Friday, June 29, 2018

දුර බැලීම

‘ඒ මොන වචනය කීවත් උන්වහන්සේ නරක දෙයක් කියන බව විශ්වාස කරන්නෙ නැහැ. ඊට වඩා දුරදක්නා නුවණින් ඒ ප‍්‍රකාශය බාරගන්නවා. අපේ රටට අවශ්‍ය වන්නේ රටට ජාතියට ආදරය කරන, ජනතාවට සෙත සලසන පාලනයක්.‘




නැත. මේ ප‍්‍රකාශය මහින්ද රාජපක්ෂගේ අනුගාමිකයෙක් කී කතාවක් නොවේ. ගෝඨාභය රාජපක්ෂගේ මිත‍්‍රයෙක් කී කතාවක් නොවේ. එජාපයේ නියෝජ්‍ය නායකයා කී කතාවකි. සජිත් පේ‍්‍රමදාස ගිය සතියේ කී කතාවකි. උපාලි හිමියන්ගේ ප‍්‍රකාශය සාධාරණීකරණය කරමින් විවිධ පුද්ගලයන් ප‍්‍රකාශ නිකුත් කළත් අපේ විශේෂ අවධානය එජාපයේ ඊළඟ නායකයා වීමේ බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයාගේ ඉහත ප‍්‍රකාශය වෙත යොමුවිය.

වෙඬරුවේ උපාලි අනුනායක හිමියන් කී කතාව අලූයම ලූ කෙළ පිඬක් සේ බැහැර කළ යුතුව තිබුණු ප‍්‍රකාශයකි. මෙවැනි ප‍්‍රකාශයක මොන යටි අරුත් තිබුණත්, එය කොච්චර දුර දැක කී කතාවක් වුව එහිදී පාවිච්චි වූ හිට්ලර්, මිලිටරි වැනි වචනවල අර්ථය අපි හොඳින් දන්නෙමු.

සජිත් පේ‍්‍රමදාස බොහෝ දුරදිග දකින බව අප නොදන්නවා නොවේ. පක්ෂ ප‍්‍රතිසංවිධානය ගැන එජාපය අභ්‍යන්තරයේ දැවැන්ත හඬක් නැඟෙද්දී සද්ද නැතිව සිටිමින් ඒ හඬ යටපත් කර දැම්මේ සජිත් දුරදිග බලන නිසාය. අවුරුදු පණහක පමණ වයසක් තිබුණත් සජිත්  පේ‍්‍රමදාස වසර ගණනක් දුරදිග බලන්නේ රනිල් ඇණගත් පසුව තවත් සීයා කෙනෙකු ලෙස තමන් පක්ෂ නායකයා වෙන්නටයි.

අප ඇතුළු රටේ අති බහුතරයකට සජිත් පේ‍්‍රමදාස තරම් දුර පෙනෙන්නේ නැතිවා විය හැකිය. අපට හිට්ලර් සහ රටට ආදරය කරන, ජනතාවට සෙත සලසන පාලනයක් යන්නෙහි එකිනෙක සම්බන්ධය තේරෙන්නේ නැත. සජිත් හිතන්නේ ජර්මනිය දැන් ලබා සිටින දියුණුව ගැන දුරදිග බලා හිට්ලර් එදා ඝාතන සිදු කළ බවද? නැත්නම් හිට්ලර් පාවිච්චි කළ දිගුදුර අවියක් ගැනද? අපට තේරෙන්නේ නැත. තේරුම් ගන්නට  ඕනෑද නැත. එහෙත් අපට සජිත්ව හොඳට තේරෙන්නට පටන්ගෙන ඇති බව නම් කිව යුතුය. එජාපයේ දියුණුව බලාපොරොත්තු වන අය වෙන අතක් බලාගැනීම යහපත්ය.

9 comments:

  1. දුර දිග බලලා ඊට සතියකට පස්සේ වෙන කතාවක් කිව්වේ ඉතිං , දැක්කේ නැද්ද

    ReplyDelete
    Replies
    1. ඩර්ටි පොලිටික්ස් කියන්නෙ ඒකනෙ හිටං

      Delete
  2. සජිත් කියන්නෙ කිසිම වැඩකට ඇති මිනිහෙක් නෙවෙයි....

    හම්බන්තොටට මිනිස්සුන්ට මහන මැෂින් බෙදන්ටයි පන්සල්වලට ගා ගන්ට හුණු බෙදන්ටයි තමයි ඒ මනුස්සය දන්නෙ...

    එතනින් එහාට ජාතික දේශපාලනයක් කියල එකක් මිනිහ දන්නෙ නෑ...

    ReplyDelete
  3. මම සිංහලයෙක් මට හිඩ්ලර් දෙවැනි ලෝක යුද්දෙන් දිනුවත් එකයි, පැරදුනත් එකයි.
    එයා දිනුවනම් මට ඉංග්‍රීසි වෙනුවට ජර්මන් ඉගෙන ගන්න වෙයි. මම වැඩිය කැමති සිංහල බාශාවට.

    ප්‍රභාකරන් මලා කියලා රතිඤ්ඤා පත්තු නොකරපු මට හිඩ්ලර් ගැන කිසිම අහිතක් නෑ.

    ReplyDelete
  4. "
    සජිත් පේ‍්‍රමදාස බොහෝ දුරදිග දකින බව අප නොදන්නවා නොවේ. පක්ෂ ප‍්‍රතිසංවිධානය ගැන එජාපය අභ්‍යන්තරයේ දැවැන්ත හඬක් නැඟෙද්දී සද්ද නැතිව සිටිමින් ඒ හඬ යටපත් කර දැම්මේ සජිත් දුරදිග බලන නිසාය. අවුරුදු පණහක පමණ වයසක් තිබුණත් සජිත් පේ‍්‍රමදාස වසර ගණනක් දුරදිග බලන්නේ රනිල් ඇණගත් පසුව තවත් සීයා කෙනෙකු ලෙස තමන් පක්ෂ නායකයා වෙන්නටයි."/////

    ReplyDelete
  5. සජිත් ජාතික නායකයෙකු ලෙස තවමත් ඉස්මතු වී නොමැති බව මගේ වැටහීමයි. පියාගේ ගම්උදා වැඩපිලිවෙල එහෙන් මෙහෙන් කරනවා විනා වෙනත් නිර්මාණශීලී වැඩපිලිවෙලක් මෙතෙක් ඔහු එලිදක්වා නැත.

    ReplyDelete