Thursday, March 31, 2016

වින්ඩීස් චැම්පියන් ඩාන්ස් එකයි සිංදුවයි

ලෝකෙ ඕනම ක්‍රීඩාවක ඉන්න පුළුවන් යුනික්ම ටීම් එකක් තමයි වෙස්ට් ඉන්ඩීස් ක්‍රිකට් ටීම් එක... හකා දාන බ්ලැක් කැප්ස් රග්බි ටීම් එකත් ඒ වගේ යුනික් ටීම් එකක්නෙ... ඒ වගේ කන්ඩායම් වල ඇටිටියුඩ් ඒ ක්‍රීඩාවම ලස්සන කරනව...  වෙස්ට් ඉන්ඩීස්ල මේ පාර වර්ල්ඩ් කප් එකේ දැම්මෙ චැම්පියන් ඩාන්ස් එක. ඇෆ්ගනිස්ථාන්ට පරාද වුණාම මූණවල් එල්ලගන්නෙ නැතිව ඇෆ්ගනිස්තාන් කොල්ලො එක්කලත් චැම්පියන් ඩාන්ස් එකක් දාල ෆොටෝ එකකට පෙනී ඉන්න වෙස්ට් ඉන්ඩීස්ල ප්‍රමාද වුණේ නෑ..




ඇෆ්ගනිස්ථාන් මැච් එකෙන් පස්සෙ සෙමියෙදී බ්‍රාෙවො චැම්පියන් ඩාන්ස් එක දාන්න දෝනිටත් ආරාධනා කළා... මට ෂුවර් සෙමිය පරාද වුණානං ඒත් එදා රෑ ගේල්, බ්‍රාෙවො, සාමි සෙට් එක ඩාන්ස් කරනව... වින්ඩීස් කියන්නේ අතිවිශිෂ්ඨ ටීම් එකක්... ක්‍රිකට් වර්ණවත් කරන්නටත් සැහැල්ලුව එක් කරන්නටත් එයාල කැප වෙනව.... 

ඩීජේ බ්‍රාෙවා් හෙවත් ඩ්වේයින් බ්‍රාෙවෝ තමයි චැම්පියන් ඩාන්ස් එක හිට් කළේ.. ඒ බ්‍රාෙවෝගෙ චැම්පියන් සිංදුවෙන්.. වර්ල්ඩ් කප් එකට වින්ඩීස් ඇන්තම් එකක් විදියට පිට කරපු සිංදුවක්.  ඒ සිංදුව නිකංම නිකං සිංදුවක් නෙවෙයි වර්ණභේදවාදයේ පීඩනය පිට කරපු සිංදුවක්... පහුගිය මාර්තු 14 රිලීස් කරපු බ්‍රාෙවාගෙ චැම්පියන් සිංදුවේ වීඩියෝවෙ තමයි ඔය ඩාන්ස් එක තිබුණෙ.... 



මාෂල් චැම්පියන්, බන්චි අ චැම්පියන්, පොලාර්ඩ් චැම්පියන්, බිනි අ චැම්පියන්, මයිකල් ජෝඩාන්, මැන්ඩෙලා, ගේල්, ඔබාමා, සෙරීනා, වෙන්ඩි, ෂෙලී ඈන් හා 958 බෝල්ට් චැම්පියන්.... 

මේක තමයි සිංදුවෙ වචන වල තියෙන්නෙ... සිංදුව එළිදක්වමින් බ්‍රාෙවො කීවෙ මට කියන්න පණිවිඩයක් තියෙනව ඒක මේ සිංදුවෙන් කියන්න උත්සාහ කරනව කියල... ලෝකයෙම ආදරය දිනාගත්ත කළු ජාතිකයන්ගෙ නම් තමයි සිංදුවෙ තියෙන්නෙ... 
ගේල් සහ බ්‍රාෙවෝ චැම්පියන් ඩාන්ස් එක දානව මේ සිංදුවෙ ඕඩියෝ ලෝන්ච් එක දවසෙ...


