Tuesday, June 26, 2018

අධිකරණයට ඉදිරිපත් කළ කාන්තාවන් ගැන නීතීඥයා කී කතාව

'සර් මං අයාලෙ ගියා තමයි. මේ මහත්තයා එක්කම තමයි හිටියෙ.' උසාවියකට ඉදිරිපත් කරපු සංක්‍රාන්ති ලිංගික සහෝදරියක් වරක් මහේස්ත්‍රාත් ඉදිරියේ එහෙම කියලා තිබුණා. ඒ තමන්ව අල්ලගෙන ඉදිරිපත් කරපු පොලිස් නිලධාරීන් අතරින් කෙනෙක්ව පෙන්වලා. එකපාරම කරපු ඒ ප්‍රකාශයෙන් මුළු අධිකරණයම කලබල වෙලා තිබුණා. පොලිස් නිලධාරියාත් බයවෙලා තිබුණා. අන්තිමේ ඒ කාන්තාව නිදහස් කරන්නත්, අධිකරණයේ අවවාද ලබන්නත් පොලිස් කණ්ඩායමට සිද්ධවෙලා තිබුණා. 'සමහරු බයටම වැරැද්ද පිළිගන්නවා. මං පිළිගත්තෙ නෑ. මං මොකටද නොකරපු වැරැද්දක් පිළිගන්නෙ. මාව අයාලෙ ගියා කියල ඇරෙස්ට් කරනවානම් මාත් එක්ක හිටපු කෙනෙක්ව පෙන්වන්න ඕනෑනෙ.' ඒ සිදුවීම ගැන ඇය අපි එක්ක එහෙම කීවා. ඒක පරණ සිදුවීමක්.

ජුනි 25 වැනිදා අනුරාධපුර මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරපු කාන්තාවන් දෙදෙනෙක් ලිංගික ශ්‍රමිකයන්යැයි කියමින් පොලීසියෙන් කරුණු ඉදිරිපත් කරලා තිබුණා. ඒත් ඒ කාන්තාවන් වෙනුවෙන් ඉදිරිපත් වුණ නීතීඥයා නලින් දිමුතු විසින් එයට විරුද්ධව හඬනඟලා. ඒ නිසා අධිකරණයේදී උණුසුම් තත්වයක් ඇතිවෙලා තිබුණා.




'හැමදාම අයා‍ලේ යන කාන්තාවන් කියලා සැකකාරියෝ අධිකරණයට ඉදිරිපත් කරනවා. නමුත් කවදාවත් ඔවුන් එක්ක යහන්ගත වන පිරිමි අධිකරණයට ඉදිරිපත් කරන්නේ නෑ. ‍පොලීසිය ඒ අයවත් අධිකරණය ඉදිරිපත් කරන්න.' නීතීඥයා උසාවියේදී කියලා තියෙන්නෙ එහෙම. පොලීසිය ඒ කතාවට කලබල වෙලා තිබුණා. ඇත්ත. තනියෙන් කෙනෙක් අයාලෙ යන්න විදියක් නැහැ. 'ගණිකාවක්' කියන චෝදනාව මත කාන්තාවක් උසාවියට ඉදිරිපත් කරනවානම් ඒ කෙනා එක්ක හැසිරුණු අයවත් අධිකරණයට ඉදිරිපත් කරන්න වෙනවා.

'මැදවච්චිය පැත්තට ගියා නම් මේ අයගේ තත්ත්වය දැන ගන්න පුළුවන්. උගත් නීතිඥතුමා කියන විදියට පිරිමි අධිකරණයට ගේන්න ගියොත් කී දෙනෙක් මතෛන්ට ගේන්නද? හැබැයි අවශ්‍ය වේලාවට අපි ඒ අයවත් ඉදිරිපත් කරන්නම්.' පොලිස් කොස්තාපල්වරයා ඒකට උත්තර විදියට අධිකරණයට කියලා තියෙන්නෙ එහෙම.

ඇත්තටම මේ කාන්තාවන් විතරක් පොලීසියෙන් අධිකරණයට ඉදිරිපත් කරන්නෙ ඇයි? සාමාන්‍යයෙන් මේ වගේ කාන්තාවන් විතරක් නෙවෙයි, සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් සහ සමකාමී පිරිමින් සම්බන්ධයෙන් වාර්තා බොහොමයක් තියෙනවා. එවැනි අයව බොහෝවිට පොලීසිය අත්අඩංගුවට අරගන්නේ එක්කෝ විනෝදය සඳහා. නැත්නම් ගාණක් කඩාගන්නට. නැත්නම් මේ අයගෙන් ලිංගික සුවයක් ලබන්න. අනුරාධපුර දිස්ත්‍රික්කයේම එක් පොලිස් ස්ථානයක නිලධාරීන් තමන්ව අත්අඩංගුවට ගෙන රාත්‍රිය පුරා ලිංගික වශයෙන් හිංසනයට ලක් කළ බව අප හොඳින් දන්නා සමකාමී තරුණයෙක් සාක්ෂි දී තිබුණා.

