට්‍යයක් විදියට මෑත කාලයේ වැඩිම විචාරක අවධානයක් දිනාගත්ත නිර්මාණයක්.

ඒකේ විශේෂත්වය කෝලම් ආකෘතියෙන් ප්‍රාථමික වේදිකාවක රඟදැක්වීම. ප්‍රාථමික ප්‍රේක්ෂකාගාර ආකෘතිය යොදාගැනීම. කෝලම්වල වගේම. වටේට පුටු තියලා මැද රඟදක්වනවා. 


මේ ගැන බොහෝ විචාරකයන් කතාකළා. 

මිත්‍යාවට පහරදෙන....... ස්ත්‍රිය ගැනත් පවුල ගැනත් කතාකරන.... සරච්චන්ද්‍ර කණපිට ගහමින් නාට්‍යය වේදිකාවෙන් මහපොළොවට ගෙන එන.... දුම්මල ගහන.... කුණුහරුප කියන නාට්‍යය ගෝඨයිම්බර කෝලම.

පහුගිය ඉරිදා (ඊයේ) කෝලමේ අවසන් රංගය පැවැත්වුණා. ගෝඨා සමුගත්තා. ඒ වුණත් ඒ ගැන කතාබහ කාලයක් යනකන් පවතීවි. 

ගෝඨයිම්බර කෝලමෙ මා දකින විශේෂත්වයක් තමයි ඒකෙ රචනය, අධ්‍යක්ෂණය, රඟපෑම, මියුසික් වගේ නිර්මාණකරණය පැත්තෙ හැම එකක්ම පිරිමි කරද්දී නිෂ්පාදනය පැත්තෙ වැදගත් කාර්‍යයන් දෙකක් කාන්තාවන් කිරීම. 

එක් පැත්තකින් මූල්‍යමය සහාය දෙන්නේ කාන්තාවක්. ඩෙනිස්ගේ සහකාරිය සහ නිදහස් මාද්‍යවේදිනියක් වන අනුරාධා කෝදාගොඩ තමයි නාට්‍යය එළියේ ඇදගෙන යන පෞරුෂය.


ඩෙනිස් හා අනුරාධා (දැන් මෙයාලා හරි වයසයි😀😜 මේ තරුණ කාලේ හොඳේ)

ලෝකෙ හොඳම නිර්මාණය කළත් ඒක ජනතාව අතරට ගෙනියන්න විශේෂ පෞරුෂයක් ඕන. ජෙන්ඩ කේස් එක ගත්තම මේක පිරිමි වැඩක් කියල කීවත් ඒක සමාජයට ගෙනියන්න කාලය, ධනය, ශ්‍රමය වැයකරන්නෙ කාන්තාවන්.

අනික මේ කෝලමට වැඩියෙන් හිනාවෙන්නෙත් කාන්තාවන්.

මේ ප්‍රේක්ෂකාගාරය වගේම කෝලම් කන්සෙප්ට් එකත් මට හුරුයි.

ඩීඑස් හොස්ටල් හිටපු කාලෙ තමයි මේ අත්දැකීම් ලැබුවෙ.

සති දෙකකට වතාවක් ඩීඑස් හොස්ටල් එකේ ටැලන්ට් පෙන්නන්න අවස්ථාවක් ලැබෙනව. හොස්ටල් එකේ හැමෝම පුටු අරගෙන ඇවිල්ලා වටේට තියාගෙන අනිත් අයගේ ගී ගායනා, නාට්‍ය නිර්මාණ, කතා අහගෙන ඉන්නවා. බලනවා.



වැඩි පිරිසක් කළේ නාට්‍ය.... මම නාට්‍යකාරයෙක් විදියට මොනවත් කරලා නැතත්, අඩුගාණේ රඟපාලා නැතත් මෙතැනට සති දෙකකට වතාවක් නාට්‍යයක් ලියන්න මම ට්‍රයි කළා. 

ඔයවගේ වෙලාවක මම රූපවාහිනියේ කෝලම් ගැන කරපු වැඩසටහනකදී කෝලමක් දැක්කා. 