වින්ඩීස්ල කප් එක උස්සයි බොහෝ දුරට... පරාද වුණත් ෆයිනල් එක දවසෙ චැම්පියන් ඩාන්ස් එක දායි... මේ කොල්ලො ටික ඇත්තම චැම්පියන්ල වෙන්නෙ ඒ නිසයි. ඇත්තටම ක්‍රිකට් කියන්නෙ ලබ්බෙ මහත්තුරුන්ගෙ ක්‍රීඩාවක් වෙන්න ඕන නෑ තවත්... ඒ බයිලෙ තියාගන්න කියන්න අළුබඳුනට, බොක්සින් ඩේ ටෙස් මැච් එකට.... ක්‍රිකට් හොඳ තරඟකාරී ක්‍රීඩාවක් වෙන්න ඕන... ඒකෙ රහ විඳින්න පුළුවන් වෙන්න ඕන... ලෝකෙම ආකර්ශනේ ලැබෙන්න ඕන... ඒ ආකර්ශනේ ගේන්න මේ කොල්ලො ලොකු වැඩ කොටසක් කරනවා... ග්‍රවුන්ඩ් එක ඇතුලෙදි හරිම ටෆ්... හිසරදයක්... ඇටෑකින්.... ඒත් ඇටිටියුඩ් පුදුම සැහැල්ලුයි.... හැමෝම එයාලට ආදරෙයි...
සාමි කටේ සූප්පු ගැහිල්ලත්, ගැංග්නම් ඩාන්ස් දැමිල්ලත්, දැං චැම්පියන් ඩාන්ස් දැමිල්ලත් මේ වර්ණවත් බවේ කොටසක්... මංනං ආදරෙයි උන්ට....

12 comments:

  1. වෙස්ට් ඉන්ඩීස් කණ්ඩායම ගැන වැදගත් ම කාරණය තමයි ඒ වෙන් වෙන් රටවල් පහ හයක ක්‍රීඩකයන් ගේ එකතුවක් වීම.

    ReplyDelete
    Replies
    1. ඒකත් හරි... කැරිබියන් දූපත්වල ක්‍රීඩකයන් ඉන්නෙ...
      ඉංග්ලන්ඩ් ටීම් එකෙත් වේල්ස් ඉන්නව..
      ඒ වුණාට රග්බි වල වේල්ස් වෙනම ටීම් එකක්

      Delete
  2. ක්‍රිකට් මේ වගේ රසවත් තලයකට ගෙනාවේත් මුලින්ම එංගලන්තේ ඔස්ට්‍රලියාව ඇතුළු රටවල් හොල්මන් කරන තැනකට ගෙනාවෙත් ( හැත්තෑ ගණන්වල අසු ගණන් වල ) වෙස්ට් ඉන්ඩිස් ලා තමයි...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත... ක්‍රිකට් වල ලස්සනම ටීම් එක වින්ඩීස් තමයි
      මම නොලිව්වට ඒ වගේ පැත්තක් තියෙනව අපේ බ්ලොග් සහෝදරයෙක් ලිව්වොත් රසවත් වෙයි..
      බ්‍රයන් ලාරා කියන්නෙ වෙස්ට් ඉන්ඩීස් වල ටිකක් අමාරු කාලෙ බිහිවුණ පිතිකරුවා.. ලාර ඉනිමක් සෙල්ලම් කරද්දී සපෝට් ඉනින් එකක් සෙල්ලම් කරන්න අය හිටියෙ නෑ.... තෙන්දුර්කාර් සෙල්ලම් කරද්දී, ඩ්‍රාවිඩ්ල ගංගුලිල හිටිය වගේ...
      හැබැයි ඊටත් වඩා වින්ඩීස්ලට අමාරු කාලෙ තමයි මං කැමතිම ක්‍රිකට් ක්‍රීඩකය චන්ද්‍රෙපා්ල් සෙල්ලම් කළේ.... සර්වාන් ඇරුණම තිබුණු සපෝට් එක මදි... තනියෙං ඉනින් ගොඩදාන්න වුණ...
      චන්ද්‍රෙපා්ල්ගෙ බැටින් ස්ටාන්ස් එක ගොඩක් වර්ණවත්....

      Delete
  3. ලංකාව ඇරුනම මමත් කැමතිම කණ්ඩායම. දිනුමත් පැරදුමත් මේ විදියට සමසේ දරාගන්න වෙනත් කණ්ඩායමක් නැති තරම්. ඉන්ඩිස්ලා කප් එක ඉස්සුවොත් හොඳයි.

    තියෙන එකම දුක නමට "ඉන්ඩිස්" කෑල්ලක් තියෙන එක.

