Wednesday, August 05, 2015

අඩෝ රනිල, පොලිසිය එක්ක පිස්සු කෙළින්න එපා....


ප්රජාතන්ත්රවාදය හා යහපාලනය මාස හයකින් උදා වී ඇතැයි අගමැති රනිල් සහ ඇමතිවරුන් තැන් තැන් වල කියමින් යයි. පොලිසියත් ස්වාධීන වී ඇතැයි ජෝන් වැල් ජෝන්ලා කියමින් යයි. මෑත දිනයක හමුවූ කොළඹ පැත්තේ පොලිස් නිලධාරියෙක්ද කීවේ පෙර තිබුණාට වඩා දැන් නිදහසක් තිබෙන බවයි. මෙය සාපේක්ෂව අල්ලා ගත්තේ නැතිනම් තව ටික කළෙකින් යූඇන්පී ආණ්ඩුව ස්ථාවර වූ පසු අපට සිදු වන්නේ නැවතත් අර නිදහස නැතැයි කියමින් දුක් වන්නටය.
ප්රධාන පක්ෂ දෙක අනෙකාගේ වැරදි මාරුවෙන් මාරුවට පෙන්වමින් වසර හැටහතක් ලංකාව පාලනය කොට තිබේ. ඔවුන් උදා කළ ප්රජාතන්ත්රවාදයක් නැත. අප ලබා ගත යුත්තක් මිස ඔවුන් උදා කර දෙන්නක් නොවේ ප්රජාතන්ත්රවාදය.
 අප මහින්ද විරෝධී නිසා රනිල්වාදී වුවහොත් වන්නේ ඉඟුරු දී ඉඟුරුම හෝ මිරිස් ගත්තා වීමය. (දැන් වෙලාවේ හැටියට නම් රනිල් මහින්දට වඩා සිය ගුණයක් හොඳයි. වැඩේ කියන්නේ සාමන්ය පාලකයෙක්ට වඩා මහින්ද දහස් ගුණයක් නරක වීම. එතකොට රනිල් සිය ගුණයක් අවුල් කියල ගණන් හදාගන්න වෙනවා.)
කොළඹ කේන්ද්රීයව සිටිනා අපට දේශපාලන සංස්කෘතියේ පුංචි පුංචි වෙනස්කම් දකින්නට ලැබුණද කොළඹින් ඈත තවමත් දේශපාලනිකව විශාල වෙනස්කම් පෙනෙන්නට නැත. කුමාර වෙල්ගම මැතිවරණයට ලක්ෂ හත්සීයක් වියදම් කළ බව ප්රසිද්ධියේ කීවේය. එය එජාපයේ සටන් පාඨයක් ලෙස පට්ට ගැසූ මුත් මා දන්නා එජාප හිටපු ඇමතිවරුන් දෙදනෙකුගෙන් එක් අයෙක් දැනට තක්සේරු කර ඇති වියදම ලක්ෂ අටසීයකි. තවකෙකුගේ වියදම ලක්ෂ හයසීය පණහකි.
'කතාව පොලීසිය ගැනය, මා කියන්නට හදන්නේ පහුගිය දිනයක හපුතලේදී සිදුවුණු පුංචි සිදුවීමකි.'
අගෝස්තු පළවෙනිදා රනිල් හපුතලේ රැළියක් සඳහා ආවේය. සංවිධානය බදුල්ලේ හරීන්ගෙනි. ලංකාවේ දේශපාලන රැස්වීම් වලට මිනිසුන් ගෙන ඒමේ ක්රමය බස් ය. මහින්ද මෙන් දුව දුව නොකළත් රනිල්ගේ කට්ටියද බස්වලින් මිනිසුන් ගෙන ඒම දක්නට තිබේ. හපුතලේ රැස්වීමටද බස් පැමිණ තිබුණි.
අප ඒ පැත්තේ ගියේ නිවාඩුවකටය. කොහේ ගියත් මාධ්යවේදී කෑල්ල (පුරවැසි කෑල්ල) සාක්කුවේය. හපුතලේ පැත්තේ මැතිවරණ නීති කැඩීම් අපේ කැමරාවල සටහන් විය. අඩියෙන් අඩිය මැතිවරණ නීති කැඩීම්ය. මහින්දලාගේ කාලයේ නිල්පාට වැරදි දැන් කොළපාටින් පෙනෙන්නට තිබේ. එජාපය සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කරන කොළඹ කේන්ද්රීය සිවිල් ක්රියාකාරීන්ට මේවා පෙනෙන්නේ අඩුවෙනි.
