Showing posts with label ලිස්ට්. Show all posts
Showing posts with label ලිස්ට්. Show all posts

Monday, July 17, 2017

ඩ්‍රිෂ්‍යම් කතාවට විකල්ප වීරයෝ අටක්




ඩ්‍රිෂ්‍යම් කතාව කියලා කිව්වම ලේසියි. මේ කියන්නේ ධර්මයුද්ධය සහ පාපනාසම් කියන නම්වලිනුත් හඳුන්වපු ඩෘෂ්‍යම් කියා කන්නඩ වලිනුත් ඩ්‍රිෂ්‍යා කියා තෙළිඟු වලිනුත් ඩ්‍රිෂ්‍යම් කියන නමින් හින්දි සහ මලයාලම් භාෂාවලිනුත් නිර්මාණය කෙරුණු කාගේ හෝ ජීනියස් ප්ලොට් එක ගැනයි. භාෂා හයකින් යළි නිර්මාණය වෙන්නට කතාවක් කොච්චර ජීනියස් වෙන්න ඕනද? මේක මීට කලින් දැකලා තියෙන්නේ නිර්මාණ කිහිපයක විතරයි. දෙදාහ දශකෙ මුලින් ප්‍රභූ සහ ප්‍රභූදේවා එකට රඟපු ‘චාලි චැප්ලින්‘ හොඳම උදාහරණයක්. කවුද මේ පසුපස ඉන්න ජීනියස්? ජේතු ජෝසෆ්.