    ReplyDelete
  4. මං හිතන්නේ වෙස්ට් ඉන්දීන්ස්ලා ගොඩක් නිහතමානී කියලා....
    කප් එක එයාලා ගත්තොත් හොඳයි....

    ReplyDelete
    Replies
    1. කොදෙව්වන්ට අපි කැමතියි.නමුත් මට මතකයි වරක් ලංකාවට සංචරයකට ආපු වෙස්ට් ඉන්ඩීස්ලා නතර වෙලා හිටපු හොටෙල් එකේ තියෙන පහසුකම් මදි කියලා විදුරු බිඳලා,ටැප් ලයින් කඩලා ලොකු ජරමරයක් එහෙමත් කෙරුවා."හම්බන්තොට "පීකොක්"එකේ වෙන්න ඕනේ ඔය සිදුවීම වුනේ.

      හැබැයි කොදෙවෝ මේ ජයග්රහණ ලබන්නේ තමන්ගේ පාලක මණ්ඩලයත් එක්ක ප්‍රශ්නත් තියේද්දී.

      Delete
  5. කොදෙව්වෝ ලංකාවට ටෙස්ට් දෙන්න කැමති නොවූ බව අපි අහල තියෙනවා. සමහරවිට විරුද්ධවීමට ඔවුන්ට සාධාරණයි කියා සිතෙන හේතු තියෙන්න ඇති.
    නමුත් දැන් එය අතීතයට අයත් දෙයක්.
    කොදෙව්වෝ අප සැමගේ ආදරය දිනා ගන්නේ උඩුවා කියන ලෙසම ඔවුන්ගේ ක්‍රීඩා විලාශය මෙන්ම ගතිගුණ. ලොයිඩ්ගේ නායකත්වයෙන් කොදෙව් ටීම් එක ගොඩ නැගුව හැටි පෙන්වන ෆිල්ම් එකක් තියෙනවා. එයට අනුව ඔවුන්ගේ ඕස්ට්‍රේලියානු සංචාරයකදී ලැබුණු අමිහිරි අත්දැකීම් වලින් පන්නරය ලබා ලොයිඩ්ගේ නායකත්වය යටතේ ටීම් spirit එක ගොඩනගන හැටි හරිම අපුරුයි. ඕස්ට්‍රේලියානුවන් ඔවුන්ට වදුරන් ලෙස පරිබව කිරීම ම ලොකු උත්තේජනයක් කර ගන්නවා. පසු කාලීනව ලොයිඩ් ව කණ්ඩායමේ ක්‍රීඩකයෝ ඇමතුවේ 'සර්' ලෙසින් බව මම අසා තියෙනවා.
    රිචඩ්ස්, ග්‍රිනීච්, හේන්ස්, ගානර්, හෝල්ඩින්, මාර්ෂල් ක්‍රීඩා කළ හැටි කෙතරම් අපූරුද.

    උඩුවෝ, ක්‍රිකට් වර්ණවත් ක්‍රීඩාවක් කිරීමට ඕස්ට්‍රේලියානුවන් පුරෝගාමී වුණා කියලා මම හිතනවා.ඒ රාත්‍රී ක්‍රිකට් හරහා. නමුත් දැන් ඉන්දියානු බුකී කාරයෝ ක්‍රිකට් විනාශ කර හමාරයි. ඒ අතින් තවමත් අළු බඳුන තරඟාවලිය ඉහළයි. තවමත් එතැන ක්‍රිකට් තියෙනවා. බුකී කාරයන් විසින් දැන් බොහෝ විට පවත්වාගෙන යන්නේ නියම ක්‍රිකට් වලින් හදාගත් ක්‍රීඩාවක් කියලයි මට හිතෙන්නේ. ඒකත් ක්‍රිකට් කියල නම් කරලා තියෙන එකයි පුරස්නය. -- සරා සඳ ---

    ReplyDelete
  6. වෙස්ට් ඉන්දිස්ලට ඉස්සර ඉදන්ම ආසයි,බ්‍රයන් ලාරත් ඒ දවස්වල හිටපු හොද වැඩ කාරයෙක්.

    ReplyDelete
  7. පට්ට සින්දුව... මම ඔක්කෝටම වඩා ආස උන් ඉන්ගිරිසි ප්‍රනවුන්ස් කරන විදිය....

    ReplyDelete