දඹේතැන්නේ සිට අප පැමිණි බස් එක හපුතලේ නවත්වාගෙන ඉන්නා අතරේ හපුතලේ නගරයේ යූඇන්පී කාරයන් පුරවාගත් සීටීබී බස් රථයක් වැහෙන්නට හරීන්ගේ සහ රනිල්ගේ පෝස්ටර් බැනර් එල්ලාගෙන යන ආකාරයද අපේ කැමරාවල සටහන් විය. බසයෙන් බැස සීටීබී බස් එක ළඟට ගොස් ජංගමයෙන්  පොටෝ කිහිපයක්ම ගෙන නැවත බසයට නැඟුණු මාව වටේ පිටේ සිටි අයගේද අවධානයට ලක්විය.
ටිකවේලාවකින් සිවිල් ඇඳගත් පුද්ගලයෙක් අප සිටි බස්රියට ගොඩවිය. 'ඔයා පොඩ්ඩක් බස්එකෙන් බැහැල එන්න.' නියෝගය මටය.
'ඔබතුමා කවුද? මොකටද මම බහින්න ඕන?'
'මම සීඅයිඩී එකෙන්, පොඩ්ඩක් ප්රශ්ණ කරන්න ඕන. ෆෝන් එකත් අරගෙන බහින්න.'
මට කාරණය පැහැදිලි විය. මේ රනිල්ගේ බුද්ධි අංශ ඔත්තුකරුවන්ය. බස්වල ෆොටෝ ගන්නා කොල්ලාට කතා කරන්නේ සද්දයක් දමා බයගන්වා ෆොටෝ ටික ඩිලීට් කරවා ගැනීමටය. අනිවාර්යයෙන්ම මේ නිලධාරියාව එවන්නට ඇත්තේ දේශපාලන බලයක් තිබෙන කෙනෙක් විසින්ය. සාමාන්ය තරුණයෙක් නම් මේ නිලධාරියාට අවනත වෙන්නට සිදුවනු ඇත. ආරක්ෂක අංශ එක්ක හැප්පෙන්නට බැරිය.
"මහත්තයෝ ඔයා නෙවෙයි පොලිස්පති ඇවිත් කිව්වත් මම මෙතනින් බහින්නේ නැහැ. මේ ෆෝන් එකේ ෆොටෝ තියෙනවා. අනිවාර්යයෙන්ම ඒවා මාධ්ය වලට, මැතිවරණ කොමසාරිස්ට යනවා, ඔයාට මොනවත් කරන්න ලැබෙන්නේ නැහැ. කරුණාකරලා මාව බස්සන්න ට්රයි කරන්නෙ නැතිව යන්න. නැත්නම් අමාරුවේ වැටෙන්න වෙන්නේ මට නෙවෙයි ඔයාට."
සීඅයිඩී මහත්මයාට ලැබුණු අනපේක්ෂිත උත්තරයක් මා සමඟ සිටි අනෙක් මාධ්ය මිතුරා අපේ අනන්යතාවය පැවසීමත් නිසා මගේ දුරකථන අංකය පමණක් ලියාගෙන එම නිලධාරියාට පසුබසින්නට සිදුවිය. ඉන්පසුව අපේ දේශනයකට සවන් දීමටද ඔහුට සිදුවිය.
පසුව සවස් වරුවේ මට දුරකථන ඇමතුමක් ගත් එම නිලධාරියා සිද්ධියට සමාව ඉල්ලමින් තමන්ගේ රැකියාවට හානියක් වන දෙයක් නොකරන මෙන් මගෙන් බැගෑපත්ව ඉල්ලීය. තමාව එව්වේ දේශපාලඥයෙක් විසින් බවද පැවසීය.
"පුතා ඔයාලා ඔයාලගේ ස්වාධීනත්වය ගැන කතා කරනවා, අපි තාමත් හිරවෙලා ඉන්නේ. ඔයාල දේශන දෙන්නෙත් අපට. මගේ නමත් එක්ක ඔය කතාව ගියොත් ආණ්ඩුව පැත්තෙන් තැලෙන්නෙත් අපි. අපි හැම පැත්තෙන්ම තැලෙනවා".
රනිල්ගේ ආණ්ඩුව ඉතා ලජ්ජා සහගත ලෙස හපුතලේදී පොලීසිය දේශපාලන අවශ්යතා වෙනුවෙන් යොදාගෙන තිබේ. අපි රනිල්ලාට තදින්ම කිව යුත්තේ මෙයයි.
'යහපාලනය මාස හයෙන් උදා කළා කියලා පංපෝරි ගැහුවට ඔහේට අගමැතිකම අරන් දුන්නෙත් මේ රටේ පුරවැසියෝ. ඔයාල අපට දෙන බම්බුවක් නැති බව දන්නව. ඔහේල අපේ සේවකයෝ, වැඩ හරියට කළේ නැත්නම් මහින්දව වගේ ඔහේවත් අපි අස් කරනවා.'