ඒ කෝලම දැකපු මට පුදුම අත්දැකීමක් විදියට ඒක දැනුනා. ඒ කෝලම වටේට පුටු තබපු හොස්ටල් එකේ කරන හැටි මැවිලා පෙණුනා. ලයිබ්‍රියට ගියපු මම කෝලම් පිටපත් කිහිපයක් හොයාගෙන ලිව්වා කෝලම් මොඩ් කරපු පිටපතක්. කෝලම් වල තිබුණු කවි එහෙම අලුතින් ලීවා. 

හැබැයි මගේ කෝලම පෙන්නගන්න බැරිවුණා. පිටපත මගේ ළඟ කාලයක් තිබුණා. ගෝඨයිම්බර කෝලම බැලුවාට පස්සේ ගෙදර ගිය වෙලාවක ඒ පිටපත හෙව්වත් මට ලැබුණේ නැහැ. 



මට කියන්න ඕන මේ අත්දැකීම ගැනයි. මේ පුටු තියාගෙන ළඟ ඉඳන් බලන නාට්‍ය අත්දැකීම අපට ඕන කියලයි මට හිතෙන්නේ. 


ඒ අත්දැකීම විවිධ උත්සාහයන් වල තිබුණත් ගෝඨයිම්බර කෝලමේ තරම් සාර්ථකව ඒ අත්දැකීම එළියට ගේන්න කාටවත් හැකිවුණේ නැති බව විශ්වාසයි.

කෝලම ගැන වැඩිපුර කියන්න ඕන නැහැ. ඔය අත්දැකීම ගැනත් කෝලම ගැනත් එහි විශේෂත්වය ගැනත් අපි දන්න හැම විචාරකයම වගේ ලිව්වා. කතාකළා. වාද කරගත්තා. 

මට හිතෙන්නේ මෙහෙම දෙයක්. 

ගෝඨයිම්බර කෝලම මම බැලුවා බුක්ෆෙයාර් එකේදී. එතැනට ආවේ කෝලම බලන්න ටිකට් අරගෙන ආපු අය නෙවෙයි. පොත් ගන්න ආපු අය. හිටගෙනයි බැලුවේ.

ඒ අය මේක අපූරුවට වින්දා.

කෝලම එතැනදීත් පේරාදෙණියේ වලේදීත් හැර පෙන්වුවේ අපේගම, පදනම වගේ තැන්වලදී. 

මම හිතන්නේ මේක බලන්න ආවේ අර ප්‍රොසීනියම් වේදිකාවේ නාට්‍ය බලන්න යන කට්ටියම තමයි. 

ටිකක් මිලැති ටිකට් එකක්, දෙකක් හෝ පවුලටම හතරක් පහක් අරගෙන. 

මට හිතෙන්නේ මේ ආකෘතිය ඒ වේදිකාවට කොහොමත් යන අයට වඩා සාමාන්‍ය මිනිස්සු අතරට ගෙනියන්න ඕන...

සේදවත්තට එහා පැත්තේ තියෙන දෙවොල්මඩු වත්තේ දෙවොල්මඩුව නටන තැන මේ විදියේ නාට්‍යයක් පෙන්වනවා බලන්න තියෙනවනම් මරු.

පීඩිත, වෙනදා වේදිකා නාට්‍යයක් නොබලන මිනිස්සු අතරට කෝලම යනවානම් මරු. 

ගෝඨයිම්බර කෝලමෙන් ඉස්න්පයර් වෙච්චි අයට අලුතින් මේ වගේ නිර්මාණයක් කරන්න ඕනෑනම් ඒ ගැන හිතන්න පුලුවන්. ඩෙනිස්ම අලුතින් ඒ වගේ වැඩක් කරනවානම් පීඩිත මිනිස්සු අතරට යන්න කියලා කියන්න හිතෙනවා..... 

මං එහෙම කියන්නෙ විප්ලවයක් හරි වෙන බයිලාවක් හරි කලාවේ ප්‍රගමනයක් හරි ගැන හිතලා නෙවෙයි.

ඒක මරු එක්ස්පීරියන්ස් එකක් වේවි. හැමදාම නාට්‍ය බලපු අය වෙනුවට අර මිනිස්සුන්ටත් ඒක අලුත් එක්ස්පීරියන්ස් එකක් වේවි. 