ඇත්තටම ලංකාවේ නීතිය ඉදිරියේදී ලිංගික ශ්‍රමික, සංක්‍රාන්ති ලිංගික, සමලිංගික පුද්ගලයන් විශාල අසාධාරණයකට ලක් වෙනවා. ඔවුන්ට තමන්ට සිද්ධවුණ අසාධාරණය ගැන හඬනඟන්න ඉඩක් ඇත්තේත් නැහැ. ඇත්තටම මේ පුද්ගලයන් හඬක් නැති පුද්ගලයන්. ඒ වගේ අධිකරණයට ඉදිරිපත් වුණ කෙනෙක් වුණත් නිහඬවම චෝදනා බාරගෙන, නියම කරන දඩයක් ගෙවලා නිදහස් වෙන්නයි උත්සාහ කරන්නෙ. බොහෝවිට එවැනි අයව පොලිස් අත්අඩංගුවට පත්වුණාම පොලීසියේදී අමානුෂික ලෙස ලිංගික හිංසනයන්ට ලක් වෙනවා. ඒවාට විරුද්ධව හඬක් නඟන්න හයියකුත් ඒ අයට නැහැ. මේක ඉතාම කණගාටුදායක තත්වයක්.

සමාජයේ ඕනෑම රැකියාවක් තෝරාගන්නේ මිනිස්සු තමන්ට තියෙන සමාජ පසුබිම, ආර්ථික හැකියාව වගේ කාරණා මත. ඇත්තටම ඉහළ පන්තියේ ලිංගික ශ්‍රමික කාන්තාවකට දිනකට එක් ධනවතෙකුට සේවය සැපයීමෙන් ආදායමක් ලැබිය හැකියි. එහෙත් පාරෙ ඉන්න ලිංගික ශ්‍රමික කාන්තාවකට සිදුවෙනවා දිනකට කිහිපදෙනෙක්වම සතුටු කරන්නට. ජීවත්වෙන්නට ඔවුන් කරන ඒ සටන පවතින්නේ ඔවුන්ගෙන් සේවය ලබන අය නිසායි. ඒ නිසා මෙය ඔවුන් කරන වැරැද්දක් ලෙස හඳුන්වන්න බෑ. ලංකාවෙ ඉන්න අසහනකාරයන් ගැන අපි දන්නවා.

ටිකක් වෙනස් ඇහැකින් බැලුවොත් ඇත්තටම ඔවුන් කරන්නේ සමාජ සේවයක්යැයි අපට කල්පනා කරන්න වෙනවා. ඔවුන් ඉතාම සොච්චම් මිලකට මේ ලබාදෙන සර්විස් එක නැතිනම් ලංකාවෙ අසහනකාරයන් මොනවගේ ක්‍රියාවලට පෙළඹේවිදැයි අපි දන්නෙ නැහැ. මේ කර්මාන්තය වැරැද්දක් නම් ඒ වැරැද්ද කරන්නේ සේවය ලබාගන්නා අය විසින්.

කොහොම වුණත් පාරේ ඉඳන් සේවය සපයන මේ කාන්තාවන් පුදුම දුකක් විඳිනවා. කතා දෙකක් නැහැ. ලංකාවෙ සිටින මානව හිතවාදීම ගායක ගායිකාවො සහ කවි, ගීත රචක රචිකාවියො මේ දුක තේරුම් ගෙන කවි ගී ලියා තියෙනවා. එවැනි කාන්තාවන්ට නීතිය ක්‍රියාත්මක කරනවායැයි කියමින් ඇත්ත හොරුන්ට ආරක්ෂාව සපයන පොලීසිය නම් අකාර්යක්ෂම ආයතනය විසින්ද හිංසා කිරීම ඛේදවාචකයක්.

තවත් වැදගත් කාරණයක් සිහිපත් කරන්න ඕනෑ. මේ අයගේ කෙරුවාව හැමෝම දන්නවා වගේ කියමනක් මත පොලීසියට අත්අඩංගුවට ගැනීම් කරන්න බැහැ. එහෙනම් පොලීසිය වහා දිව ගිහින් අත්අඩංගුවට ගන්න ඕනෑ නිමල් ලාන්සා වගේ අයව. රවී කරුණානායක වගේ අයව. නැත්නම් ස්ත්‍රීන් දෙසීයක් දූෂණය කිරිම ගැන චෝදනා ලත් ප්‍රාදේශීය නායකයන්ව. මේ ස්ත්‍රීන්ට වඩා දහස් ගුණයක් අපේ සමාජයට හානිකර දේවල් කරන අය ඉන්නවාද. අහවල් පැත්තට ගිහින් කෙරුවාව දැනගන්න පුලුවන් කියන පදනම මත ඒ සියළු දෙනාව අත්අඩංගුවට ගන්න පුළුවන්. එහෙම නොගන්නේ ඇයි. රාත්‍රියට පාරේ ඉන්න කාන්තාවන් අත්අඩංගුවට ගන්නේ ඇයි.