23 comments:

  1. "අඩෝ රනිල" මේ ආමන්ත්‍රණය අශීලාචාරී නැතිද?.......මේ තමයි වල්බූරු නිදහස.

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ්, උඩුවා ඔතන රනිල කියන්න ඇත්තේ පැරණි සාහිත්‍යයේ එන විදිහට එම්බා දරුව කියනවා වගේ. නැද්ද උඩු?

      Delete
    2. ඇත්ත ඇත්ත විචාරක

      Delete
  2. අනිව.. ඒක රනිල් දුන්න නිදහසක් නෙවෙයි... පුරවැසියන් ලබාගත්ත නිදහසක්

    ReplyDelete
  3. පුරවැසියන් අසීරුවෙන් ලබාගත්තේ රටේ අගමැතිට "අඩෝ" යනුවෙන් ඇමතීමට හැකි නිදහසක් නොව ඊට වඩා සදාචාරවත්,බුද්ධිමත් අයුරෙන් අත්විඳිය යුතු නිදහසකි.අද දිනයේ වත් ඔබට මහින්ද රාජපක්ෂට "අඩෝ මහින්ද" යයි ඇමතීමට හැකියි කියා මා සිතන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. මම ජනාධිපතිවරනයට කලින් බ්ලොග් අඩවියක් පටන්ගෙන නොතිබුණත් මහින්දට ගෝඨාට නාමල්ට මේ වගේම අමතමින් සටහන් ලියා තියෙනවා..... ෆේස්බුක්හි සහ වෙනත් තැන්වල

      Delete
  4. තෝ වගේ ගොන් හුකන්නෙක්.....මහින්දයගෙ කාලෙ කඩේ ගිය හුකන්නල....තොපේ අම්මලට හුකන්න ඕන,,,,,ගොන් කැ රියන්ගේ....තුක්....

    ReplyDelete
    Replies
    1. මේ මොකෙක්ද මේ කුණුහරප කියන්නෙ.
      දැනගන්නව හැමෝම ඔහේ වාගෙ බත්බැලයො නෙමෙයි.
      මාධ්‍යවේදීන් නැත්නම් අපි භුක්ති විදින කිසිම නිදහසක් ලැබෙන්නෙ නෑ.
      කාලයේ වැලිතලාවෙන් වැලලිලා යන්න ගිය බොහෝ දේවල් හෙළිකලේ මාධවේදීන්.
      ඒ විතරක් නෙවෙයි කාටහෝ අසරණයෙකුට පීඩාවක් වුනහම කලුගලේ ඔළුව හප්පගන්න බෑ කියල දත්මිටිකන විකල්පය පමණක් ඉතිරිවූ පීඩිතයන් වෙනුවෙන් ඉස්සරවෙලාම ඉදිරිපත්වෙන්නෙ මාධ්‍යවේදියො.
      ඔහේ වගෙ දේශපාලකයන්ගෙ කටු කන බල්ලෙ නෙවෙයි මාධ්‍යවේදිය කියන්නෙ.
      උඩුවරාගෙදර මහින්ද වෙනුවෙන් කඩේ ගිය කීන්ක් නෙවෙයි.
      මේ වගෙ ස්වාධීන අදහස් බත්බැලයන්ට දිරවන්නෙ නැති බව අපි දන්නව

      කෙන්ජි බලනව තමුසෙ කට ඇරියොත් කියන්නෙ කුණුහරපනෙ
      මොකක් හරි අසනීපයක්ද
      මනෝ වෛද්‍යවරයෙක් හම්බවෙන්න තවම ප්‍රමාද නෑ.