ඒ වගේම පොළොවේ ඉඳන් ඒ වගේ මිනිස්සු අතරේ ඉඳන් නාට්‍ය බලන්න ලැබුණොත් විචාරකයන්ටත් මරු එක්ස්පීරියන්ස් එකක් වේවි. 

නාට්‍යය ප්‍රකාශණ මාධ්‍යයක් කරගත්ත නිර්මාණකරුවන්ටත් අලුත් අත්දැකීමක් වේවි. 

මා රාවයට කෝලම ගැන ලියූ සටහනක් මෙතැනින් කියවන්න
ගෝඨා

කෝලම ගැන කියවන්න කැමති අයට පහත ලින්ක් එකෙන් චින්තන ධර්මදාස ලියූ සටහන කියවන්න පුලුවන්. 
කල්ට්

හෙට අනිද්දා බ්ලොග් අවකාශයට එන්න ඉඩක් තියෙන උපුල් ශාන්ත සන්නස්ගල කෝලම වෙනුවෙන් පොතක් පවා ලීවා. 
මේ එයාගේ යෝජනාව
සන්නස්ගලගේ යෝජනාව

විදර්ශන කන්නංගරගේ විචාරය පහළින්
කෝලම අද නටන්නේ කොතැනද? 

16 comments:

  1. ප්‍රේක්ෂකාගාරය සමග ඒකාත්මික වීම හුඟක්ම වටිනවා. පෞද්ගලිකව මාත් කැමතියි ඒ කොන්සේප්ට් එකට...

    ReplyDelete
  2. හෙඩිමෙන් හිතුවෙ වෙන එකක්වත් ද කියලා

    ReplyDelete
    Replies
    1. ඒ නිසාම තමා ඒ හෙඩිම දැම්මෙ

      Delete
  3. බලන්න උනේ නැහැ... නාට්ටියක් බලපු කාළයක් මතක නෑ..

    ReplyDelete
    Replies
    1. මේක නාට්‍යයකට එහා ගියපු එක්ස්පීරියන්ස් එකක්
      - චින්තන ධර්මදාස

      Delete
  4. උඩුවා.....මේ ලින්ක්ස්වලට බොහොම ස්තූතියි!!

    ReplyDelete
  5. පොඩි වීඩියෝ ක්ලිප් එකක් නැද්ද හොයාගන්න?

    ReplyDelete
  6. //////හෙට අනිද්දා බ්ලොග් අවකාශයට එන්න ඉඩක් තියෙන උපුල් ශාන්ත සන්නස්ගල//////////////

    පොරට ලියන්න කියපන්. එළකිරි බ්ලොග් එකක් වෙයි. මමත් ආසයි කියවන්න. බ්ලොග් ලියන්න ඕන පොරක් තමයි සන්නස්ගල.

    ReplyDelete
  7. උක් දඩු ගින්න කියලා නාට්‍යක් තිබුනලු. ඒකේ කථා කරන්නේ උක් වගා කරන ගොවීන්ගේ ගැටලු ගැනලු. ඒත් සෙවනගල උක් වගාකරන අය මේ නාට්‍ය ගැන දන්නේ නැහැල්ලු. මමත් අහපු කථාවක්. දන්න කෙනෙක් ඉන්නවානම් මේ ගැන පොඩි පැහැදිලිකිරීමක් දෙන්න.

    ReplyDelete
    Replies
    1. නිමල් ඒකනායක මීට අවුරුදු 25ට එහා කරපු නාට්ටියක්. මනෝ හිටියා වගේ මතකයි. ඒ අවධියේ කොළඹින් පිට නාට්ටි පෙන්වීමට හරිහමන් රඟහල් තිබුනේ නැහැ. දැනුත් එහෙම නාට්ටි ශාලා ඒ තරම් නැහැනේ. නාට්ටි පෙන්නන්නේ නාට්ටි පෙන්නන හරි හමන් ශාලාවල නෙමේනේ. පිටපලාත්වලත් නගරයේ විතරයි නාට්ටියක් සංවිධානය වෙන්නේ. සෙවනගල ගැන කුමන කතාද.

      කුරහන් කියන කතාව කවුරු හරි දේශනයකදිත් කිව්වා.

      Delete
  8. ගමේ අපිට ඔවුව උරුම නෑ මල්ලි....

    ReplyDelete