ඇතැම්විට මේ කාන්තාවන් ඇත්තටම ලිංගික ශ්‍රමික කාන්තාවන් වෙන්න පුලුවන්. ලංකාවේ නීතියට අනුව එය නීති විරෝධී බව හැබෑව. එහෙත් එවැනි කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට පදනමක් තිබිය යුතුයි. රෑ පාරේ හිටගෙන සිටි පලියට කෙරුවාව ගමම දන්නවායැයි පදනම මත අත්අඩංගුවට ගැනිමක් කරන්නෙ කොහොමද. එහෙම අත්අඩංගුවට ගන්න නිදහසක් පොලීසියට ලැබෙද්දී පොලීසිය කරන්නේ අහිංසක දුප්පත් කාන්තාවන්ට තමන්ගේ බලය අනිසි ලෙස පාවිච්චි කරමින් ප්‍රයෝජන ගන්නා එක. කිසිම අවස්ථාවක පොලීසිය ක්ලබ් එකකට පැන ලිංගික ශ්‍රමික කාන්තාවන් අත්අඩංගුවට ගන්නෙ නැහැ.

ප.ලි. - මේ නලින් දිමුතු කියන නීතීඥ මහතාගේ පසුබිම ටිකක් සොයලා බැලුවා. ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හොඳ ක්‍රියාකාරිකයෙක්. ලංකාවේ දේශපාලන කටයුතු වලට සම්බන්ධ පුද්ගලයො මේ වගේ වැදගත් මාතෘකා ගැන කතාකරන්නෙ ඉතා අඩුවෙන්. ඒ නිසා දිගටම මෙවැනි පුද්ගලයන් වෙනුවෙන් පෙනී ඉන්නැයි නලින් දිමුතු නීතීඥ මහතාට අපි සුභ පතනවා.

8 comments:

  1. ගණිකා වෘත්තීය නීතිගත කල යුතුයි කියන මතයේ තමයි මම ඉන්නේ...
    එතකොට ඔය අසාධාරණ වැඩ, ස්ත්‍රී දුෂණ පවා සැළකිය යුතු මට්ටමකට අඩු වෙන්න තියෙන හැකියාව ඉතා වැඩියි...
    ඒ එක්කම සමාජ රෝග පවා පාලනය කරන්න හැකියාව වැඩි වේවි...

    ReplyDelete
    Replies
    1. අපේ අදහසත් ඒක තමයි.. දැනුත් මේ මුළු සමාජයම නොනිල වශයෙන් ඒක පවත්වගෙන යනවනෙ.

      Delete
    2. අපොයි ඒකට නම් මම විරුද්ධයි.
      එතකොට ටදමළ ගෑණුත් ගනිකා වෘත්තියේ නියැලෙයිනේ.
      මගේ නංගි ගණිකාවක් වුනාට කමක් නෑ, ඒත් දෙමළ ගෑණියෙක් ගණිකාවක් වෙනවා මට දරා ගන්න බෑ
      ෴උඩුවාගේ යටිසිත

      Delete
  2. //මේ නලින් දිමුතු කියන නීතීඥ මහතාගේ පසුබිම ටිකක් සොයලා බැලුවා. ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හොඳ ක්‍රියාකාරිකයෙක්.//

    මට වැදගත් උනේ "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හොඳ ක්‍රියාකාරිකයෙක්" කියන කොටස. ඒ වගේ පක්ෂයක මේ වගේ ඉදිරිගාමී අදහස් තියෙන අයත් ඉන්නවා කියලා අහන්න ලැබීමත් සතුටක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එයාගෙ අදහස් සමස්ථයක් විදියට දන්නෙ නැහැ. හැබැයි මේ පෙනී සිටීම සහ ප්‍රශ්ණ කිරීම නම් අගය කළ යුතුයි.

      Delete
  3. පොලිසිය තරං පීචං වෙච්ච ආයතනයක් රටේ නෑ. ඉතිං මේ සිද්දිය ගැන උනත් පුදුම වෙන්ඩ දෙයක් නෑ.

    ReplyDelete
  4. මාගේ දමිල සහෝදරවරුනි,
    උඹලා ඔය උඩුවා කියන කපටියාට අහුවෙන්න එපා.
    ඕකා සිංහල හමුදාවේ ඔත්තුකරුවෙක්.
    එයා හදන්නේ ශ්‍රේෂ්ඨ දමිල කුල කාන්තාවන් වේසියන් බවට පත් කරන්නයි.

    ඔකො ආයේ පාරක් දෙමල ප්‍රදේශයට ආවොත්. අර කොටියා මැරුවා වගේ ඹ්කාවත් මරාපල්ලා.

    என் மகள்கள், என் சகோதரர்கள்,
    அந்த அவசர அவசரத்தில் பிடிபடாதே.
    அவர் ஒரு சிங்கள உளவாளியாக இருந்தார்.
    அவர் பெரிய தமிழ் சமூகம் பெண்களுக்கு ஒரு வகையை உருவாக்க முயற்சிக்கிறார்.

    உங்களுடைய முறை தமிழ் பகுதிக்கு வந்தால். புலிகள் கொல்லப்பட்டதைப் போலவே.

    ReplyDelete