      Delete
  5. තෝ වගේ ගොන් හුකන්නෙක්.....මහින්දයගෙ කාලෙ කඩේ ගිය හුකන්නල....තොපේ අම්මලට හුකන්න ඕන,,,,,ගොන් කැ රියන්ගේ....තුක්....

    ReplyDelete
    Replies
    1. ලොකු මහත්තයෝ මහින්දගේ අන්තිම කාලයේ මම කරළියට ආවේ... මට ලැබුනු ඉඩකඩේ මම කඩේ ගියාද නැද්ද කියලා දන්නෝ දන්නවා.

      Delete
    2. මේ පිස්සු ගොන් කැරියට ලොකු මහත්තය කියන්න එපා බන්

      Delete
  6. කාරිය කෙරෙන තෙක් කාගෙත් රැවටිල්ල කියනවානේ.
    ඔවුන් කවුරුත් එකයි.
    ජේවීපී එකට මුළු රටේම බලය ගිය දාට තමයි තත්වය දරුණුම වෙන්නේ!

    ReplyDelete
    Replies
    1. ජේ වී පී එකට සම්පූර්ණ බලය ගිය දාට වෙන විනාශය වචන වලින් නම් ප්‍රමාණ කළ නොහැකියි. අපි 48 නෙමේ 1933 සිට ලබාගත් සියළුම මානව හිමිකම් අහෝසි වෙලා වහල්ලුම වෙනවා. ඇත්තටම ජේවීපී නොවන ශිෂ්ට තුන්වැනි බලවේගයක් හදාගන්න ජනතාවට බැරිද

      Delete
    2. බය වෙන්න දෙයක් නැහැ.කවදාවත් ජවිපෙට මේ රටේ ආණ්ඩු බලයක් ලැබෙන්නේ නැහැ.වැඩිම වුනොත් ප්‍රධන විපක්‍ෂය වේවි.

      Delete
  7. කෙන්ජි ගොනෝ!ජපානේ ඉඳන් තප්පු ලන්න එපා.මහින්දට කඩේ යාමක් මෙතන නැහැ.රටේ අගමැතිට "අඩෝ"කියනවට වැඩිය මාධ්‍ය වේදියෙකුට කරන්න කියන්න වැදගත් වැඩ ඕනෑතරම් තියනවා කියන්නයි මේ වචන දෙකතුන ලීවේ.ඔහේ නිකම් වලිගේ පාගාගෙන දගලනවා.පසුගිය අවුරුදු 10 රටේ තිබුණු වියරුව නොදන්න හරකෙක් නෙවෙයි මම.

    ReplyDelete
  8. වචන වලින් එහාට ගිය "යහාපලනයක් රනිල්ගෙන් බලාපොරොත්තු වෙන්න බැරි බව ක්‍රියාවෙන් පෙන්නුවේ ජෝන්.හරින් කියන්නෙත් ඩුප්ලිකේට් මහින්ද කෙනෙක්.ජනතාව ප්‍රතික්‍ෂේප කරපු මිනිහා නැතිනම් කොහොමද ඌවේ මහා ඇමති වෙන්නේ?

    ReplyDelete
  9. මේ විදිහට දෙස්පලුවන් නිරුවත් කිරීම තුලින් ඔවුන් දේශපාලනයෙන් අතුගා දැමීම හෝ, නිවැරදි මගට ගැනීම නොකඩවා සිදුවියයුතු ක්‍රියාදාමයක්.

    ReplyDelete
  10. කෙලින් කතාවට මගේ ආචාරය.

    ReplyDelete
  11. මේ වගේම එකක් මමත් ලිව්වා. රාජ් යොමුව දාල තිබ්බ.
    http://nelumyaya.com/?p=3944
    http://kolambagamaya.blogspot.co.uk/2015/08/blog-post_8.html

    ReplyDelete
  12. අපේ සිංහලබල්ලෝ වගේ නෙමෙයි දෙමෙල්ලු හරී හොඳයි

    ReplyDelete
    Replies
    1. මෙතැනට සිංහල දෙමළ කතාවක් අදාල නැහැනේ

      Delete